From Wikipedia, the free encyclopedia
සෝනු සූද් යනු ප්‍රධාන වශයෙන්ම හින්දි, තෙලිඟු, සහ දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවකු, නිරූපණ ශිල්පියකු සහ නිෂ්පාදකවරයෙකි. ඔහු කන්නඩ සහ පන්ජාබි චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කොට ඇත.
සෝනු සූද් | |
---|---|
උපත | 30 ජූලි 1973[1] මෝගා, පන්ජාබ්, ඉන්දියාව[2] |
රැකියාව | නළුවකු, නිරූපණ ශිල්පියකු, චිත්‍රපට නිෂ්පාදකයකු |
සක්‍රීය වසර | 1999–වර්තමානය |
2009දී ඔහු ආන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත හොඳම දුෂ්ටයා සඳහා නන්දි සම්මානය සහ හොඳම සහාය නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු සම්මාන හිමි කරගත්තේ සුප්‍රකට තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතී චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනි. 2010දී, ඔහු ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා අප්සරා සම්මානය සහ ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය සඳහා අයිෆා සම්මානය හිමි කරගත්තේ දබාන්ග් බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙනි. 2012දී, ඔහු ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය හිමි කරගත්තේ ජුලයි චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඔහුගේ ප්‍රකට චිත්‍රපට ලෙස යුවා (2004), අතාදු (2005), ආෂික් බනායා ආප්නේ (2005), ජෝධා අක්බර් (2008), දූකුඩු (2011) සහ ෂූට්අවුට් ඇට් වඩාලා (2013) චිත්‍රපට සැලකේ.[3][4]
ඔහු ඇපලෝ ටයර්ස්, එයාර්ටෙල් සඳහා වෙළඳ දැන්වීම්වල පෙනී සිට ඇත.[5][6]
2016 ජූලි මස, ඔහු ශක්ති සාගර් ප්‍රොඩක්ෂන්ස් යනුවෙන් නිෂ්පාදන සමාගමක් ස්ථාපිත කළේ ය. මෙය ඔහුගේ පියා වූ ශක්ති සාගර්ගේ නම අනුව නම්කෙරිණි.[7]
1999දී, සූද් දෙමළ භාෂා චිත්‍රපට සඳහා හඳුන්වා දුන්නේ කල්ලාලගර් සහ නෙන්ජිනිලේ වැනි චිත්‍රපට තුළිනි. අනතුරුව ඔහු 2000දී හෑන්ඩ්ස් අප්! තෙලිඟු චිත්‍රපටයේ එදිරිවාදී චරිතයක් නිරූපණය කළේ ය. 2001දී ඔහු මජුනු චිත්‍රපටයට දායක විය. අනුතරුව හින්දි චිත්‍රපටවල රංගනය ඇරඹි ඔහු 2002දී ෂාහිද්-ඉ-අසාම් හි භගත් සිංගේ චරිතය නිරූපණය කළේ ය. සූද්ව ප්‍රේක්ෂකයා විසින් හඳුනාගත්තේ 2004 මණි රත්නම්ගේ හුවා චිත්‍රපටයේ අභිෂේක් බච්චන්ගේ සොයුරා ලෙස ඔහු කළ රංගනය සහ 2005 ආෂික් බනායා ආප්නේ චිත්‍රපටය තුළිනි.[6]
2005දී ටොලිවුඩයේ සුපර් චිත්‍රපටයේ මුදාහැරීමත් සමග ඔහු ඉහළ ජනප්‍රියත්වයක් ලැබී ය.[8] මෙම චිත්‍රපටයේ ඔහුගේ සහ-නළු නාගාර්ජුනා දියුණු-තාක්ෂණික සොරකුගේ චරිතය නිරූපණය කළේ ය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ අතාදු චිත්‍රපටයයි. 2006දී ඔහු අශෝක් චිත්‍රපටයේ නැවත වරක් දුෂ්ට චරිතයක් නිරූපණය කළේ ය. මෙය සාමාන්‍ය ආදායම් ලද චිත්‍රපටයක් වුවත්, මේ වනවිට ඔහු තෙලිඟු චිත්‍රපට තුළ ජනප්‍රියත්වයට පත්ව සිටියේ ය.
