ජනහිතකාමී රැජිනිය (රූපවාහිනී කතා මාලාව)
From Wikipedia, the free encyclopedia
ක්වීන් සොන්දොක් (කොරියානු: 선덕여왕; ප්‍රරෝ: සොන්දොක් යොවං) යනු 2009 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික නාට්‍යයකි. එය විකාශනය කරන ලද්දේ මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) විසින් සිය 48 වන සංවත්සරය සැමරීමට සමගාමීව ය. මෙහි චරිත නිරූපණය ලී යො-වොන්, ගෝ හ්යුන්-ජුං, උම් තේ-වූං, පාක් යේ-ජින්, කිම් නම්-ගිල් සහ යූ ස්යුං-හෝ විසින් සිදු කරන ලදී. මෙම නාට්‍යය මගින් සිල්ලාහි සොන්දොක් රැජිනගේ ජීවිතකථාව නිරූපණය වේ.[1] එය දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් එරට 2009 මැයි 25 දින සිට දෙසැම්බර් 22 දක්වා සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 62ක් පුරාවට විකාශනය කරන ලදී.[2] ප්‍රේක්ෂක ඇගයීම් අතින් ගත් විට මෙම නාට්‍යය එය විකාශය වූ කාලය තුළ එරට රූපවාහිනී වාර්තාවල මුල් තැන හිමි කරගත්තේ 44.7ක ප්‍රතිශතයක් හිමිකරගනිමිනි. [3] එය 2009 MBC නාට්‍ය සම්මාන උළලේදී මහත් ඇගයුමට පාත්‍ර විය. එහිදී රංගන ශිල්පිනී ගෝ හ්යුන්-ජුං හොදම රංගනයට හිමි ත්‍යාගය දිනාගත් අතර විශ්ව සම්භාවනාවට පාත්‍ර වූවා ය. [4]
මෙලෙසද හැඳින්වේ | The Great Queen Seondeok (සොන්දොක් මහා රැජිනිය) |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය නාට්‍ය ප්‍රේම වෘත්තාන්ත ක්‍රියාදාම |
රචනය කලේ | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් |
අධ්‍යක්ෂණය කලේ | කිම් ගියුන්-හොං පාක් හොං-ග්‍යුන් |
රඟපෑම | ලී යො-වොන් ගෝ හ්යුන්-ජුං උම් තේ-වූං පාක් යේ-ජින් කිම් නම්-ගිල් යූ ස්යුං-හෝ |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 62 |
විධායකනිෂ්පාදක(යෝ) | ලී චං-සූ |
කැමරා සැලැස්ම | බහු කැමරා |
ධාවන කාලය | සදදා සහ අගහරුවාදා 21:55ට (KST) |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | 25 මැයි 2009 (2009-05-25) – 22 දෙසැම්බර් 2009 (2009-12-22) |
පූර්වගමනය වනුයේ | Queen of Housewives |
අනුගමනය වනුයේ | Pasta |
වෙබ් අඩවිය |