From Wikipedia, the free encyclopedia
අවිකා සමීර් ගෝර් (උපත 30 ජූනි 1997)[1] යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඇය විසින් ලාබාල ආනන්දි ජග්දීෂ් සිංගේ චරිතය නිරූපණය කරන ලදී.[2] එසේම ඇය සසුරාල් සිමර් කා කතාමාලාවේ ද චරිත නිරූපණයෙන් දායක වී තිබේ. එම කතාමාලාව තුළ ඇය රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් යන චරිතය නිරූපණය කළා ය.[3] ගෝර් ටොලිවුඩ් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් 2013 වර්ෂයේ දී උයියාලා ජම්පාලා චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණා ය.[4] ඇය කන්නඩ සිනමාව වෙත ඇගේ ප්‍රවිෂ්ඨය සටහන් කරමින් අධ්යක්ෂකයකු මෙන්ම නළුවකු ද වන කිෂාන් ශ්‍රීකාන්ත්ගේ Care of Footpath 2 චිත්‍රපටයට 2015 වර්ෂයේ දායක වූවා ය.[5] ගෝර් විසින් ළමා විලාසිතා සන්නාමයක් වන ජිනි ඇන්ඩ් ජොනී සඳහා නිරූපිකාවක වශයෙන් කටයුතු කොට ඇත.[6] ඇගේ මව් භාෂාව වන්නේ ගුජරාති භාෂාවයි.[7]
අවිකා ගෝර් | |
---|---|
උපත | අවිකා සමීර් ගෝර් ජුනි 30, 1997 මුම්බායි, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2008-2016 |
ප්‍රසිද්ධව ඇත්තේ | බාලිකා වධු සසුරාල් සිමර් කා |
ගෝර් හින්දි භාෂා චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇති අතර, 2009දී ඇය රංගනයෙහි යෙදුණු Morning Walk චිත්‍රපටය සිනමා ක්ෂේත්රයේ ඇගේ ආගමනය ලෙස සැලකේ. මෙහි ඇය විසින් ගාර්ගි යන චරිතය නිරූපණය කරන ලදී. 2010දී ඇය පාඨශාලා නැමැති තවත් හින්දි චිත්‍රපටයකට දායක වූවා ය. 2012දී ඇය චරිත නිරූපණයෙහි යෙදුණු තේස් චිත්‍රපටය ද හින්දි චිත්‍රපටයකි. එහි ඇය පියා රයිනා ශෂිකිරා යන චරිතය නිරූපණය කළා ය. 2013 වර්ෂයේ උයියාලා ජම්පාලා චිත්‍රපටයේ උමා දේවි චරිතය නිරූපණය තුළින් ඇය තෙලිඟු සිනමාවට පිවිසියා ය. 2014 දී ඇය ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, 2015දී සිනෙමා චූපිස්තා මාවා නම් තෙලිඟු චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. 2015දීම ඇය තානු නේනු නැමැති තෙලිඟු චිත්‍රපටයේ කීර්ති නැමැති චරිතය නිරූපණය කළා ය. ගෝර් ඇගේ කන්නඩ සිනමා අගමනය සනිටුහන් කරමින් Care of Footpath 2 චිත්‍රපටයේ ගීතාගේ චරිතය නිරූපණය කළා ය. 2016දී ඇය එක්කඩිකි පෝතවු චින්නවාඩා නම් තෙලිඟු චිත්‍රපටයට සිය දායකත්වය සැපයූවා ය. මෙහි ඇය නිරූපණය කළේ ආමලා/අයේෂා නැමැති චරිතයකි.
අවිකා ගෝර් ඇගේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් සම්මාන කිහිපයක්ම දිනා ඇත. බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ ළමා ආනන්දිගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය 2008 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා ශිල්පිණියට හිමි සම්මානය දිනාගත් අතර, හොඳම නිළියට හිමි ජූරියේ විශේෂ සම්මානය ද ඇයට හිමි විය. 2009 සහ 2010 වර්ෂවල ද ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා නිළිය සඳහා වන සම්මානය ඇයට හිමි වූයේ බාලිකා වධුහි ඇය දැක්වූ රංගන කුසලතාව වෙනුවෙනි.
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2008–2010 | බාලිකා වධු | ආනන්දි ජග්දීෂ් සිං |
2011– 2016 / 2013 / 2015 | සසුරාල් සිමර් කා | රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් / ජුම්කි / ශ්රැති වර්මා |
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | ආශ්‍රේය |
---|---|---|---|---|
2009 | Morning Walk | ගාර්ගි | හින්දි | චිත්‍රපට ක්ෂේත්රයට පිවිසීම |
2010 | පාඨශාලා | අවිකා | හින්දි | |
2012 | තේස් | පියා රයිනා ශෂිකිරා | හින්දි | |
2013 | උයියාලා ජම්පාලා | උමා දේවි | තෙලිඟු | තෙලිඟු ක්ෂේත්රයට පිවිසීම |
2014 | ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි | ලක්ෂ්මි | තෙලිඟු | |
2015 | සිනෙමා චූපිස්තා මාවා | පරිනීතා | තෙලිඟු | |
2015 | තානු නේනු | කීර්ති | තෙලිඟු | |
2015 | Care of Footpath 2 | ගීතා | කන්නඩ | කන්නඩ සිනමාව පිවිසීම[5] |
2016 | එක්කාඩිකි පෝතවු චින්නවාඩා | ආමලා/අයේෂා | තෙලිඟු | |
2015 | මාන්ජා | කීර්ති | තෙලිඟු |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2008 | 8වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම ළමා කලාකරුවා | බාලිකා වධු | දිනාගති[8][9] |
හොඳම නිළිය - නාට්‍ය (ජූරියේ) | ||||
2009 | 12වන රජීව් ගාන්ධි ජාතික සම්මාන | ළමා අරුමය | දිනාගති[10][11] | |
9වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම ළමා කලාකරුවා | දිනාගති[12] | ||
2010 | 10වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | දිනාගති[13][14] | ||
2014 | 2වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන | හොඳම කෝඩුකාරිණිය - තෙලිඟු | උයියාලා ජම්පාලා | දිනාගති |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.