න්‍යෂ්ටික විලයනය
From Wikipedia, the free encyclopedia
පරමාණුක න්‍යෂ්ටි දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් විලයනය වෙමින් තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික විලයනය (ඉංග්‍රීසි: Nuclear fusion) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, සහ තාරකා භෞතික විද්‍යාව යන ක්ෂේත්රයන්හි දී හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් සිදු වන අතර, ඊට අනුරූපව විශාල ශක්තියක් මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය.
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය (නියුක්ලියෝනයකට ඇති විශාලම න්‍යෂ්ටික බන්ධන ශක්තියක් ඇති) යකඩ න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ.
න්‍යෂ්ටික භෞතික විද්‍යාව (nuclear physics) හෝ පරමාණුක භෞතික විද්‍යාව (atomic physics) පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |