![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/Ptolemy_I_Soter_Louvre_Ma849.jpg/640px-Ptolemy_I_Soter_Louvre_Ma849.jpg&w=640&q=50)
ටොලමියානු රාජවංශය
ඊජිප්තුවේ ටොලමයික අධිරාජ්‍යය පාලනය කළ මැසිඩෝනියානු ග්‍රීක රාජවංශය / From Wikipedia, the free encyclopedia
ටොලමියානු රාජවංශය /ˌtɒləˈmeɪ.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlædʒɪdz/ හෝ ලැගිඩේ /ˈlædʒɪˌdiː/ (පුරාතන ග්‍රීක:Λαγίδαι, Lagidai, Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක[1][2][3][4][5] ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ. 305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.
ටොලමියානු රාජවංශය | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
රට | පුරාතන ඊජිප්තුව, මැසිඩෝනියාව, මෝරිටේනියා | |||||||||||||
අභිධාන | පාරාවෝ, මැසිඩෝනියාවේ රජ, මෝරිටේනියාවේ රජ | |||||||||||||
මුල්ම රජ | ටොලමි I සෝටර් | |||||||||||||
අවසන් රජ | ක්ලියෝපැට්රා VIII | |||||||||||||
වත්මන් රජ | නෂ්ට වූ | |||||||||||||
ඇරඹුම | ක්‍රි.පූ. 305 | |||||||||||||
ජනවර්ගය | ග්‍රීක |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/Ptolemy_I_Soter_Louvre_Ma849.jpg/640px-Ptolemy_I_Soter_Louvre_Ma849.jpg)
ටොලමි, මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.
ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අනුප්රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.
මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.