From Wikipedia, the free encyclopedia
හුයි-බින් ජෑං (3 නොවැම්බර් 1659 – 9 නොවැම්බර් 1701) හෙවත් ඉන්දොං ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව යනු ජොසොන් රාජවංශයේ වඩාත් සුප්‍රකට රාජකීය උපබිසෝවරුන් අතරින් අයෙකි.
හුයි-බින් ජෑං, ජොසොන්හි රාජකීය වංශවත් බිසව | |
---|---|
රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 1 | |
ධුරකාලය | දෙසැම්බර් 1686 - අප්‍රේල් 1688 1694 - නොවැම්බර් 1701 |
ජොසොන්හි අගබිසව | |
නිල කාලය | මැයි 1688 - 1694 (වර්ෂ 6) |
උපත | 3 නොවැම්බර් 1659 දකුණු කොරියාව |
මරණය | 9 නොවැම්බර් 1701 (42 වියේදී) ච්වි සොන් දං, චංදොක්ගුං, දකුණු කොරියාව |
භූමදානය | දේබින්ම්යෝ, සියෝර්යොං, ගෝයැං, ග්යොංගි |
වල්ලභයා | ජොසොන්හි සුක්ජොං රජු |
දරුවන් | ජොසොන්හි ග්යොංජොං රජු, ජොසොන්හි යි සොංසු කුමරු |
පියා | ජෑං හ්යොං |
මව | යුන් මැතිණිය |
හුයි-බින් ජෑං | |
හංගුල් | 희빈장씨 |
---|---|
හන්ජා | 禧嬪張氏 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හුයිබින් ජැංසි |
මැකූන්–රයිෂවර් | හූයිබින් චෑංසි |
උපන් නාමය | |
හංගුල් | 장옥정 |
හන්ජා | 張玉貞 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ජෑං ඔක්-ජොං |
මැකූන්–රයිෂවර් | චෑං ඔක්-චෝං |
ඇගේ පෞද්ගලික නාමය ජැං ඔක්-ජොං (හංගුල්:장옥정; හන්ජා:張玉貞) විය. ඇය ජැං හ්යොං (හංගුල්:장형;හන්ජා:張炯) සහ ඔහුගේ දෙවන බිරිඳ වූ පප්යොං යුන් වංශයේ යුන් මැතිණියගේ දියණියයි. ඇය ජොසොන් රාජ්‍යයේ අතිශය රූමත් කාන්තාවන්ගෙන් අයකු යැයි සැලකෙන අතර, ඇගේ කාන්තිය වාර්ෂික වාර්තාවල ද සඳහන් කොට තිබේ. ඇය අයත් වූයේ චුංගින් හෙවත් මධ්‍යම පන්තියටයි.
දොංප්යොං කුමරුගේ (සුක්ජොං රජුගේ වරක් ඉවත් කළ පළමු මස්සිනායි) නිර්දේශය මත ඔක්-ජොං පළමුව ජංන්‍යොල් (ඉන්ජෝ රජුගේ දෙවන අගබිසව) ප්‍රධාන මව්බිසවගේ පරිවාර පාලිකාවක් ලෙස පත්කෙරිණි. සිය සුළු-මී-මිත්තණිය (ජංන්‍යොල් ප්‍රධාන මව්බිසව) හමුවීමට ගිය ගමනක දී, සුක්ජොං රජු ඔක්-ජොංව දැක ඇයට ප්‍රසාදය ලත් සං-ගූං තනතුර ලබාදුන්නේ ය. නමුත් රජු ඇයට ප්‍රියකළ ද, ඇය සහ ඇගේ පවුල ප්රතිපාක්ෂික සොරොන් පක්ෂයට අයත් වූ නිසාත්, මව්බිසව (සුක්ජොංගේ මව) නොරොන් පාක්ෂිකාවක වූ නිසාත්, ඇය රජුව පොළඹවාවි යන බියෙන් යුතුව ඔක්-ජොංව මාලිගයෙන් පිටුවහල් කරන ලදී. 1683දී මව්බිසව මියයන තෙක්ම ඇය මාලිගයෙන් පිටත රැඳී සිටි අතර, පසුව ඉන්හ්යොන් අගබිසව (සුක්ජොංගේ නීත්‍යානුකූල බිසව) විසින් ඇයට නැවත මාලිගයට පැමිණීමට අවසර දෙන ලදී. 