From Wikipedia, the free encyclopedia
කේබල් නිව්ස් නෙට්වර්ක් හෙවත් සීඑන්එන් (Cable News Network, CNN) යනු අමෙරිකානු, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී නාලිකාවක් වන අතර එහි හිමිකාරීත්වය ටයිම් වෝනර්හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි.[1] 1980 වසරේදී ටෙඩ් ටර්නර් විසින් පැය 24 පුරාම විකාශය වන ප්රවෘත්ති නාලිකාවක් ලෙස මෙය අරඹන ලදී.[2][3] පැය 24 පුරාම පුවත් ආවරණයක් සහිත,[4] එක්සත් ජනපදයේ පළමු පුවත් රූපවාහිනී නාලිකාව වූවේද, සීඑන්එන් නාලිකාවයි.[5]
සීඑන්එන් Cable News Network | |
---|---|
දියත්කල දිනය | 1980 ජුනි 1 |
අයිතිකරුවෝ | Cable News Network, Inc. (Turner Broadcasting System (ටයිම් වෝනර්)) |
රූප ආකෘතිය | 480i (SDTV/16:9 letterbox) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "The Worldwide Leader in News" "CNN = Politics" "The Best Political Team on Television" "CNN = Money" "This is CNN" |
රට | ඇමරිකානු එක්සත් ජනපද |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | එක්සත් ජනපදය කැනඩාව |
මූලස්ථානය | සීඑන්එන් සෙන්ටර් ඇට්ලන්ටා, Georgia |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් ඉන්ටර්නැෂනල් සීඑන්එන්-අයිබීඑන් CNN Airport Network CNN Türk CNN en Español HLN සීඑන්එන් චිලී TNT Turner Classic Movies කාටූන් නෙට්වර්ක් Boomerang TruTV TBS |
වෙබ් අඩවිය | cnn.com |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
DirecTV (USA) | 202 (HD/SD) 1202 (VOD) |
Dish Network (USA) | 200 (HD/SD) 9436 (HD) |
Bell TV (Canada) | 500 (SD) 1578 (HD) |
Shaw Direct (Canada) | 140/500 (SD) 257/331 (HD) |
SKY PerfecTV! (Japan) | 679 (HD) |
කේබල | |
Available on most U.S. and Canadian cable providers | Check local listings for channels |
In-house (Washington) | 12 |
Verizon FiOS | 600 (HD) 60 (SD) |
චන්ද්‍රිකා ගුවන්විදුලි | |
Sirius | 132 |
XM | 122 |
අයිපීටීවී | |
Bell Fibe TV (Canada) | 500 (HD) 1500 (SD) |
AT&T U-Verse | 1202 (HD) 202 (SD) |
අන්තර්ජාල රූපවාහිනිය | |
CNN.com/live | Watch live |
1980 ජුනි 1 වන දින, පස්වරු 5.00 ට (නැගෙනහිර වේලා කලාපය) කේබල් නිව්ස් නෙට්වර්ක් නාලිකාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම පුවත් විකාශය David Walker සහ Lois Hart විසින් සිදුකරන ලදී.[6]
1986 ජනවාරි 28 දිනදී, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ නික්මීම සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ෂටලය පුපුරා යාම සජීවීව විකාශය කිරීම.
1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.
1991 පළමු පර්සියානු ගල්ෆ් යුද්ධය ආවරණ කිරීම, සීඑන්එන් ලත් විශේෂ අවස්ථාවක් විය. 1991 ජනවාරි 16 දින, ඒකාබද්ධ බෝම්බ හෙළීමේ මෙහෙයුම (Coalition bombing campaign) ආරම්භ කරන අවස්ථාවේ, ඉරාකයේ බැග්ඩෑඩය තුල සිටිමින් වාර්ථා ගෙන ඒමට හැකිවූ එකම ප්රවෘත්ති නාලිකාව වූවේ සීඑන්එන් ය. ඔවුන්ගේ වාර්ථාරුවන් වූ Bernard Shaw, John Holliman, Peter Arnett, සහ Charles Jaco යන පිරිස ඉරාකයේ බැග්ඩෑඩ් හී පිහිටි al-Rashid Hotel සිට තොරතුරු වාර්ථා කරන ලදී.[7]
2001 සැප්තැම්බර් 11 වන දින, අමෙරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්ථාව ගෙන පැමිණි කේබල් රූපවාහිනී නාලිකාව වූවේ සීඑන්එන් නාලිකාවයි.[8]
2008 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම.
2012 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම. එවක ජනපති වූ බැරැක් ඔබාමා සහ ජනපති අපේක්ෂක වූ මිට් රොම්නි අතර පැවැති විවාද ත්‍රිත්වය අතරින් එක් විවාදයකට සීඑන්එන් නිවේදක Candy Crowley කථනය සැපයීම.
සීඑන්එන් නාලිකාව සිය ප්‍රථම පුවත් වෙබ් අඩවිය වූ CNN.com අඩවිය, 1995 අගේස්තු 30 වන දින අරඹන ලදී.
2009 අප්‍රියෙල් වන විට, Nielsen/NetRatings මත විමසුම් වර්ගීකරණය අනූව CNN.com වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල වැඩිම දෙනෙකු පිවිසෙන ලෝක ව්‍යාප්ත පුවත් වෙබ් අඩවි අතුරින් තුන් වන ස්ථානයේ පසුවිය.[9]
|
|
|
|
1998 වසරෙහිදී, වාචික නිදහස වෙනුවෙන්වූ ෆෝ ෆ්රීඩම්ස් ප්රදානය සීඑන්එන් වෙත පිරිනැමිණි.[15]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.