ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ෂර්ලොක් හෝම්ස් ආපසු පැමිණේ / From Wikipedia, the free encyclopedia
ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් යනු 1903-1904 අතර කාලයේ ආතර් කොනන් ඩොයිල් විසින් ප්‍රකාශයට පත්කළ ෂර්ලොක් හෝම්ස් කථා 13ක එකතුවකි. මෙම කථා මහා බ්‍රිතාන්‍යයේ ස්ට්‍රෑන්ඩ් මැගසින් සහ එක්සත් ජනපදයේ කොලියර්'ස් හි ප්‍රකාශයට පත්කෙරිණි.[2] ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා කිරීමට ප්‍රධානතම හේතුව වූයේ ජනතාවගේ ඉල්ලීම් නිසා ය.මහාචාර්ය මොරියාටි සමග ඇතිවන පොරයකින්'(මෙය අවසන් ගැටලුව කතාන්තරයේ ඇත)' ෂර්ලොක් හෝම්ස්ගේ මරණය සිදු වීමත් සමඟ පාඨකයන් නොසන්සුන් විය.සර් ආතර් කොනන් ඩොයිල් මහතාට බැන වදිමින් ලියුම් ලියා එවන්නට විය. අවසානයේ සර් ආතර් කොනින් ඩොයිල් මහතාට ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන්'(ෂර්ලොක් හෝම්ස්ගේ සුසානය- මොරියාටි සමග ඇතිවූ සටනෙදී මොරියාටි සමග ෂර්ලොක් හෝම්ස් දිය ඇල්ලෙන් පහළට වැටී මරණයට පත්විය)'නැගිට්ටීමට සිදුවිය. ඒ අනුව ද රිටර්න් ඔ ෂර්ලොක් හෝම්ස් රචනා විය.
ගොනුව:TheReturnOfSherlockHolmes.jpg පළමු සංස්කරණය (එජ) | |
කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
---|---|
සන්නිදර්ශක | සිඩ්නි පැජට් |
රට | එක්සත් රාජධානිය |
භාෂාව | ඉංග්‍රීසි |
මාලාව | ෂර්ලොක් හෝම්ස් |
ප්‍රභේදය | රහස් පරීක්ෂක ප්‍රබන්ධ කෙටි කථා |
ප්‍රකාශකයා | ජෝර්ජ් නිව්නිස් |
ප්‍රකාශිත දිනය | 1905[1] |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත (ඝන කවරය) |
පිටු | පිටු 403 |
පුර්වගමනය වන්නේ | ද හවුන්ඩ් ඔෆ් ද බැස්කර්විල්ස් |
අනුගත වන්නේ | ද වැලී ඔෆ් ෆියර් |