1686දී ඇය සුක්ජොංගේ උපබිසවක් බවට පත්ව සුක්-වොන් (숙원, 淑媛) තනතුරට පත්වූවා ය.[1] 1688දී, ඇයව සෝ-උයි (소의, 昭儀) තනතුරට උසස් කරන ලද්දේ පුත්‍රයකුට (අනාගත ග්යොංජොං රජු) පසුව වූ අතර එම වසරේම ඉන්හ්යොන් අගබිසව මාලිගයෙන් පිටුවහල් කරන ලදී. මෙම සිද්ධියෙන් පසු, 1688දී, ඇයව නැවත තනතුරින් උසස් කොට "රූමත්" යන අරුතැති "හුයි" යන උපසර්ගය සමග බින් ( 빈, 嬪) යන උපබිසෝ තනතුරට උසස් කෙරිණි. අවසානයේ ඇයව අගබිසවගේ තනතුරට උසස් කෙරිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගිසා හ්වංගුක් නැමැති රුධිර වැගිරීම්වලින් යුත් අරගලයක් ඇති විය.[2]
සුක්ජොං රජුට සිය සිහසුනට අනුප්‍රාප්තිකයකු පත් කිරීමට කල්පනා කළේ විය. ඒ නිසා සුක්ජොං සිය වැඩිමහල් පුතු වූ ජැං හුයි-බින්ගේ පුත් ග්යොංජොංහට කිරුළහිමි කුමරු තනතුර ලබාදීමට අදහස් කළේ ය. නමුත් ග්යොංජොං උපබිසවකට දාව උපත ලද නිසා මෙය සිදුකළ නොහැකි විය. මේ හේතුවෙන් සුක්ජොං රජු එකල පැවති සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉන්හ්යොන් අගබිසවට ජැං හුයි-බින්ගේ දරුවාව හදාගන්නා ලෙස පැවසී ය. ග්යොංජොං උපත ලද සමයේ ඉන්හ්යොන් අගබිසව තවමත් 21වන වියේ පසු වූ නිසා, රාජසභාව ද මෙම නුසුදුසු පත්කිරීමට විරෝධය පෑහ. ඉන්හ්යොන් අගබිසව ග්යොංජොංව සිය පුතු ලෙස හදාවඩා ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින්, ඇයව දේශපාලන උපායයක් මගින් ධුරයෙන් පහ කෙරිණි. මේ අරගලය හේතුවෙන් අගබිසව තනතුරින් නෙරපා හැරියා පමණක් නොව, සොඉන්හි රාජ්‍ය නිලධාරීන්වද පිටුවහල් කොට වස ලබා දෙන ලදී. එසේම නොරොන් පක්ෂයේ නායකයා ඝාතනය වූ අතර අගබිසවගේ පියාව ද පිටුවහල් කොට පසුව මරණයට පත්කෙරිණි. මෙම මෙම කැළඹීම ගිසා සහ්වා ලෙස හඳුන්වයි. අනතුරුව ජෑං හුයි-බින් උපබිසව අගබිසවගේ තනතුරට පත්කෙරුණු අතර, නාමින් පක්ෂය මාලිගයේ බලයට පත් වූහ.[3]
පසුකලෙක 1694දී, ජෑං හුයි-බින් කෙරෙහි රජුගේ ප්‍රසාදය හීන විය.[4] රජුට නාමින් පක්ෂය අප්‍රිය වූ අතර, ජෑං පවුලේ බලය වර්ධනය විය. එසේම ඔහු ඉන්හ්යොන් අගබිසවගේ විවෘත ආධාරකාරියක වූ චෝයි ආර්යාවට (පසුව සුක්-බින් චෝයි), එනම් යෝනිංගූම් (අනාගත රජ යොංජෝ) කුමරුගේ මෑණියන්ට ප්රියකරන්නට විය. ඔහු ක්‍රමයෙන් ජෑංව ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ය. පළමුව, ඔහු අගබිසවගේ සොයුරා සහ ඇගේ පක්ෂයේ නායකයින්ව ඉත් කිරීමට කටයුතු කළේ ය. අනතුරුව ඉන්හ්යොන් අගබිසව නැවත මාලිගයට කැඳවී ය. ඉන්හ්යොන් අගබිසව මුලින් අන්දොංහි කුඩා මාලිගයකටත්, අනතුරුව මල්බෙරි මාලිගයටත් අවසානයේ ප්‍රධාන මාලිගයටත් රැගෙන යන ලදී.
