From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ කෘත්‍යාත්මක ප්‍රධානියා වේ.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
இலங்கை பிரதமர் Prime Minister of Sri Lanka | |
---|---|
ශෛලීය | ගරු අග්‍රාමාත්‍ය |
මෙහි සාමාජිකයෙකි |
|
මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
නිවහන | අරලියගහ මන්දිරය |
ආසනය | කුරුණෑගල |
පත් කරන්නා | ජනාධිපති අනුර කුමාර දිසානායක |
ධූර කාල ප්‍රමාණය | වසර 5 |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
පූර්වගයා | සභානායක, ජාතික රාජ්‍ය සභාව |
සමාරම්භක දරන්නා | දොන් ස්ටීවන් සේනානායක |
සංස්ථාපනය | 1947, ඔක්තෝබර් 14 |
සන්තතිය | පළමු |
වැටුප | රුපියල් 858,000 වාර්ශිකව (2016)[1][2] |
වෙබ් අඩවිය |
අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නේ ජනාධිපති විසිනි. ජනාධිපතිගේ නියෝජ්‍යයා ලෙස ක්‍රියාකරමින් ඔහු/ඇය නොමැති තන්හී හෝ අශක්නුකෘත අවස්ථාවන්හී එම පදවියෙහි වැඩබලන්නාවූ අග්‍රාමාත්‍ය වරයා, අනුප්‍රාප්තික පිළිවෙලෙහි පළමුවැන්නා ද වෙයි.
ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබුවේ 1947 දී වන අතර එය එසේ වූයේ 1948 දී බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලැබීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙරය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වූ කල්හී මෙම ධූරයේ නම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙසින් වෙනස් විය. වෙස්මිනිස්ටර්-පදනමෙහි දේශපාලන ක්‍රමය අනුව අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වූ අතර එම නිසාම එම සමයෙහිදී රටේ බලවත්ම දේශපාලන තනතුර හෙබවීය. 1978 දී , ව්‍යවස්ථාදායකමය වෙනස්වීම් වලින් අනතුරුව, විධායක ජනාධිපති ධූරය ස්ථාපනය කිරීමත් සමගින්, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නා බවට පත්වූ විට, මෙම සියල්ල වෙනස් විය. 1978 වන තුරු අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද විය. කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ධුරය හොබවද්දීම, ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනුප්‍රාප්තිකයෙකු පත්කරගැනුමට පාර්ලිමේන්තුව රැස්වනතුරු හෝ නව ජනාධිපතිවරයෙකු තොරාගැනුමට නව මැතිවරණයක් පවත්වනතුරු, වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත්වේ. ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග පදවි ප්‍රාප්ත වූයේ එලෙසිනි.
ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2014 ජනවාරි 09 දිනදි ඔහු එම නිලයට පත් කරන ලදි .
මෙහි පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුවකි:
අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන්නේ අග්‍රාමාත්‍ය මන්දිරය වන අතර එයට සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර කරනුයේ අරලියගහ මන්දිරය යනුවෙනි. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයය පිහිටා ඇත්තේ කොළඹ 7, මල් පාරේය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.