2009දී ඔහු අරුන්දතී චිත්‍රපටයේ පසුපතිගේ චරිතය නිරූපණය කළේ ය. අරුන්දතී තෙලිඟු චිත්‍රපටයෙන් පසුව ඔහු ඉන්දියානු වීරකථා චිත්‍රපටයක් වූ ජෝධා අක්බර් හි රාජ්කුමාර් සුජාමල්ගේ චරිතය නිරූපණය කළේ ය. 2009දී, ඔහු අංජනේයුලු චිත්‍රපටයේ බාඩා නම් මැරයකුගේ චරිතය නිරූපණය කළේ රවී තේජා සමගිනි. 2009 වර්ෂයේ පසු අර්ධයේ දී, ඔහු ඒක් නිරංජන් නම් තෙලිඟු චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කළේ ය. 2010දී ඔහු අභිනව් කාශ්‍යප්ගේ දබාන්ග් චිත්‍රපටයේ ප්‍රධාන චුෂ්ටයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළේ සල්මන් ඛාන් විසිනි.[9] සිය කන්නඩ ආගමනය සනිටුහන් කරමින් ඔහු සුදීප් සමග විෂ්ණුවර්ධන (2011) චිත්‍රපටයේ රඟපෑවේ ය. මෙහි ඔහුගේ රංගනයට යහපත් ප්‍රතිචාර හිමි විය.[10]මොහු 2014 වර්ෂයේදී හැපි නිව් ඉයර් හින්දි චිත්‍රපටයේ චරිතයකට දායක වී ඇත.එහි ජග් යන චරිතය නිරූපණය කරන ඔහු කන් මදක් නෑසෙන සුලු හිටපු කපිතාන්වරයකු ලෙස රංගනයෙන් දායක වේ.
2017 මාර්තු වන විට, ඔහු සංජේ ලීලා භන්සාලිගේ ඓතිහාසික නාට්‍ය චිත්‍රපටයක් වන පද්මාවතී හා සම්බන්ධ වූ බැව් සඳහන් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දීපිකා පඩුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් විසිනි.
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
1999 | කල්ලාලගර් | සෞම්‍ය නාරායණන් (පූජක) | දෙමළ | |
නෙන්ජිනිලේ | මැරයකු | දෙමළ | ||
2000 | හෑන්ඩ්ස් අප්! | ටුග්ලක් | තෙලිඟු | |
සන්දිත වේලෛ | දෙමළ | |||
2001 | මජුනු | දෙමළ | ||
2002 | ෂාහිද්-ඉ-අසාම් | භගත් සිං | හින්දි | |
සින්දගි ඛූබ්සුරත් හේ | පන්ජාබි | |||
රාජා | භාවනි | දෙමළ | ||
2003 | අම්මයිලු අබ්බයිලු | රාකේශ් | තෙලිඟු | |
කෝවිල්පට්ටි වීරලක්ෂ්මි | රජීව් මාථුර් | දෙමළ | ||
කහාන් හෝ තුම් | කරන් | හින්දි | ||
2004 | නේතාජි සුභාස් චන්ද්‍ර බෝස්: ද ෆෝර්ගොට්න් හීරෝ | ෂා නවාස් ඛාන් | හින්දි | |
මිෂන් මුම්බායි | හින්දි | |||
යුවා | ගෝපාල් සිං | හින්දි | ||
2005 | ශීෂා | රාජ් | හින්දි | |
චන්ද්‍රමුඛී | ඌමයන් | දෙමළ | ||
සුපර් | සෝනු | තෙලිඟු | ||
අතාදු | මල්ලි | තෙලිඟු | ||
ආෂික් බනායා ආප්නේ | කරන් | හින්දි | ||
සිස්කියාන් | ආචාර්ය විශ්වාස් | හින්දි | ||
ඩිවෝර්ස්: නොට් බිට්වීන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් | සිද්ධාර්ත් ජෝෂි | හින්දි | ||
2006 | අශෝක් | කේ. කේ. | තෙලිඟු | |
රොකින්’ මීරා | කුමරු | ඉංග්‍රීසි | ||
2008 | ජෝධා අක්බර් | සුජාමල් කුමරු | හින්දි | නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම සහාය නළුවා සම්මානය |
මිස්ටර් මේධවි | සිද්ධාර්ත් | තෙලිඟු | ||
සිං ඊස් කීං | ලඛාන් 'ලකී' සිං | හින්දි | ||
ඒක් විවාහ් ඒසා භි | ප්‍රේම් ආජ්මේරා | හින්දි | ||