හිටපු අගබිසව වූ ජෑං ඔක්-ජොංව නැවත හුයි-බින් උපබිසෝ තනතුර තෙක් පහත හෙළිණි. ඇගේ සේවිකාවක නොරොන් නායකයකුගේ වහලෙකුගේ නාම හැඳුනුම් ඵලකයක් සොරකම් කොට එය ජෑං හුයි-බින්ගේ පියාගේ සොහොන අසල වළලා එය නොරොන්වරුන් බලයට පත්වීමට කළ හූනියමක් ලෙස ප්‍රසිද්ධ කළා ය. මේ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු, රජු මේ ප්‍රයෝගය වටහා ගත් අතර, මාලිගයේ ඇතැම් උපදේශකයන් සමහරක් පිටුවහල් කිරීම හෝ මරණයට පත්කිරීමට පියවර ගත්තේ ය.[5]
1701දී, ඉන්හ්යොන් අගබිසව හඳුනා නොගත් රෝගයකින් මියගියා ය. වාර්තා අනුව සුක්ජොං රජු විසින් ජෑං හුයි-බින් ඇගේ කුටිය තුළ යකැදුරුවරියක සමග අගබිසව මැරීමට ශාපකරමින් හූනියමක් කළ බව සොයාගෙන ඇත.[6] ඇය කිරුළහිමි කුමරුගේ මව වීම නිසා ඇගේ පක්ෂයෙන් ඇයට සමාව දෙන ලෙස රජුට නොයෙකුත් ආයාචනා කළ නමුත්, රජු ඇය, ඇගේ මව සහ සොහොයුරා ඇතුළු සහායකයින් සියල්ල මරාදැමීමට නියෝග කළේ ය. කෝපයෙන් යුතුව, රජු ඇගේ ඥාතීන් සහ ආධාරකරුවන් පිළිබඳ විමර්ශනය කොට ඔවුනට ද මරණ දඬුවම ලබා දෙන ලදී. අගේ පක්ෂය ඇයට සමාව දෙන මෙන් රජුට පෙත්සම් ඉදිරිපත් කළ ද ඔවුට ප්‍රතිචාර ලෙස රජු සොරොන් (ඇගේ පක්ෂය) නායකයින් මරාදමුවේ ය. මෙම සිදුවීමේ දී පුද්ගලයින් 1700ක් මිය යන ලදී.[5] කිරුළහිමි කුමරු පිළිබඳ සිතා ජෑං හුයි-බින්ට වසදී මරණයට පත් කිරීමට වූ දඬුවමට විරුද්ධ වූ මාලිග සේවකයින්ව පිටුවහල් කරන ලදී.[7] මීට සමගාමීව, සිය විසි හත්වන රාජ්‍ය වර්ෂයේ දසවන මාසයේ හත්වන දිනයේ (1701 නොවැම්බර් 7) සුක්ජොං රජු උපබිසෝවරුන්ව අගබිසවක් දක්වා උසස් විය නොහැකි ලෙස නීතියක් ප්‍රකාශයට පත්කළේ ය. 1701 නොවැම්බර් 9වන දින ජෑං හුයි-බින් (10වන චන්ද්‍ර මාසයේ 10වන දිනයේ) චංදොක් මාලිගයේ ඇගේ පෞද්ගලික නවාතැන වූ ච්වි සොන් දං තුළ දී වස පානය කොට මරණයට පත් කෙරිණි. එවිට ඇය 42 වියේ පසුවූවා ය.
අගබිසෝ තනතුර වෙනුවෙන් දැක් වූ අධික බල තණ්හාව හේතුවෙන් ජෑං හුයි-බින් ප්‍රකට වූවා ය. ඇතැමුන් පවසන්නේ ඇය එකල පැවති දේශපාලන අරගලයක පීඩිතයකු බවයි. බිඳවැටෙමින් තිබූ පක්ෂයක සාමාජිකාවක් ලෙස ඇගේ කථාව පසුව විකෘති කොට රචනා කරන්නට ඇත. එවැනි එක් කථාවක් ලෙස ඇය ඇගේ පුතුට (කිරුළ හිමි කුමරු (අනාගත ග්යොංජාං රජු)) දරුණු ලෙස තුවාල කළ නිසා ඔහුට උරුකරුවකු බිහිකළ නොහැකි වූ බවට වූ කථාන්දරය දැක්විය හැක.[8]
ඇගේ දේහය සියෝර්යුංහි දේබින්ම්යෝ සොහොන්ගැබෙහි භූමදාන කරන ලදී.[9][10] (ලිපිනය: 334-92, සියෝර්යුං-රෝ, දෝග්යැං-ගු, ගෝයැං-සි, ග්යොංගි-දෝ) මුලින් ඇයව භූමදාන කළේ මුන්හ්යොං-රි, ඔපෝ-ම්යොන්, ග්වංජු-ගුන්, ග්යොංගි-දෝහි ය. 1969 ජූනි මස එය දේබින්ම්යෝ වෙත ගෙන යන ලදී.[11] ඇගේ අනුස්මරණ ඵලකය චිල්ගුංහි දේබිගුං හෙවත් "රාජකීය උපබිසවගේ 7වන මාලිගයේ" තැන්පත් කරන ලදී.
