ජෝධා අක්බර්
අශුතෝෂ් ගෝවාරිකර්ගේ 2008 චිත්‍රපටය / From Wikipedia, the free encyclopedia
ජෝධා අක්බර් යනු ආශුතෝෂ් ගෝවාරිකර් විසින් සම-රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2008 ඉන්දියානු ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතික් රෝෂන්, ඓශ්වර්යා රායි සහ සෝනු සූද් විසිනි. චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹියේ කර්ජාට්හි වන අතර 2008 පෙබරවාරි 15 දින එය මුදාහැරිණි.[3][4]
ජෝධා අක්බර් | |
---|---|
අධ්‍යක්ෂණය | අශුතෝෂ් ගෝවාරිකර් |
රචනය | කේ. පී. සක්සේනා (දෙබස්) |
තිර රචනය | හයිදර් අලි අශුතෝෂ් ගෝවාරිකර් |
කතාවස්තුව | හයිදර් අලි |
නිශ්පාදනය | රොනී ස්කෲවාලා අශුතෝෂ් ගෝවාරිකර් |
රංගන ශිල්පීන් | රිතික් රෝෂන් ඓශ්වර්යා රායි සෝනු සූද් කුල්භූෂණ් ඛාර්බන්දා ඉලා අරුන් |
කථනය | අමිතාබ් බච්චන් |
සිනෙමාරූපණය | කිරන් දියෝහන්ස් |
සංස්කරණය | බල්ලු සාලු |
සංගීතය | ඒ. ආර්. රහ්මාන් |
Production company | ඒ. ජී. පී. පී. එල්. |
බෙදාහැරීම | යූටීවී මෝෂන් පික්චර්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 214 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 40 කෝටි (US$6.2 මිලියන)[1] |
ආදායම | 115 කෝටි (US$18 මිලියන)[2] |
චිතපටය ගෙතී ඇත්තේ රිතික් රෝෂන් විසින් චරිත නිරූපණය කරන මූඝල් අධිරාජ අක්බර් සහ ඓශ්වර්යා රායි විසින් නිරූපණය කරන ඔහුගේ බිසවක බවට පත්වන මරියම්-උස්-සමානි කුමරිය අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයයි. විචාරක පැසසුම් ලත් සංගීත නිර්මාණකරුවකු වන ඒ. ආර්. රහ්මාන් විසින් මෙහි සංගීත නිර්මාණය සිදුකරන ලදී. චිත්‍රපටයේ ධ්වනිපථය 2008 ජනවාරි 19 දින මුදාහැරිණි.[5]
මෙම චිත්‍රපටය සාඕ පාඔලෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම විදේශ චිත්‍රපටය සඳහා වන ප්‍රේක්ෂක සම්මානය හිමි කරගත් අතර,[6] ගෝල්ඩන් මින්බාර් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සම්මාන දෙකක් ද,[7] ස්ටාර් ස්ක්‍රීන් සම්මාන හතක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ද හිමි කරගත්තේ ය. එසේම 3වන ආසියානු චිත්‍රපට උළෙලේ දී නිර්දේශ දෙකක් ද හිමි කරගත්තේ ය.[8]