From Wikipedia, the free encyclopedia
ග්යොංජොං (20 නොවැම්බර් 1688 – 11 ඔක්තෝබර් 1724, රාජ්‍ය සමය 1720–1724) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 20වන රජුයි. ඔහු සුක්ජොං රජුට දාව ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසවට උපන් පුත්‍රයා විය.
ග්යොංජොං | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 12 ජූලි 1720 –11 ඔක්තෝබර් 1724 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි සුක්ජොං |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි යොංජෝ |
උපත | 20 නොවැම්බර් 1688 චංදොක් මාලිගය, කොරියාව |
මරණය | 11 ඔක්තෝබර් 1724 (35වන වියේ දී) |
භූමදානය | උයිර්යොං, සොක්ග්වන්-දොං, සොංබුක්-ගු, සෝල් |
වල්ලභයා | දන්උයි අගබිසව, සොන්උයි අගබිසව |
වංශය | යි ගෘහය |
පියා | ජොසොන්හි සුක්ජොං රජු |
මව | ජෑං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව |
කොරියානු නම | |
හංගුල් | 경종 |
---|---|
හන්ජා | 景宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ග්යොංජොං |
මැකූන්–රයිෂවර් | ක්යෝංජොං |
උපන් නාමය | |
හංගුල් | 이윤 |
හන්ජා | 李昀 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ යුන් |
මැකූන්–රයිෂවර් | ඉ යුන් |
Courtesy name | |
හංගුල් | 휘서 |
හන්ජා | 輝瑞 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හ්වයිසො |
මැකූන්–රයිෂවර් | හ්වයිසෝ |
1690දී, ග්යොංජොංව සිහසුනට උරුමකරු ලෙස නම් කිරීම නොරොන් සහ ග්යොංජොංට සහාය දැක් වූ සොරොන් යන දේශපාලන පක්ෂ අතර අරගලයකට හේතු විය.
1720දී, සුක්ජොං රජු මියයාමත් සමග, 32 වියැති රාජකීය අනුප්‍රාප්තික හ්වයිසෝ කුමරු (යි යුන්, 이윤 왕세자) ග්යොංජොං රජු ලෙසින් සිහසුනට පත් විය. සුක්ජොං 1720දී මිය යන විට, ඔහු යි යි-ම්යොංහට යෝනිං-ගුම් කුමරුන්ව ග්යොංජොංගේ අනුප්‍රාප්තිකයා ලෙස නම්කරනට පවසා තිබූ බව කියැවේ. නමුත් එය වාර්තාකරුවකු හො ඉතිහාඥයකු විසින් සඳහන් කොට නැත. මෙම සිදුවීම නිසා සොරොන් සහ ප්රතිපාක්ෂික නොරොන් පක්ෂ අතර මතභේද හටගැනිණි.
රාජ්‍ය සමයේ ග්යොංජොං රෝගී තත්ත්වයෙන් පෙළුණු අතර නොරොන් පාක්ෂිකයින් ග්යොංජොංට ඔහුගේ අර්ධ-සොයුරු යෝනිං කුමරු කෙරෙහි ඇති ප්රියතාව වැළැක්වීමට කටයුතු කළහ. 1720දී, සිංහාසනාරූඪයෙන් මාස දෙකකය පසු, ඔහු සිය අර්ධ සොයුරු යෝනිං කුමරුන්ව (අනාගත යොංජෝ රජු) රාජකීය කුමාර අනුප්‍රාප්තික සොයුරා (වංසෙජේ, 왕세제, 王世弟) ලෙස පත්කරන ලද්දේ, රජුගේ රෝගී භාවය හේතුවෙන් දේශපාලනය මෙහෙයවීමට අපහසු වූ නිසායි.
