අග්නි (දෙවියන්)
ගින්දර, හින්දු දෙවියා / From Wikipedia, the free encyclopedia
අග්නි (සංස්කෘත: अग्नि) යනු හින්දු දෙවියෙක් වන අතර, අතිශයින් වැදගත් වේද දෙවිවරුන් අතුරින් එක් කෙනෙකි. ඔහු ගින්න හා සම්බන්ධ දෙවිවරයා වන අතර[5] යාගයන් පිළිගන්නා දෙවියා ය. අග්නි වෙත පිදෙන යාගයන් දෙවිවරුන් වෙත යොමු වන්නේ අනෙකුත් දෙවිවරුන් වෙතින් හා ඔවුන් වෙතට පණිවුඩ ගෙන යන්නා අග්නි වන බැවිනි. ඔහු සදා-යෞවන වන්නේ, සැමදා ගිනි යළි-දැල්වෙන බැවින් වන අතර එබැවින්ම අමරණීයද වෙයි.
Quick Facts අග්නි, වාසභවනය ...
අග්නි | |
---|---|
ගින්නට අධිපති[1][2] | |
වාසභවනය | නැත (අයාලේ) |
මන්ත්රය | ඕම් අග්නිදේවාය නමඃ |
ආයුධය | මුගුර |
වල්ලභයා | ස්වාහා දෙවඟන[3] |
වාහනය | බැටලුවා[4] |
Close
පුරාණ වෛදික ගිනි දෙවියා ඇදහීමේ සිට වර්තමානයේ පවතින හින්දු ආගම දක්වා අග්නි දෙවිඳු ඇදහීමේ සිරිත අඛණ්ඩව පැවතෙන්නේය. ඝර්ෂණය කිරීමෙන් ගින්දර ලබා ගැනීම සඳහා කෝවිල්වල තිබෙන පූජනීය වස්තුවක් ලෙස සැළකෙන ගිණි තොරපනය නම් උපකරණය (අග්නි දෙවිඳුගේ දෛනිකව සිදු වන උපත සංකේතවත් කරමින්) කෝවිල්වල තවමත් ප්රයෝජනයට ගැනේ.