From Wikipedia, the free encyclopedia
දීපිකා කාකාර් (උපත 6 අගෝස්තු 1986)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි.[5] ඇය ජනයා අතර ප්‍රචලිත වූයේ සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ්ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[3] කාකාර් ජලක් දිඛ්ලා ජා තරගාවලියේ 8වන වාරය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී විය. වර්තමානය වන විට ඇය ෂෝආයිබ් ඊබ්‍රහිම් සමග නාච් බලියේ 8 රියැලිටි වැඩසටහනේ තරග වදිමින් සිටින්නී ය.
දීපිකා කාකාර් | |
---|---|
උපත | 6 අගෝස්තු 1986 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2010 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | සසුරාල් සිමර් කා[3] |
කලත්‍රයා(යන්) |
|
සහකරුවා(වන්) | ෂොආයිබ් ඊබ්‍රහිම් (2015-වර්තමානය) |
කාකාර් සිය රූපවාහිනී රංගන වෘත්තිය ආරම්භ කළේ 2010 වර්ෂයේ දී ඉමැජින් ටීවී නාළිකාවේ මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවක් වූ නීර් භාරේ තෙරේ නේනා දේවි කතාමාලාවේ ලක්ෂ්මී චරිතය නිරූපණය කරමිනි.[6] ඉන් අනතුරුව, ඇය සී ටීවී නාළිකාවෙන් විකාශය වූ අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ රූපවාහිනී කතාමාලාවේ රේඛාගේ චරිතය නිරූපණය කළා ය.[7] 2001 සිට ඇය කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වන සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ් චරිතය නිරූපණය කරන්නී ය.[8] ජලක් දිඛ්ලා ජා 8වන වාරය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී වූ ඇය සති දෙකක් තරගයේ රැඳී සිටීමට සමත් වූවා ය. අනතුරුව ඇය තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. එම වැඩසටහනෙන් ඉවත් වූ පළමු තරගකාරිණිය ද ඇයයි. 2017දී දීපිකා සසුරාල් සිමර් කා කතාමාලාවෙන් ද ඉවත් වූවා ය.
සසුරාල් සිමර් කා කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ් ලෙස ඇය ලද ජනප්‍රියත්වය නිසා ඇය කලර්ස් ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලා කිහිපයකම හරස් මාරු කථාංග සඳහා දායක කරගැනිණි. මේ අතරට කයිරි - රිෂ්තා ඛට්ටා මීතා (2012), බේන්තේහා (2014), ශාස්ත්‍රි සිස්ටර්ස් (2015), ස්වරාගිනි - ජෝදෙයින් රිෂ්තොන් කේ සුර් (2015, 2016) සහ බාලිකා වධු (2016) යන කතාමාලා අයත් වේ. 2014දී ඇය කලර්ස් ටීවී නාළිකාවේ රියැලිටි වැඩසටහනක් වූ ජලක් දිඛ්ලා ජා 7 සඳහා ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ඇගේ සම-ප්‍රධාන නළු ධීරාජ් ධූපර් සමග ය. 2015දී කාකාර් කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහනට ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ජලක් වැඩසටහන ප්‍රවර්ධනය කිරීම පිණිසයි.
2013දී කාකාර් රෞනක් සැම්සන් සමග විවාහ වූවා ය. කෙසේනමුත් විවාහයෙන් වසර දෙකකට පසු 2015 ජනවාරි මස ඔවුහු දික්කසාද වූහ.[4] මේ වන විට ඇය 2011-2013 කාලය සිට සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ ඇගේ සම-ප්‍රධාන නළුවා වූ ෂොආයිබ් ඊබ්‍රහිම් සමග ප්‍රේම සම්බන්ධයක නියැළෙමින් සිටින්නී ය. ඔවුන්ගේ ප්‍රේමය සම්බන්ධය වසර දෙකක් පැරණි ය.[9]
වර්ෂ(ය) | තේමාව | චරිතය | නාළිකාව | සටහන් |
---|---|---|---|---|
2010 | නීර් භාරේ තෙරේ නේනා දේවි | ලක්ෂ්මී | ඉමැජින් ටීවී | ආරම්භක වැඩසටහනයි[10] |
2010-2011 | අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ | රේඛා | සී ටීවී | ලලිගේ සොයුරිය |
2011–2017 | සසුරාල් සිමර් කා[11] | සිමාර් ප්‍රේම් භාරද්වාජ්/ සිමාර් ජම්නාලාල් ද්වීවේදි/ සිමාර් සිද්ධාන්ත් භාරද්වාජ්/ සිමාර් වික්‍රාන්ත් මෙහ්තා/ සුනෛනා වික්‍රාන්ත් මෙහ්රා (ව්‍යාජ)/ පද්මාවතී/ පාඨලී දේවී/ ඝූන්ඝාත් වාලි/ මක්ඛි/ සාරා සේගාල් (ව්‍යාජ) | කලර්ස් ටීවී | ප්‍රධාන චරිතය[12] |
2012 | කයිරි - රිෂ්තා ඛට්ටා මීතා | සිමාර් ප්‍රේම් භාරද්වාජ් | කලර්ස් ටීවී | සතියක් දිගැති හරස් මාරු කථාංගවල |
2014 | බේන්තේහා | සිමාර් ප්‍රේම් භාරද්වාජ් | කලර්ස් ටීවී | අතිරේක විශේෂ කථාංගයක ආලියාගේ මිතුරිය ලෙස |
2015 | ශාස්ත්‍රි සිස්ටර්ස් | සිමාර් ප්‍රේම් භාරද්වාජ් | කලර්ස් ටීවී | හෝලි විශේෂ හරස්මාරු කථාංගය |
2014 | ජලක් දිඛ්ලා ජා 7 | ආරාධිත | කලර්ස් ටීවී | සම-ප්‍රධාන නළු ධීරාජ් ධූපර් සමග |
2015 | කොමඩි නයිට්ස් විත් කපිල් | ආරාධිත (ජලක් ප්‍රවර්ධනය කිරීමට) | කලර්ස් ටීවී | සම-තරගකාරිණියන් වන සනායා ඉරානි, රාධිකා මදන්, විවියන් ඩ්සේනා, ශාමිතා ෂෙට්ටි, කවිතා කෞෂික් සමග |
2015 | ජලක් දිඛ්ලා ජා 8 | සහභාගීත්වය | කලර්ස් ටීවී | 2වන සතියේ දී (2015 ජූලි 26) ඉවත් විය.[13] |
2015, 2016 | ස්වරාගිනි - ජෝදෙයින් රිෂ්තොන් කේ සුර් | සිමාර් ප්‍රේම් භාරද්වාජ් | කලර්ස් ටීවී | හරස්මාරු කථාංග 6ක |
2016 | බාලිකා වධු | සිමාර් ප්‍රේම් භාරද්වාජ් | කලර්ස් ටීවී | හරස්මාරු කථාංගයක |
2017 | නාච් බලියේ | ඇය ලෙසම | ස්ටාර් ප්ලස් | තරගකාරිණියකි |
2017 | කොයි ලෞත් කේ ආයා හේ | ඇය ලෙසම | ස්ටාර් ප්ලස් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.