කියා
From Wikipedia, the free encyclopedia
කියා යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පාරාවෝවරයකු වන අක්නාටන්ගේ බිසෝවරුන් අතුරින් අයෙකි. ඇය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. අක්නාටන්ගේ පළමු (සහ ප්‍රධාන) රාජකීය භාර්යාව වන නෙෆර්ටිටිට සාපේක්ෂව, ඇගේ කාර්යයන් සහ ධුරයයන් ඓතිහාසික වාර්තාවල විස්තර කොට ඇත්තේ සුළු වශයෙනි. ඇගේ අසාමාන්‍ය නාමය හේතුවෙන් ඇය මුලින් මිටැනියානු කුමරියක වන්නට ඇතැයි යෝජනා වී ඇත.[1] පවතින සාක්ෂි අනුව පෙනීයන්නේ අක්නාටන්ගේ රාජ්‍ය සමයේ මැද කාලයේ ඇය ඔහුට දාව දියණියක බිහි කළ විට, කියා රාජ මාලිගයේ වැදගත් චරිතයක් වන්නට ඇති බවයි.[2][3] ඇගේ සැමියාගේ මරණයට වසර කිහිපයකට පෙර ඇය පිළිබඳ වාර්තා ඉතිහාසයෙන් අතුරුදන් වේ. පෙර වර්ෂවල, ඇය ටූටන්ඛාමූන්ගේ මව යැයි යෝජනා වී තිබුණත්, මෑතක දී අනාවරණය වූ DNA සාක්ෂි අනුව පෙනීයන්නේ එය සිදු විය නොහැක්කක් බවයි.
Quick Facts කියා, භූමදානය ...
කියා | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ඊජිප්තුවේ රැජින මහා ප්‍රියාදර භාර්යාව (හෙමෙට් මෙරෙරිට් ආට්) | ||||||||||
භූමදානය | KV35?, ඇතැම්විට KV63?? | |||||||||
වල්ලභයා | පාරාවෝ අක්නාටන් | |||||||||
දරුවන් | නම් නොලද දියණියක් | |||||||||
ඊජිප්තු නාමය | ප්‍රභේද ද්විත්වය: | |||||||||
රාජවංශය | 18වන රාජවංශය | |||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම; හිරු මඬල ආටන්ව ද වන්දනා කර තිබේ. |
Close