ද්වාරය:උතුරු ඇමෙරිකාව
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2024 අප්‍රේල්)
|
හැඳින්වීම
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
තෝරාගත් ලිපි
- Image 1
ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.
භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්රංශයයි. එසේම, රුසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතුකොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරු ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට උතුරු ඇමෙරිකාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව