![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Marx.jpg/640px-Marx.jpg&w=640&q=50)
කාල් මාක්ස්
From Wikipedia, the free encyclopedia
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී.
කාර්ල් හෙන්රිච් මාක්ස් (Karl Heinrich Marx) | |
---|---|
උපත | මැයි 5, 1818 Trier, Prussia |
මියගිය දිනය | March 14, 1883(1883-03-14) (වයස 64) ලන්ඩනය, United Kingdom |
යුගය | 19th century philosophy |
ප්‍රදේශය | Western Philosophy |
ගුරුකුලය | Marxism, communism, Hegelianism |
ප්‍රධාන ලැදිකම් | දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව, ඉතිහාසය, පන්ති සටන |
සංගණ්‍ය අදහස් | මාක්ස්වාදයේ සමකර්තෘ (ෆෙඩ්රික් එංගල්ස් සමඟ), surplus value, alienation and exploitation of the worker, කොමියුනිස්ට් ප්රකාශනය, ජාතීන්ගේ ධනය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සිද්ධාන්තය |
Influenced
| |
අත්සන | |
![]() |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Marx.jpg/640px-Marx.jpg)
ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය.
1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.