ඔස්ට්‍රලෝපිතකස්
From Wikipedia, the free encyclopedia
ඔස්ට්‍රලෝපිතකස් (AW-struh-loh-PITH-i-kuhs, /ˌɒstrələˈpɪθᵻkəs,_ˌɔːʔ,_ʔloʊʔ/;[1]නිරුක්තිය Latin australis "southern",දකුණු Greek πίθηκος pithekos "ape"; වානරයා australopithecine or australopith) ලතික් භාෂාවෙන් ඔස්ට්රලිස් යනු දකුණු යන්නයි පිතකස් යනු ග්‍රීක බසින් වානරයා යන්නයි. එනම් දකුණු දිග වානරයා යන අරුතක් මෙයින් විද්‍යමානවේ.මෙම මානව පූර්වජකයාගේ ෆොසිල සාධක ප්‍රධාන වශයෙන් නැගෙනහිර අප්‍රිකාවෙන් සොයා හැනුණි. 4 මීට වසර මිලියන 4 කට පමණ පෙර මිහිතලයේ වාසය කර ඇත මෙම මානව පූර්වජකයා විශේෂ කිහිපයකට බෙදා දැක්වීමට මානව විද්‍යාඥයන් යොමු වී ඇත.ඒ මෙසේය ඔස්ට්‍රලෝපිතකස් ඇෆරෙන්සස්(Australopithecus afarensis) ඔස්ට්‍රලෝපිතකස් අැෆරෙන්සිස් (A. africanus),ඔස්ට්‍රලෝපිතකස් ඇනමෙන්සිස්(A. anamensis),ඔස්ට්‍රලෝපිතකස් බහ්රඝාෂලි( A. bahrelghazali) යනු වෙනි.
ඔස්ට්‍රලෝපිතකස් විශේෂය මානව පරිණාමයේ ඉතා වැදගත් සාධකයකි.මොවුන් මිහිමත විසූ සක්‍රීය කාලය මීට වසර මිලියන 3 පෙර යුගයයි.නූතන මානවයා අයත්වන හොමිනිඩ් පවුලට අයත් මුල්ම මානව පූර්වජකයා ඔස්ට්රලෝපිතකස්ය.එමෙන්ම දියුනු ස්නායු පද්ධතියක් හා වර්ධනයවූ මොළයක් සහිත විශේෂ හැකියාවන් ගෙන් පරිපූර්ණ මානව පූර්වජයෙකු ද විය.[2] මෙම ඔස්ට්‍රලෝපිතකස් විශේෂය පසුව හෝමෝ හැබිලිස් ලෙස පරිණාමය වූබව විශ්වාස කෙරේ.