2010 දකුණු කොරියානු කතා මාලාවක් From Wikipedia, the free encyclopedia
දොං යි (කොරියානු: 동이; හන්ජා: 同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්යෝ-ජූ, ජි ජින්-හී, ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී.[1] ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.[2][3]
මෙලෙසද හැඳින්වේ | Jewel in the Crown (කිරුළෙහි මාණික්‍යය) |
---|---|
ප්‍රභේදය | ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය ඓතිහාසික |
රචනය කලේ | කිම් යි-යොං |
අධ්‍යක්ෂණය කලේ | ලී බ්යුං-හූන් කිම් සං-හ්යුබ් |
රඟපෑම | හන් හ්යෝ-ජූ ජී ජින්-හී ලී සො-යොන් බේ සූ-බින් |
ඇරඹුම් තේමාව | සිහින මාවතක ඇවිදීම, ජං නා-රා විසින් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 60 |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් හෝ-යොං ආන් සියුං-ගක් |
නිෂ්පාදක(යෝ) | ලී සේ-ජූං |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සදුදා සහ අගහරුවාදා 21:55ට (KST) |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) |
මුල් ධාවනය | 22 මාර්තු 2010 ඔක්තෝබර් 2010 | – 12
පූර්වගමනය වනුයේ | Pasta |
අනුගමනය වනුයේ | Queen of Reversals |
වෙබ් අඩවිය |
කොරියානු නම | |
හංගුල් | 동이 |
---|---|
හන්ජා | 同伊 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Dong-i (දොං-ඊ) |
මැකූන්–රයිෂවර් | Tong-i (තොං-ඊ) |
එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් 'තේ ය.[4] මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.
මෙම කථාව ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජ කාලයට අයත් එකකි. මෙයට පාදක වී ඇත්තේ චෝයි සුක්-බින් උපබිසව නම් ඓතිහාසික චරිතයයි. කථාවේ ප්‍රධාන චරිතය දොං යි නම් වාද්‍ය අංශයේ සේවය කළ වහල් සේවිකාවයි. ඇයගේ උදාර පෞරුෂයත්, අවංකත්වයත්, දක්ෂතාවයත් නිසා ඇය හට මාලිගයේ නොයෙකුත් දුෂ්කර ගැටලු විසඳීමට හැකි වේ. මෙමඟින් ඇයට, පහත් කුලයක ඉපිද රජ බිසවක් බවට පත් වූ මාලිගයේ ප්‍රථම කාන්තාව බවට පත්වීමේ භාග්‍යය හිමි වේ.
දුෂ්කර ගැටලුවක් විසඳන විට ඇයට මාලිගයේ විනිසුරුවරයකු ලෙස වෙස් වලාගෙන සිටි රජතුමාව හමු වේ. රජු විනිසුරුවරයෙකැයි සිතා සිටි ඇයගේ සැලකීම නිසා රජු ඇය සමග ප්‍රේමයෙන් බැදෙයි. . එසේම ඇය ඉන්හ්යොන් අගබිසවගේද සිත දිනා ගැනීමට සමත්වන අතර ජෑං හී-බින් හෙවත් ඔක්ජෝං බිසවද ඇයට හමු වෙයි. (එහෙත් මුලදී ජෑං ඔක්ජෝං බිසව දොං යීගේ මිතුරියක් වුවද පසුව දොං යීගේ ප්‍රතිවාදියා බවට පත් වන්නේද ඇයයි.)
ඇය පහත් පන්තිකයන්ට සාධාරණය ඉටු කිරීමට ගවේෂණයේ යෙදෙන විට ඇයට බොහෝ මිතුරන් හමු වේ. චා චුන්-සූ (ඇගේ අයියා ලෙස පැවසුණද ලේ ඥාතියකු නොවේ), සියෝ යොං-ගී නම් ආරක්ෂක ප්‍රධානීතුමා සහ විමර්ශන පාලිකාවන් දෙදෙනෙකු වූ ජුං පාලිකාව හා බොං පාලිකාව ඒ අතරින් කිහිප දෙනෙකි.
