තුත්මෝස් I
From Wikipedia, the free encyclopedia
Iවන තුත්මෝස් (ඇතැම්විට Iවන තොත්මෙස්, තුත්මොසිස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි, අරුත තොත්ට-උපන්) යනු පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ තුන්වන පාරාවෝවරයායි. ඔහු සිහසුනට පත් වූයේ Iවන අමෙන්හොටෙප් රජුගෙන් පසුවයි. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු නැගෙනහිර මධ්‍යධරණි පෙදෙස සහ නුබියාව වෙත යුධ ව්‍යාපාර මෙහෙයවමින් ඊජිප්තුවේ දේශසීමා පෙර නොවූ තරම් දුරකට ව්‍යාප්ත කළේ ය. එසේම ඔහු ඊජිප්තුව තුළ නොයෙකුත් දේවස්ථාන ඉදි කළ අතර, රජුන්ගේ නිම්නයේ තමන් සඳහා සොහොනැගැබක් ද ඉදිකළේ ය. රජුන්ගේ නිම්නයේ මෙසේ සිය සොහොන්ගැබ ඉදිකරගත් පළමු රජු ඔහු යැයි සැලකේ. (ඇතැම්විට Iවන අමෙන්හොටෙප් ද ඔහුට පෙර එසේ සිදු කරන්නට ඇත).
තුත්මෝස් I | |
---|---|
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1506 - 1493 (මතභේදාත්මක ය) (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අමෙන්හොටෙප් I |
අනුප්‍රාප්තිකයා | තුත්මෝස් II |
වල්ලභ | අහ්මෝස් රැජින, මුට්නොෆ්‍රෙට් |
දරුවන් | තුත්මෝස් II, හට්ෂෙප්සුට්, අමෙන්මෝස්, වැඩ්ජ්මෝස්, නෙෆ්රුබිටි |
පියා | නොදනී (Iවන අමෙන්හොටෙප් යැයි විශ්වාස කෙරේ) |
මව | සෙන්සෙනෙබ් |
මරණය | ක්‍රි.පූ. 1493 |
භූමදානය | KV38, පසුව KV20 තුළ |
ස්මාරක | IV සහ V අටලු, ඔබලිස්ක දෙකක්, කාර්නැක්හි මහා ස්තම්භ ශාලාව |
ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIවන තුත්මෝස් ද, අනතුරුව IIවන තුත්මෝස්ගේ සොයුරිය වූ හට්ෂෙප්සුට් ද සිහසුනට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1505-1493 යැයි නිර්ණය කොට ඇත. නමුත් ඇතැම් විද්වතුන්—පුරාතන ඊජිප්තු වාර්තාවල කාලරේඛාව නිර්ණයට යොදාගත් ජ්යොතිශ්යමය නිරීක්ෂණ තීබ්සයේ නොව මෙම්පිස් නගරයේ සිට සිදු කළ බව සිතන විද්වතුන්—ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1526–1513 ලෙස දක්වා ඇත.[2][3]