![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/NuclearReaction.svg/langsi-640px-NuclearReaction.svg.png&w=640&q=50)
න්‍යෂ්ටික භෞතික විද්‍යාව
From Wikipedia, the free encyclopedia
පරමාණුක න්‍යෂ්ටීන් හි මූලික තැනුම් ඒකක සහ ඒවා අතර ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන භෞතික විද්‍යාවට අයත් උප විෂයය න්‍යෂ්ටික භෞතික විද්‍යාව නම් වෙයි. න්‍යෂ්ටික භෞතික විද්‍යාව, පරමාණුක භෞතික විද්‍යාව සමඟ පටලවා නො ගත යුතුය: පරමාණුක භෞතික විද්‍යාවේදී සිදු වන්නේ සම්පූර්ණ පරමාණුව (ඉලෙක්ට්‍රෝන ද සමඟ) අධ්‍යයනය කිරීමයි.
න්‍යෂ්ටික ශක්තිජනනය සහ න්‍යෂ්ටික අවි සෑදීම වෙනුවෙන් යොදා ගැනීම නිසා මෙම විෂයය වඩාත් ප්‍රචලිත වී ඇත. එහෙත් මෙම ක්ෂේත්රයෙහි යෙදීම් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, චුම්භක අනුනාද ප්රතිරූපණය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, කාබන් කාල නිර්ණය, භූවේදය, සහ පුරා විද්‍යාව වැනි ක්ෂේත්‍ර වල භාවිතා වේ.
අංශු භෞතික විද්‍යාව, න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙන් පරිණාමය වූවකි. මේ විෂයන් ද්වය බොහෝ සමීප ය.