From Wikipedia, the free encyclopedia
බාලිකා වධු (අර්ථය: ළමා මනාලිය, ළමා විවාහය) යනු කලර්ස් ටීවී නාලිකාව විසින් විකාශය කරන ලද ඉන්දියානු සෝප් ඔපෙරාවකි. එය කලර්ස් නාලිකාව ඔස්සේ 2008 ජූලි 21 සිට එහි අවසන් කථාංගය දක්වා 2016 ජූලි 31 තෙක් වසර 8ක් පුරාවට ඉන්දියාව තුළ විකාශය විය. මෙමගින් රාජස්ථානයේ දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ළමා මනාලියකගේ ජීවන චාරිකාව නිරූපණය වේ. මෙහි පළමු වාරය මගින් ළමා වියේදී විවාහ කර දෙනු ලැබූ ආනන්දි සහ ජග්දිෂ්ගේ ජීවිතය නිරූපණය වේ. දෙවන වාරය මගින් ආනන්දිගේ දියණිය වන ළමා මනාලියක වූ වෛද්‍ය නන්දිනිගේ ජීවිතය නිරූපණය වේ. බාලිකා වධු කතාමාලාව මගින් ළමාවියේ දී සම්ප්රදායයට මුවා වී, බලෙන් විවාහ කර දෙනු ලැබූ දරුවන්ගේ ජීවන ඛේදවාචකය නිරූපණය කරමින් ඔවුන්ගේ දිවියේ සෙසු කාලය ගෙවෙන අයුරු ආවර්ජනය කරයි.[2]
මෙලෙසද හැඳින්වේ | බාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ බාලිකා වධු – ලම්හේ ප්යාර් කේ |
---|---|
ප්‍රභේදය | ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය රසවින්දනය |
තැනුවේ | ස්ෆියර්ඔරිජින්ස් මල්ටිවිෂන් ප්‍රයිවට් ලිමිටඩ් |
රචනය කලේ | පුර්නෙන්දු ෂේඛර් ගජ්රා කොට්ටාරි රාජේශ් දුබේ ඌෂා ඩික්සිත් රඝුවීර් ෂෙඛාවත් |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් සෙන්ගුප්තා ප්‍රදීප් යාදව් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි ඉංග්‍රීසි රාජස්ථානි |
කථාවාර සංඛ්‍යාව | 3 |
කථාංග ගණන | 2245[1] |
විධායකනිෂ්පාදක(යෝ) | ෂකීර් ෂෙයික් සචින් චාවන් ෆසුවල් ඛාන් |
නිෂ්පාදක(යෝ) | සන්ජෝයි වාධ්වා කෝමල් සන්ජෝයි ඩබ්. |
සංස්කාරක(යන්) | සන්තෝෂ් සිං ජනක් චව්හාන් |
ස්ථානය(න්) | ජායිත්සාර් උදයපූර් |
සිනෙමාරූපණය | සන්ජේ කේ. මෙමේන් අනිල් කේත්කේ |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 20 |
නිෂ්පාදන සමාගම | ස්ෆියර් ඔරිජින්ස් මල්ටිවිෂන් ප්‍රයිවේට් ලිමිටඩ් |
මුල් නාලිකාව | Colors TV, Raj TV, Antv |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 21 ජූලි 2008 ජූලි 2016 | – 31
වෙබ් අඩවිය |
මෙය කථාංග 2000 පසුකළ ඉන්දියාවේ පළමු ප්‍රබන්ධය ලෙස සැලකෙයි.[3]
මෙම කතාමාලව කතා වාර දෙකකින් සමන්විත වන අතර, ඒවා බාලිකා වධු – කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ (අරුත: ළමා මනාලිය — ළාබාල වියේ දැඩි සබඳතා, ළමා විවාහය — ළසා වියේ දැඩි සබඳතා) සහ බාලිකා වධු — ලම්හේ ප්යාර් කේ (අරුත: ළමා මනාලිය — ප්‍රේමයේ නිමේෂයන්, ළමා විවාහය — ප්‍රේමයේ නිමේෂයන්).[4]
බාලිකා වධු කතාමාලාව මීට අමතරව, තෙලිඟු බසින් හඬකවා “චින්නරි පෙල්ලිකුතුරු” තේමාව යටතේ MAA TV නාලිකාව ඔස්සේ ද, දෙමළ බසින් හඬකවා “මන් වාසනෛ” යනුවෙන් රාජ් ටීවී නාලිකාව ඔස්සේ ද සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 7.30ට විකාශය කරන ලදී.