2009 | අරුන්දතී | පසුපති | තෙලිඟු | හොඳම දුෂ්ටයා සඳහා නන්දි සම්මානය ෆිල්ම්ෆොයර් හොඳම සහාය නළුවා සම්මානය (තෙලිඟු) |
ධූන්ද්තේ රේ ජාඕගේ | ආර්යන් | හින්දි | ||
අංජනේයුලු | බාඩා | තෙලිඟු | ||
බංගරු බාබු | රාජේන්ද්‍රා | තෙලිඟු | ||
ඒක් නිරංජන් | ජොනී භායි | තෙලිඟු | ||
සිටි ඔෆ් ලයිෆ් | බාසු/පීටර් පටෙල් | ඉංග්‍රීසි | ||
2010 | දබාන්ග් | ඡේදි සිං | හින්දි | ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා අප්සරා සම්මානය ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය සඳහා අයිෆා සම්මානය |
2011 | ශක්ති | මුක්තර් | තෙලිඟු | |
තීන්මාර් | සුධීර් | තෙලිඟු | ||
බුඩ්ඩා... හෝගා තේරා බාප් | ඒසීපී කරන් මල්හෝත්‍රා | හින්දි | ||
කන්ඩිරීගා | භාවනි | තෙලිඟු | ||
දූකුඩු | නායක් | තෙලිඟු | ||
විෂ්ණුවර්ධන | ආධිශේෂ | කන්නඩ | නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය - කන්නඩ නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා සැන්ඩල්වුඩ් තරු සම්මානය නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා බැංගලෝර් ටයිම්ස් චිත්‍රපට සම්මානය | |
ඔස්තේ | බොක්සිං ක්‍රීඩක ඩැනියෙල් | දෙමළ | ||
2012 | මැක්සිමම් | ඉන්ස්පෙක්ටර් පතාප් පණ්ඩිත් | හින්දි | |
ඌ කෝඩතාරා? උලික්කි පාඩතාරා? | ඵානීන්ද්ර භූපති | තෙලිඟු | ||
ජුලයි | බිට්ටු | තෙලිඟු | නිර්දේශය, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය - තෙලිඟු | |
2013 | ෂූට්අවුට් ඇට් වඩාලා | දිලාවර් ඉම්ටියාස් හක්සාර් | හින්දි | |
රාමයියා වාස්තවයියා | රඝුවීර | හින්දි | ||
භායි | ජේම්ස් | තෙලිඟු | ||
ආර්... රාජ්කුමාර් | ශිව්රාජ් ගුර්ජර් | හින්දි | ||
2014 | එන්ටර්ටේන්මන්ට් | අර්ජුන් | හින්දි | |
ආගාදු | දමෝදාර් | තෙලිඟු | ||
හැපි නිව් ඉයර් | ජග්මෝහන් ප්‍රකාශ් (ජග්) | හින්දි | ||
2015 | ගබ්බර් ඊස් බැක් | බාල්බීර් සිං | හින්දි | |
2016 | සාගසම් | බිට්ටු | දෙමළ | |
ෂුවෑන්සෑං | හර්ෂ | මැන්ඩරින් | ||
ඉෂ්ක් පොසිටිව් | උර්දු | පාකිස්ථානි චිත්‍රපටය | ||
දේවි | රාජ් ඛන්නා | දෙමළ | ||
අභිනේත්‍රි | තෙලිඟු | |||
තුටක් තුටක් තුටියා | හින්දි | නිෂ්පාදකවරයා ද වේ. | ||
2017 | කුං ෆු යෝගා | රැන්ඩෝල් | මැන්ඩරින් හින්දි ඉංග්‍රීසි | |
පද්මාවතී | හින්දි | පශ්චාත්-නිෂ්පාදනය | ||
මද ගජ රාජා | දෙමළ | පශ්චාත්-නිෂ්පාදනය | ||
මුනිරත්න කුරුක්ෂේත්‍ර | අර්ජුන | කන්නඩ | රූගත කෙරෙමින් පවතියි. |
චිත්‍රපටයේ නම | නළුවා | චරිතය | හඬකැවුම් භාෂාව | මුල් භාෂාව | මුල් මුදාහළ වර්ෂය | සටහන් |
---|---|---|---|---|---|---|
ද ලෙජන්ඩ් ඔෆ් හර්කියුලිස් | කෙලන් ලට්ස් | හර්කියුලිස්/ඇල්සිඩිස් | හින්දි | ඉංග්‍රීසි | 2014 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.