From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාභිමාන්‍ය ඩිංගිරි බණ්ඩා විජේතුංග (පෙබරවාරි 15,1916 - සැප්තැම්බර් 21 2008) යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා (මැයි 1,1993 - නොවෙම්බර් 12,1994) සහ ශ්‍රී ලංකාවේ අගමැති (මාර්තු 3,1989 - මැයි 7, 1993) සහ වයඹ පළාත් ආණ්ඩුකාර (1988 - 1989) ලෙස කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
අතිගරු ඩිංගිරි බණ්ඩා විජේතුංග | |
---|---|
டிங்கிரி பண்டா விஜேதுங்க Dingiri Banda Wijetunga | |
4වන ශ්‍රී ලංකා ජනාධිපති | |
In office මැයි 1, 1993 – නොවැම්බර් 12, 1994 | |
පූර්වප්‍රාප්තිකයා | රණසිංහ ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
9වන ශ්‍රී ලංකා අගමැති | |
In office ජනවාරි 2, 1989 – මැයි 1, 1993 | |
පූර්වප්‍රාප්තිකයා | රණසිංහ ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
Personal details | |
උපත | පෙබරවාරි 15, 1916 උඩුනුවර, බ්‍රිතාන්‍ය ලංකාව |
විපත | September 21, 2008 92) මහනුවර, ශ්‍රී ලංකාව | (වයස
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතත් ගත කළ තැනැත්තෙකි. අව්‍යාජ ජන නායකයෙකු ලෙස ජන හදවත් වල රැඳුණු විජේතුංග මහතා ප්රජාතන්ත්රවාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවෙකු විය.
කන්ද උඩරට උඩුනුවර පොල්ගහ අංග ග්‍රාමයේ උපත ලබා ගම්පොළ ශාන්ත ඇන්ඩෲ විදුහලේ අධ්‍යාපනය නිමවා සමුපකාර පරීක්ෂාකවරයෙකු ලෙස ජීවිතය ඇරඹූ ඩී. බී. විජේතුංග මහතාට දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ වන්නට ලැබුණේ උඩරට කීර්තිමත් ඇමතිවරයෙකු වූ ඒ. රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු නිසාය.
ඩී.බී. විජේතුංග, ජෝර්ජ් ඊ.ද සිල්වා සහ ඒ. රත්නායක ආදී දේශපාලඥයන් ලගින්ම අසුරු කළේය. ඩී.එස් සේනනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ආහාර හා සමුපකාර සේවා ඇමති වු ඒ රත්නායක විසින් ඩී.බී. විජේතුංග ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ගනු ලැබිය. 1946 දි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති, කෘෂිකර්ම, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්‍රගතියක් ඇති කිරීමට සමත් විය. 1988 පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ ය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අගමැති ධුරයට පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්‍යය ද එතුමාට හිමි විය. 1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ විජේතුංග ජීවිතයේ විශේෂ ලක්ෂණයක් නම් කාල කළමනාකරණයට තිබූ දක්ෂතාව යයි.[තහවුරු කර නොමැත]
1994 විධායක ජනාධිපති ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලාවේ පිහිටි සිය නිවසේ විශ්‍රාම දිවියක් ගත කළ විජේතුංග සිය පාලන කාලයේ දී මෙන් ම දේශපාලනයෙන් ඈත්ව සිටි කාලයෙ දීත් ජනහිතකාමී ලෙස ක්‍රියාකිරීම විශේෂත්වයකි. දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008 සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.