වාරය | කථාංග සංඛ්‍යාව | මුල් විකාශනය (ඉන්දියාව) | |
---|---|---|---|
විකාශය ඇරඹීම | විකාශය අවසන් වීම | ||
1 | 2165 | 21 ජූලි 2008 | 22 අප්‍රේල් 2016 |
2 | 80 | 25 අප්‍රේල් 2016 | 31 ජූලි 2016 |
බාලිකා වධු - කච්චි උමාර් කේ පක්කේ රිෂ්තේ කතාමාලාව තුළින් ළමා වියේදී විවාහ කරදෙනු ලැබූ ආනන්දි සහ ජග්දිෂ්ගේ ජීවන චාරිකාව නිරූපණය වේ. අට වියැති දැරියක වන ආනන්දි නාඳුනන පවුලක් සමග සම්බන්ධ වී සිය ළමාවිය තුළදීම මිතුරියක, පෙම්වතියක, බිරියක සහ ලේලියක ලෙස සිය දිවිය ගෙවන අයුරු නිරූපිත ය. වයසින් වැඩෙන විට ආනන්දි ජග්දිෂ්ට ප්‍රේම කරයි. අනෙක් පසින් ජග්දිෂ් සිය කොලීජියේ මිතුරියක වන ගෞරිට ප්‍රේම කරයි. ආනන්දිව දික්කසාද කරන ඔහු ගෞරි සමග විවාහ වෙයි. නමුත් දැඩිව ළමා විවාහ සම්ප්රදාය අනුගමනය කරන ජග්දිෂ්ගේ පවුල ගෞරි සමග ජග්දිෂ්ගේ විවාහය ප්‍රතික්ෂේප කරයි. සිය ඥාතීන්ගේ ප්රතික්ෂේපය හමුවේ පලිගැනීමේ චේතනාවෙන් පෙළෙන ගෞරි සිය විවාහ දිවියේ ගැටුම් ඇතිකර ගනියි. අනෙක් අතින් ලෝකය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන ආනන්දිට නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. එහිදී ඇයට දිස්ත්‍රික් අයකැමි ෂිව්රාජ් ෂේඛර් හමුවෙයි. ජග්චිෂ්ගේ පවුල ඇයව ඔහුට විවාහ කරදීමට අදහස් කරයි. සිය වරද වටහාගන්නා ජග්දිෂ් ගෞරිව සික්කසාද කරයි. ඔහු නැවත සිය පවුල සහ ආනන්දි සොයා එයි. නමුත් නැවත පැමිණෙන විට, ආනන්දි සහ ෂිව්රාජ්ගේ විවාහය පිළිබඳ අසා ඔහු තිගැස්මට පත් වෙයි. ෂිව්රාජ් සමග විවාහ වූ පසු, ආනන්දි ජග්දිෂ්ට සමාව ලබා දෙන අතර, ඔවුහු මිතුරන් ලෙස ආශ්‍රය කරති. මඳකලකට පසුව, ජග්දිෂ්ට ළමා විවාහ රකුසාට බිලි වී, ඥාතීන්ගේ ගෘහස්ථ හිංසනයට ලක් වූ ගංගා නැමැති දැරියක හමුවෙයි. ඇයට ඇගේ ඥාතීන්ගෙන් නිදහස් වීමට ජග්දිෂ් උපකාර කරන අතර, ඇගේ සිහිනය වූ හෙදියක වීමට ඔහු ඇයට උපකාර කරයි. අනතුරුව ඇය කෙරෙහි හටගැනෙන ප්‍රේමය වටහාගන්නා ඔහු ඇයව විවාහ කරගනියි. ඔහු ඇයගේ පුත් මහේන්ද්‍ර සිය දරුවකු ලෙස හදාවඩා ගන්නා අතර, ඔවුනට අභිමන්යු යනුවෙන් දරුවකු බිහිවෙයි. මේ අතර ආනන්දි සහ ෂිව්රාජ් අනාථ දරුවකු ඔවුන්ගේම දරුවකු ලෙස හදාවඩා ගනිති. සතුටුදායක වර්ෂ දෙකකට පසු උදයපූර් නගරය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බේරාගැනීමට තැත්කිරීමේදී ෂිව්රාජ් මියයයි. ඉන් මඳකලකට පසු ආනන්දි, ෂිවම් සහ නන්දිනි නම් වූ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනාට උපත ලබා දෙයි. ජග්දිෂ්ගේ උපකාර ඇතිව වැඩිදුර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්නා ගංගා ද වෛද්‍යවරියක බවට පත් වෙයි. අඛිරාජ් සිං නැමැති මිනිසකු විසින් නන්දිනිව පැහැරගනු ලබන අතර, පසුව ඔහු ඇයව සිය පුත්‍රයා වන කුන්දන්ට විවාහ කර දෙයි. වසර දොළහක සෙවීමකින් පසු, ඇයව සොයාගන්නා ජග්දිෂ් ඇයව ඇගේ මවට භාරකරයි. ආනන්දි සහ ජග්දිෂ් එක්ව අඛිරාජ්ව සිරගත කරනු ලබන අතර, ආනන්දිගෙන් පලිගැනීමේ අපේක්ෂාවෙන් අඛිරාජ් සිරභාරයෙන් පලායයි. ආනන්දි සහ ජග්දිෂ්ගේ කථාව අවසන් වන්නේ අඛිරාජ්ගේ වෙඩි තැබීමකින් ආනන්දි මියයාමත් සමගයි. ආනන්දිට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින් ජග්දිෂ් අඛිරාජ්ට වෙඩි තබයි. ආනන්දිගේ මරණින් පසු ඇගේ දියණියගේ කථාපුවත ඊළඟ කථා වාරයෙන් නිරූපණය වේ.
