දකුණු ආසියානු රටක් From Wikipedia, the free encyclopedia
ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
ජාතික ගීය: "ජන ගන මන" | |
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත | |
අගනුවර | නව දිල්ලිය |
විශාලතම නගරය | මුම්බායි |
නිල භාෂා(ව) | හින්දි, ඉංග්‍රීසි |
ජාති නාම(ය) | ඉන්දියානු |
රජය | ෆෙඩරල් ව්‍යවස්ථාමය පාර්ලිමේන්තු ජනරජය |
• ජනාධිපති | ද්‍රෞපදී මුර්මු |
• උප ජනාධිපති | ජග්දීප් දන්කාර් |
• අග්‍රාමාත්‍ය | නරේන්ද්‍ර මෝදි |
• අගවිනිසුරු | ධනංජය වයි චන්ද්‍රචුඩ් |
• ලෝක් සභා කථානායක | - |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
රාජ්‍ය සභා | |
ලෝක් සභා | |
නිදහස | |
• ප්‍රකාශ කළේ | 1947 අගෝස්තු 15 දින |
• ජනරජයක් බවට පත්වුණේ | 1950 ජනවාරි 26 දින |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 3,287,240 km2 (1,269,210 sq mi)‡ (7 වැනියා) |
• ජලය (%) | 9.56 |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | සැකිල්ල:IndiaPopCommas[2] (2 වැනියා) |
• 2001 ජන සංගණනය | 1,028,610,328[3] |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.526 trillion[4] (4 වැනියා) |
• ඒක පුද්ගල | $2,941[4] (128th) |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.235 trillion[4] (11 වැනියා) |
• ඒක පුද්ගල | $1,031[4] (139 වැනියා) |
ගිනි (2004) | 36.8[5] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2007) | 0.612[6] දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා |
ව්‍යවහාර මුදල | ඉන්දියානු රුපියල් () (INR) |
වේලා කලාපය | UTC+5:30 (IST) |
• ගිම්හාන (DST) | UTC+5:30 (not observed) |
දින ආකෘති | dd-mm-yyyy (ක්‍රි.ව.) |
රිය ධාවන මං තීරුව | වම |
ඇමතුම් කේතය | 91 |
ISO 3166 code | IN |
අන්තර්ජාල TLD | .in |
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
ඉන්දියාව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.
ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව,[7] නිරක්ෂරතාව,[8] දූෂණය,[9] රෝග[10] සහ මන්දපෝෂණය[11] වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක්[12][13] සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.
ප්‍රාන්ත (States):
මධ්‍ය පාලන ප්‍රෙද්ශ (Union Territories):
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.