[මෙම කොටස දක්නට නැත] පවසනු ලබන්නේ [අවසානය],[1] ග්යොංජොංගේ මව වූ ජෑං බිසවට ඔහුගේ රෝගී භාවය වෙනුවෙන් චෝදනා කළ යුතු බවයි. ඇය 1701දී වස දී මරණයට පත්කෙරිණි. නියමය අනුව ජෑං බිසව සිය පුතු වූ කිරුළහිමි කුමරු (පසුව ග්යොංජොං) දැකගැනීමට අවසර පැතුවා ය. ඇය ඔහුට සිබු පැතීමට ඔහු දෙසට වේගයෙන් දිවයන විට, ඇය අතින් කිරුළහිමි කුමරුගේ යටි බඩ බෙහෙවින් තුවාල විය. එනිසා ඔහු වඳ භාවයට පත්ව සිහසුනට උරුමකරුවකු බිහිකිරීමට නොහැකි විය. ග්යොංජොං රජුගේ රෝගී ස්වභාවය හේතුවෙන්, ඔහුට සිය සිව් වසරක රාජ්‍ය සමය තුළ කිසිදු වැදගත් කාර්යයක් ඉටුකිරීමට හැකියාව තිබුණේ නැත.[2]
මෙම උග්‍ර අරගලය විශාල සංහාරයකට හේතු විය. මෙම සිදුවීම ෂිනිම්සාහ්වා (辛壬士禍) නම් වේ.[3] නොරොන්වරුන් කිසිදු බලපෑමක් නොකිරීමට රජුට සංදේශයක් භාර දුන් අතර, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ සොරොන්වරු නොරොන්වරුන් ඔවුන්ගේ බලය වැඩි කරගැනීමට උත්සාහ දරන බව පවසමින්, සිය විරුද්ධවාදීන් බොහෝ කාර්යාලවලින් ඉවත් කිරීමට කටයුතු යෙදූහ. අනතුරුව සොරොන් පක්ෂයේ සාමාජිකයින් මාලිගයේ සැරිසරන සුදු හිවලකු දඩයම් කරනබව පවසමින් අනුප්රාප්තිකයාව (යෝනිං-ගූම්) ඝාතනයට සැලසුම් සැකසූහ. නමුත් ඉන්වොන් මව්බිසව කුමරුන්ව ආරක්ෂා කළා ය. එම සිදුවීමෙන් අනතුරුව යෝනිං කුමරු තමන් පිටතට ගොස් සාමාන්‍ය වැසියකු ලෙස දිවි ගෙවීමට කැමති බව රජුට පවසා ඇත.
ග්යොංජොංගේ සිව් වසරක පාලන සමය තුළ වැදගත් සංහාරයන් දෙකක් සිදු විය. පළමුවැන්න වූ සින්චුක්-ඔක්සා සංහාරය ග්යොංජොංගේ පළමු වර්ෂයේ සිදු වූ අතර, එහිදී සොරොන් පාක්ෂිකයින්, රජුගේ අසනීප තත්ත්වය නිසා අභ්‍යන්තර කටයුතු පාලනය ග්යොංජොංගේ අර්ධ සොයුරු යෝනිං කුමරුට භාර දිය යුතු බවට පැවසූ නොරොන්වරුන්ව ඉවත් කොට දැමූහ. දෙවන සිදුවීම ඉමින්-ඔක්සා නම් වන අතර එය ග්යොංජොංගේ දෙවන වර්ෂයේ දී, එනම් 1722දී පමණ සිදු විය. ඉතිහාසයේ මෙම සිදුවීම් ද්විත්වයම සිනිම්-සාහ්වා ලෙස දක්වා ඇත. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු බටහිර ආයුධ අනුකරණයෙන් කුඩා තුවක්කු නිර්මාණය කිරීම සිදු වූ අතර, රටේ දකුණු පෙදෙස්වල ඉඩම් මිනුම්කරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළේ ය.[4]
1724දී ග්යොංජොං රජු මියගිය අතර, ඔහුගේ දේහය යංජුහි චොන්ජංසන් කන්දේ භූමදාන කරන ලදී. මෙම සොහොන සඳහා උයිර්යොං යන නාමය ලබා දී ඇත.
නොරොන්වරුන් ග්යොංජොං වෙනුවට යෝනිං සිහසුනට පත්කිරීමට මීට පෙර ගත් උත්සාහය නිසා ග්යොංජොංගේ අර්ධ-සොයුරු යෝනිං කුමරු ඔහුගේ මරණය සිදු කරන්නට ඇතැයි මතයක් සොරොන් පාක්ෂිකයන් අතර පැතිරගියේ ය. නමුත් අදවන විට බොහෝ ඉතිහාසඥයින් පිළිගන්නේ රජු මියයන්නට ඇත්තේ නරක් වූ මුහුදු ආහාර අනුභවයෙන් බවයි. හෝමර්ගේ ද හිස්ට්‍රි ඔෆ් කොරියා ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.[5] “අපට මෙම කටකතාවේ සත්‍යය පිළිබඳ නොයෙකුත් සැකයන් ඇත. ඔහුගේ සොයුරා මෙවැන්නක් සිදු කිරීමට හේතුවක් ද දක්වා නොමැත. අනෙක් කරුණ නම් අයිස් නොමැතිව මුහුදේ සිට සැතපුම් තිහක් පමණ ඈතින් පිහිටි ස්ථානයකට මධ්‍ය-ග්‍රීෂ්ම සෘතුවෙහි ගෙනෙන ලද කූනිස්සන් ආහාරයට ගත් මිනිසකු මියයාම පුදුමයට කරුණක් නොවේ.”[6]
ඔහුගේ මරණින් පසු ග්යොංජොංගේ පාලනයේ වංශ කථාව 1732දී ප්‍රකාශයට පත්කෙරිණි. මෙය යොංජෝ රජුගේ සමයේ සිදු විය. ග්යොංජොංගේ යොවුන්වියේ චාරුලේඛන (calligraphic) නිර්මාණ කිහිපයක් අදටත් ශේෂ වී පවතී:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.