බාලිකා වධු - ලම්හේ ප්යාර් කේ කතාමාලාව මගින් ආනන්දිගේ මරණින් පසු ඇගේ දියණිය වන වෛද්‍ය නන්දිනිගේ ජීවන චාරිකාව නිරූපණය වේ. සිදුවීම් මාලාවකින් පසු ඇය සහ ඇගේ සොහොයුරු ෂිවම් අතර විරසක ඇති වේ. අවසානයේ ඇයව ෂෙඛාවත් මහතා විසින් හදාගනු ලැබෙන අතර, ඇගේ සිහිනය සැබෑ කරමින් වසර පහළොවකට පසු ඇයට වෛද්‍යවරියක වීමට ඔහු ඇයට උපකාර කරයි. රාජස්ථානයේ සෑම කොනකම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇරඹීමට නන්දිනී සිය මියගිය මවට පොරොන්දු වෙයි. ඇයට එය ආනන්දි අනුස්මරණ මධ්‍යස්ථානයක් ලෙස නම්කිරීමට අවශ්‍ය වේ. ඇයට මේ සඳහා සිය උපදේශකයා වන, ඇය කෙරෙහි සෙනෙහස දැක් වූ වෛද්‍ය අමිත් නරේශ් ගොයෙල්ගේ සහාය නොමඳව හිමි වේ. නන්දිනිට ඇගේ හදවත දිනාගැනීමට උත්සාහ දැරූ ක්‍රිෂ් නැමැති තරුණයකු හමු වේ. පසුව නන්දිනි ක්‍රිෂ් (කරුණාගේ පුත්‍රයා) සමග විවාහ වේ. නමුත් පුදුමයට කරුණ නම් ක්‍රිෂ්ගේ සුළුපියා යනු නන්දිනිගේ අනියම් සැමියා (නීත්‍යානුකූල නොවන සැමියා) වූ කුන්දන් වීමයි. ඔහුට සියා පියාගේ මරණය වෙනුවෙන් නන්දිනිගෙන් පලිගැනීමට අවශ්‍ය විය. අවසානයේ සෑමදෙනාම මේ රැවටිල්ල පිළිබඳ දැනගනිති.
මෙම කතාමාලාවේ දෙමළ බසින් හඬකැවූ සංස්කරණයක් මන් වාසනෛ යනුවෙන් රාජ් ටීවී නාළිකාව ඔස්සේ ප.ව. 7.30ට සෑම සඳුදා සිට සෙනසුරාදා තෙක් දිනවල විකාශය වේ.
එසේම මෙම කතාමාලාව තෙලිඟු බසින් හඬකවා චින්නරි පෙල්ලිකුතුරු යන තේමාව ඔස්සේ MAA TV නාළිකාව මගින් සෑම සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල ප.ව. 7.00ට විකාශය කෙරේ.
