From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති චෙෙත්‍යයන් අතුරින් විශාලතම චෙෙත්‍යය මහාසෑය වේ. මෙම චෙෙත්‍යය මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබයි. පූජාවලියෙහි සහ සිව්වන මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියෙහි මෙම දාගැබ අම්බුලු දාගැබ ලෙස හඳුන්වා තිබේ.[1]
මේ වනවිට සංරක්ෂණය කොට තිබෙන මහා සෑයේ උස අඩි 153 ක් පමණ වේ. මිහින්තලය මහා සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
මහාදාඨික මහානාග රජු (ක්‍රිස්තු වර්ෂ 7-19) විසින් මෙම දාගැබ ඉදිකරවා තිබේ.[2] බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මෙහි නිදන් කොට ඇති බව විශ්වාස කෙරේ.
1893 වර්ෂයේදී තායිලන්ත කුමරෙකුගේ සහය ඇතිව මහා සෑය සංරක්ෂණයට පියවර ගත් මුත් එය අසාර්ථක වූ බව පැවසෙයි.[1] පසුව 1950 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.
1965 වර්ෂයේදීද පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.