මාඕ සේතුං
From Wikipedia, the free encyclopedia
මාඕ සේතුං (1893 දෙසැම්බර් 26 – 1976 සැප්තැම්බර් 9) මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා හෙවත් සභාපති විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු විය. 1949 ඔක්තෝබර 1 වනදා සිට සිය මරණය තෙක් මහජන චීනයේ සභාපති ලෙස කටයුතු කළේ ය.
මැතිතුමා මාඕ සේතුං | |
---|---|
毛泽东 | |
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ,චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව | |
තනතුර දරමින් ජූනි 19, 1945 – සැප්තැම්බර් 9, 1976 | |
පූර්වප්‍රාප්තිකයා | ඔහුම (මධ්‍යම දේශපාලන මණ්ඩලයේ සභාපති වශයෙන්) |
අනුප්‍රාප්තිකයා | හුආ ගුඕෆෙං |
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති , මධ්‍යම දේශපාලන මණ්ඩලය , චීන කොමුනිස්ට් පක්ෂය | |
තනතුර දරමින් මාර්තු 20, 1943 – සැප්තැම්බර් 28, 1956 | |
පූර්වප්‍රාප්තිකයා | සං වෙන්තියන් (මහලේකම්, මධ්‍යම කාරක සභාව ) |
අනුප්‍රාප්තිකයා | ඔහුම (සභාපති, මධ්‍යම කාරක සභාව) |
සභාපති, මධ්‍යම ආණ්ඩුව | |
තනතුර දරමින් ඔක්තෝබර් 1, 1949 – සැප්තැම්බර් 27, 1954 | |
Premier | චවු එන්ලායි |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
අනුප්‍රාප්තිකයා | ජනාධිපති, චීන මහජන සමූහාණ්ඩුව |
පළමු ජනාධිපති, චීන මහජන සමූහාණ්ඩුව | |
තනතුර දරමින් සැප්තැම්බර් 27, 1954 – අප්‍රේල් 27, 1959 | |
Premier | චවු එන්ලායි |
Deputy | චූ ඩි |
පූර්වප්‍රාප්තිකයා | සභාපති, මධ්‍යම ආණ්ඩුව |
අනුප්‍රාප්තිකයා | ලියු ෂාඕකායි |
පුද්ගලික තොරතුරු | |
උපත | දෙසැම්බර් 26, 1893(1893-12-26) ෂාඕෂාන්, හුනාන්, කුයින්ග් අධිරාජ්‍ය |
විපත | September 9, 1976(1976-09-09) (වයස 82) බෙයිජිං, චීනය |
Resting place | සභාපති මාඕ සැමරුම් ශාලාව, බෙයිජිං, චීන මහජන සමූහාණ්ඩුව |
දේශපාලන පක්ෂය | චීන කොමුනිස්ට් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | ගුවොමින්ඩාං (1925–1926) |
කලත්‍රයා | ලුවෝ යික්සු (1907–1910) යැන්ග් කයිහුයි (1920–1930) හේ සයිශෙන් (1930–1937) ජියැන් කුයින්ග් (1939–1976) |
දරුවන් | 10, ඇතුලත්ව: මාඕ අන්යින්ග් මාඕ අන්කුයින්ග් මාඕ අන්ලොන්ග් යැන්ග් යුහුවා ලී මින් ලී නා |
දෙමව්පිය(s) | මාඕ යිචෑන්ග් වෙන් කුයිමෙයි |
උගත් ශාස්ත්‍රාලය | හුනාන් ෆර්ස්ට් නොර්මල් විශ්වවිද්‍යාලය |
අත්සන | |
1893 දෙසැම්බර් 26 වනදා චීනයේ හුනාන් පළාතේ ෂඕෂාන් (Shaoshan) හි උපන් මාඕ සේතුංගේ පියා මාඕ යිචෑන්ග් (Mao Yichang) නම් විය. ඔහු ධනවත් ගොවියකු වූ අතර තරුණ කළ එතරම් වත් පොහොසත්කමින් යුතු නොවූවකු වූ බව සඳහන් ය. මාඕ සේතුංගේ මව වෙන් කිමෙයි බෞද්ධ කාන්තාවක වූවාය.
තරුණ කළ පටන්ම මාඕ පොත පත කියවීමට හුරු විය. ඔහු අධ්‍යාපන කටයුතු සඳහා චාංග්ෂා නගරයට ගිය අතර 1911 දී ෂින්හායි විප්ලවය සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ එහි ය. ඔහු සමූහාණ්ඩුවාදී පක්ෂයට සහය දුන්නේය.
ගුරුවරයකු වීමට උගත් මාඕ 1917 දී බීජිං විශ්වවිද්‍යාලයේ සහය පුස්තකාලාධිපතිවරයකු ලෙස පත්වීමක් ලබා ගත්තේය. මෙකළ චීනයේ විවිධාකාර දේශපාලන ගැටුම් සහ විප්ලවකාරී ව්‍යාපාර ගහණ සමයකි. චීන කොමියුනිස්ට් පක්ෂය 1921 ජූලි 1 වනදා බිහි වන්නේ ද එම පසුබිමෙහිදී ය.
චීන ජාතිකවාදී විප්ලවයේ නායකයා වූ සුන් යත් සෙන් 1925 දී මියගිය අතර ඉන්පසු එම ව්‍යාපාරයේ නායකයා වූයේ චියැං කායි ෂෙක් ය. කොමියුනිස්ට් පක්ෂය, චීනයේ ජාතිකවාදී පක්ෂය (ගුවොමින්ඩාං පක්ෂය – Kuomingtan) සමඟ සන් ධානයකට එක් විය.
කෙසේ වෙතත් 1927 අප්‍රේල් මාසයේදී චියැං කායි ෂෙක් එකවරම කොමියුනිස්ට්වාදීන්ට පහර දුන්නේය. මෙම “ධවල භීෂණය” සමයේ කොමියුනිස්ට්වාදීන් 15,000 ක් පමණ මිය ගිය බව සැළකේ.