ජයග්රහණයන්
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | සම්මානලාභි(න්) |
---|---|---|---|
2008 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම මාලානාට්‍යය (ජූරිය) | ස්ෆියර් ඔරිජින්ස් |
හොඳම අධ්‍යක්ෂක | සිද්ධාර්ත් සේන් ගුප්තා ප්‍රදීප් යාදව් | ||
හොඳම මාලානාට්‍ය නිළිය (ජූරිය) | අවිකා ගෝර් | ||
සහායක චරිතයක හොඳම නිළිය | සාදියා සිද්දිකි | ||
හොඳම නිෂේධාත්මක නිළිය | සුරේඛා සික්රි | ||
හොඳම ළමා කලාශිල්පියා | අවිකා ගෝර් | ||
හොඳම තේමා පථය | ලලිත් සේන් | ||
හොඳම තිරරචනය | පූර්නේන්දු ෂේඛර් රාජේෂ් දුබි ගජ්රා කොතරි | ||
හොඳම දෙබස | රඝුවීර් ෂෙඛාවත් | ||
හොඳම වීඩියෝකරණය | සන්ජේ මේමේන් | ||
2009 | හොඳම මාලානාට්‍යය (ජූරිය) | ස්ෆියර් ඔරිජින්ස් | |
හොඳම අධ්‍යක්ෂක | සිද්ධාර්ත් සේන් ගුප්තා ප්‍රදීප් යාදව් | ||
සහායක චරිතයක හොඳම නිළිය | ස්මිතා බන්සාල් | ||
හොඳම නිෂේධාත්මක නිළිය | සුරේඛා සික්රි | ||
හොඳම ළමා කලාශිල්පියා | අවිකා ගෝර් | ||
හොඳම දෙබස | ඌෂා ඩික්සිත් | ||
හොඳම තිරරචනය | පූර්නේන්දු ෂේඛර් රාජේශ් දුබි ගජ්රා කොතෙරි | ||
හොඳම තේමා පථය | ලලිත් සේන් | ||
හොඳම වීඩියෝකරණය | සන්ජේ මේමේන් අනිල් කාත්කේ | ||
2010 | හොඳම නාට්‍ය නිළිය (ජූරිය) | සුරේඛා සික්රි | |
හොඳම ළමා නිළිය | අවිකා ගෝර් | ||
හොඳම දෙබස | ඌෂා ඩික්සිත් | ||
හොඳම තිරරචනය | රඝුවීර් ෂෙඛාවත් රාජේශ් දුබී ගජ්රා කොතෙරි | ||
හොඳම ඇඳුම් නිර්මාණකරුවා | විනී මල්හෝත්‍රා නීලු ෂ්රොෆ් | ||
2011 | හොඳම නාට්‍ය නිළිය (ජූරිය) | සුරේඛා සික්රි | |
සහායක චරිතයක හොඳම නිළිය | අනුප් සෝනි | ||
2012 | හොඳම තේමා පථය | ලලිත් සේන් | |
හොඳම ඇඳුම් නිර්මාණකරුවා | විනී මල්හෝත්‍රා නීලු ෂ්රොෆ් | ||
හොඳම දෙබස | ඌෂා ඩික්සිත් | ||
හොඳම වීඩියෝකරණය | සන්ජේ මේමේන් | ||
2013 | Gr8! වසරේ රංගන ශිල්පියා | සිද්ධාර්ත් ශුක්ලා | |
2014 | හොඳම නාට්‍ය නිළිය (ජූරිය) | සුරේඛා සික්රි | |
හොඳම කථාව | පූර්නේන්දු ෂේඛර් ගජ්රා කොතෙරි | ||
2015 | විශේෂ සම්භාවනාව | ආසියා කසි, ග්‍රේසි ගෝස්වාමි සිද්ධාර්ත් සේන් ගුප්තා | |
2008 | ඉන්දියන් ටෙල්ලි සම්මාන | හොඳම ළමා රංගනශිල්පියා | අවිකා ගෝර් |
සහායක චරිතයක හොඳම නිළිය | ස්මිතා බන්සාල් | ||
හොඳම නිෂේධාත්මක චරිතයක නිළිය | සුරේඛා සික්රි | ||
හොඳම නැවුම් නවක මුහුණ (කාන්තා) | අවිකා ගෝර් | ||
සමාජ විෂයයක් අරභයා හොඳම වැඩසටහන්කරණය | ස්ෆියර් ඔරිජින්ස් | ||
2009 | හොඳම ජනප්‍රියම මාලානාට්‍යය | ස්ෆියර් ඔරිජින්ස් | |
හොඳම ළමා නළුවා | අවිනාශ් මුඛර්ජී | ||
අවිකා ගෝර් | |||
සහායක චරිතයක හොඳම නළුවා | අනුප් සෝනි | ||
හොඳම තේමා පථය | ලලිත් සේන් | ||
2010 | හොඳම තේමා පථය | ලලිත් සේන් | |
හොඳම මාලානාට්‍ය නිළිය (ජූරිය) | අවිකා ගෝර් | ||
සහායක චරිතයක හොඳම නළුවා (ජූරිය) | අනුප් සෝනි සත්‍යජිත් ෂර්මා | ||
2012 | සහායක චරිතයක හොඳම නළුවා | අනුප් සෝනි | |
සහායක චරිතයක හොඳම නිළිය | සුරේඛා සික්රි | ||
හොඳම මාලානාට්‍යය | ස්ෆියර් ඔරිජින්ස් | ||
2013 | හොඳම නිළිය | සුරේඛා සික්රි | |
2014 | හොඳම කථාව | පූර්නේන්දු ෂේඛර් ගජ්රා කොතෙරි | |
හොඳම සන්තතික රූපවාහිනී වැඩසටහන | ස්ෆියර් ඔරිජින්ස් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.