ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදීය. හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් හා ස්ටෝනිහර්ස්ට් විද්‍යාලවල මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේය. ඔහුගේ පළමු ප්‍රකාශිත කතාව පලවන්නේ චේම්බර්ස් එඩින්බර්ග් සඟරාවේ ඔහුට අවුරුදු 20 ලබන්නට පෙරය. 1885 දී ඔහු තම ආචාර්ය උපාධිය ටබිස් ඩොසාලිස් විෂය සම්බන්ධයෙන් ලබාගත්තේය.

Thumb
ආතර් කොනන් ඩොයිල්

පසුව එඩින්බර්ග් වලට පැමිණි ඔහු සවුන්සිහි තම වෛද්‍යය සායනය ආරම්භ කළේය. එය කරන අතරතුර අ ස්ටඩි ඉන් ස්කාලට්" නම් කථාවෙන් තම කථා වීරයා වන ෂර්ලොක් හෝම්ස්ව හඳුන්වා දුන් අතර එය “බීටන්ස් ක්‍රිස්මස් ඇනුවල්" ග්‍රන්ථයේ 1887 දී එළි දැක්වීය.

1885 දී ඔහු ලුසී හෝකින්ස්ව විවාහ කර ගත්තේය. 1906 දී ඇය ක්ෂය රෝගයෙන් මිය ගියාය. අනතුරුව කොනන් 1907 දී ජීන් ලෙකී හා විවාහ වුවේය.

1890 දී ඩොයිල් වියෙනා හිදී අක්ෂි විද්‍යාව පිළිබඳ හැදෑරූවේය. අනතුරුව 1891 දී ලන්ඩන් නගරයේ පදිංචියට පැමිණි ඔහු අක්ෂි වෛද්‍යවරයකු ලෙස සායනයක් ඇරඹීය. තම වෛද්‍යය වෘත්තියට වැඩි කාලයක් දීමේ චේතනාවෙන් ඔහු 1893 දී තම කථා වීරවරයා වන ෂර්ලොක් හෝම්ස් චරිතය ද, "ද ෆයිනල් ප්‍රොබ්ලම්" කථාවේදී දිය ඇල්ලක ගිල්ලවා මරණයට පත්කරන ලදී. මෙයට මහජනයාගෙන් දැඩි උද්ඝෝෂණය එල්ල වුහ. ඒ නිසා හෝම්ස් කලින් කථාවේ මිය ගියා ලෙස රඟපෑ ඇති බව සඳහන් කරමින් ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ද එම්ට් හවුස්" නම් කථාව මඟින් නැවතත් එම චරිතයට පණ පොවන ලදී. හෝම්ස් චරිතය කෙටි කථා 56 ක හා නවකථා 4 ක පෙන්නුම් කරයි. දකුණු අප්‍රිකාවේ පැවති බොඅර් යුද්ධය දී එක්සත් රාජධානියේ ක්‍රියා කලාපය නිවැරදි බව දක්වමින් ද වෝර් ඉන් සවුත් ඇෆ්‍රකා, ඉට්ස් කෝස් ඇන්ඩ් කොන්ඩක්ට්" නම් පොත රචනා කිරීමද ඔහුගේ ග්‍රන්ථ රචනයේ විශේෂ සිදුවීමකි.

ඔහුගේ පොත වන ද කමින්ග් ඔෆ් ද ෆෙයාරීස්" (1921), ඔහුගේ කොටින්ග්ලේ ෆෙයාර්ස්" නම් ඡායාරූප පිළිබඳ තිබු විශ්වාසය නිරූපණය කරයි.

1925 දී සෝවියට් සංගමය මඟින් ඔහුගේ ද ඇඩ්වෙන්චර්ස් ෂර්ලොක් හෝම්ස්" නම් කෙටි කථා එකතුව ගුප්ත විද්‍යා ගණයට වර්ග කර තහනම් කරන ලදී.

සැමුවෙල් රොස්බර්ග්ගේ ‍නේකච් ඉස් ද බෙස්ට් ඩිස්ගයිස්" නම් 1974 දී එළිදැක්වූ පොතේ‍කොනන් ඩොයිල් ගේ ලිවීමේ කුසලතාවය හා ඉඟි හා සැඟවුණු රහස් ඔස්සේ අභිරහස් සෙවීමේ ඔහුගේ මානසිකත්වය විස්තර කර තිබේ.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.