එසේවුවද, ඇය කිරුළහිමි කුමරුගේ මෑණියන් වූ නිසා, ඇයට "ඔක්සන් ආර්යාව, මාලිගයේ මහා උපබිසව; ඉන්දොං ජං වංශයේ ප්‍රාන්ත මහා උපබිසව" (대빈궁옥산부대빈장씨 大嬪宮玉山府大嬪張氏) යන මරණාපර නාමය ලබා දෙන ලදී.
ජෑං හීබින් බිසව සුක්ජොං රජුට දාව පුතුන් තිදෙනකු වැදුවා ය:
ජෑං හුයි-බින්ගේ මව වූ යූන් මැතිණිය පප්යොං යුන් වංශයට අයත් වූවා ය. පාජු නගරයේ, පප්යොං-ම්යොන් වාසස්ථාන කරගත් පප්යොං (파평/坡平) යූන් වංශය, යුන් වංශ අතුරින් වඩාත්ම ප්‍රකට වංශයයි. මුල්කාලීන ජොසොන් යුගවලදී පප්යොං යුන් කාන්තාවන් කිහිප දෙනකුම අගබිසෝ තනතුරට පත්ව ඇත. ඒ අතර පහත අය ප්‍රධාන වේ:
මෙම වංශයේ ආරම්භක පූර්වජයා ලෙස සැලකෙන්නේ වංගොන් හට ගොර්යෝ රාජවංශය පිහිටුවීමට උපකාර කළ යුන් සින්-දල් සෙන්පතියායි.
දේබින්ම්යෝ යනු ම්යෝ වර්ගයේ සොහොනකි. ඇයව මුලින් භූමදාන කෙරුණේ මුන්හ්යොං-රි ඔපො-ම්යොන් ග්වංජු-ගුන් ග්යොංගි-දෝ පෙදෙසේ ය. නමුත්රජයට නගරය පුළුල් කිරීමට අවශ්‍ය වූ බැවින් 1969 ජූනි මස දී එය දැන් පිහිටි ස්ථානයට රැගෙන විත් ඇත. ජෑං හුයි-බින්ගේ සොහොන්ගැබ වන දේබින්ම්යෝ පිහිටියේ ම්යොංර්යුං (명릉; ර්යුං යන්න රජුන්ගේ සහ රැජිනියන්ගේ සොහොන්ගැබ් සඳහා භාවිත වේ) සොහොන් පිහිටි සියෝර්යුං සොහොන් අතර ය. මෙම සොහොන් අතර සුක්ජොං රජු, ඉන්හ්යොන් අගබිසව, සහ ඉන්වොන් අගබිසවගේ සොහොන් ද ඇත. සොහොන්ගැබට පිටුපසින්, යිශාල ගලක් සහ පයින් ගසක් ඇති අතර, මෙම ගස ගල්පොත්ත පළුදු කරමින් වැඩී ඇත. මෙය ජෑං හුයි-බින්ගේ ශක්තිමත් බව නිසා සිදු වන බවට මතයක් පැතිරී ඇත. ඇතැම් කොරියානු වෙබ්අඩවි සඳහන් කොට ඇත්තේ ජෑං හුයි-බින් ශක්තිමත් කාන්තාවක වූ බැවින්, පෙම්වතකු සොයන තනිකඩ තරුණ කාන්තාවක් ජෑං හුයි-බින්ගේ සොහොන්ගැබ වෙත ගොස් වන්දනාමාන කළ විට ඇයට ඉක්මණින් පෙම්වතකු මුණගැසෙන බවයි.[19]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.