![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cd/Flag_of_Afghanistan_%25282013%25E2%2580%25932021%2529.svg/langsi-640px-Flag_of_Afghanistan_%25282013%25E2%2580%25932021%2529.svg.png&w=640&q=50)
ඇෆ්ගනිස්ථානය
From Wikipedia, the free encyclopedia
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.[5] මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.[6]
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය جمهوری اسلامی افغانستان (පර්සියානු: Jomhūrī-ye Eslāmī-ye Afġānistān) د افغانستان اسلامي جمهوریت (Pashto: Da Afġānistān Islāmī Jomhoriyat) | |||||||
---|---|---|---|---|---|---|---|
2001- | |||||||
කොඩිය | |||||||
![]() | |||||||
අගනුවර සහ විශාලතම නගරය | කාබුල් | ||||||
නිල භාෂා(ව) | ඩාරි (පර්සියානු) සහ පෂ්ටෝ[1] | ||||||
ජාති නාම(ය) | ඇෆ්ගනිස්ථාන [alternatives] | ||||||
රජය | ඉස්ලාමික ජනරජය | ||||||
• ජනාධිපති | හමීඩ් කර්සායි | ||||||
• උප ජනාධිපති | මොහොමඩ් ෆාහිම් | ||||||
• උප ජනාධිපති | කරීම් ඛලිලි | ||||||
• නීතිපති | අබ්දුල් සලාම් අසිzමි | ||||||
Establishment | |||||||
ඉතිහාසය | |||||||
October 1747 | |||||||
• Independence | August 19, 1919 | ||||||
• ස්ථාපිත කළේ | 2001 | ||||||
වර්ග ප්‍රමාණය | |||||||
• සම්පූර්ණ | 647,500 km2 (250,000 sq mi) (41st) | ||||||
• ජලය (%) | negligible | ||||||
ජනගහණය | |||||||
• 2009 ඇස්තමේන්තුව | 29,150,000[3] (42 වැනියා) | ||||||
• 1979 ජන සංගණනය | 13,051,358 | ||||||
• ඝණත්වය | 43.5/km2 (112.7/sq mi) (150 වැනියා) | ||||||
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව | ||||||
• සම්පූර්ණ | $27.014 billion[4] | ||||||
• ඒක පුද්ගල | $935[4] | ||||||
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව | ||||||
• සම්පූර්ණ | $14.044 billion[4] | ||||||
• ඒක පුද්ගල | $486[4] | ||||||
මාසද (2007) | 0.352 පහළ · 181st | ||||||
ව්‍යවහාර මුදල | Afghani (AFN) | ||||||
වේලා කලාපය | UTC+4:30 (D†) | ||||||
රිය ධාවන මං තීරුව | right | ||||||
ඇමතුම් කේතය | 93 | ||||||
අන්තර්ජාල TLD | .af | ||||||
|
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි[7]. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ[5][6] හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.