අවසානයේ දොංයී රාජකීය ප්‍රධාන උප බිසව හෙවත් “සුක්-බින්” තනතුරට පත් වේ. ඇය විසින් බිහි කරන කුමරා ජෝසුන් රාජවංශයේ 21වන රජු වූ යොංජෝ කුමරුයි. එනම් සහල් බහාලුමක් තුළ සිර කර මරණයට පත් කළ කිරුළහිමි සදෝ කුමරුගේ පියාණන් ය. තවත් අයුරකින් කියතොත් යි සන් කුමරුගේ මුත්තණුවන් ය..
කථාංගය | මුල් විකාශන දිනය | TNMS ඇගයීම්[8] | |
---|---|---|---|
දීපව්‍යාප්ත | සෝල් පුරවර පෙදෙස | ||
1 | 2010 මාර්තු 22 | 11.4% | 12.9% |
2 | 2010 මාර්තු 23 | 11.5% | 12.6% |
3 | 2010 මාර්තු 29 | 11.8% | 12.9% |
4 | 2010 මාර්තු 30 | 12.3% | 13.4% |
5 | 2010 අප්‍රේල් 5 | 15.3% | 16.4% |
6 | 2010 අප්‍රේල් 6 | 14.2% | 15.2% |
7 | 2010 අප්‍රේල් 12 | 17.2% | 18.9% |
8 | 2010 අප්‍රේල් 13 | 17.2% | 18.5% |
9 | 2010 අප්‍රේල් 19 | 19.0% | 20.4% |
10 | 2010 අප්‍රේල් 20 | 19.7% | 21.3% |
11 | 2010 අප්‍රේල් 26 | 21.6% | 23.5% |
12 | 2010 අප්‍රේල් 27 | 22.5% | 24.5% |
13 | 2010 මැයි 3 | 22.9% | 25.2% |
14 | 2010 මැයි 4 | 20.4% | 21.9% |
15 | 2010 මැයි 10 | 25.8% | 27.9% |
16 | 2010 මැයි 11 | 28.5% | 30.8% |
17 | 2010 මැයි 17 | 25.0% | 27.1% |
18 | 2010 මැයි 18 | 25.6% | 27.3% |
19 | 2010 මැයි 24 | 24.1% | 26.2% |
20 | 2010 මැයි 25 | 23.8% | 26.0% |
21 | 2010 මැයි 31 | 25.1% | 27.7% |
22 | 2010 ජූනි 1 | 26.6% | 29.3% |
23 | 2010 ජූනි 7 | 28.1% | 30.9% |
24 | 2010 ජූනි 8 | 30.3% | 33.2% |
25 | 2010 ජූනි 14 | 31.0% | 33.3% |
26 | 2010 ජූනි 15 | 33.1% | 35.6% |
27 | 2010 ජූනි 21 | 29.1% | 31.0% |
28 | 2010 ජූනි 22 | 30.1% | 32.6% |
29 | 2010 ජූනි 28 | 31.1% | 32.8% |
30 | 2010 ජූනි 29 | 31.9% | 33.8% |
31 | 2010 ජූලි 5 | 30.8% | 33.3% |
32 | 2010 ජූලි 6 | 31.3% | 33.8% |
33 | 2010 ජූලි 12 | 29.1% | 31.1% |
34 | 2010 ජූලි 13 | 29.7% | 31.7% |
35 | 2010 ජූලි 19 | 27.6% | 30.0% |
36 | 2010 ජූලි 20 | 29.4% | 32.0% |
37 | 2010 ජූලි 26 | 28.8% | 31.2% |
38 | 2010 ජූලි 27 | 30.6% | 33.3% |
39 | 2010 අගෝස්තු 2 | 23.9% | 25.8% |
40 | 2010 අගෝස්තු 3 | 23.1% | 25.0% |
41 | 2010 අගෝස්තු 9 | 23.7% | 25.9% |
42 | 2010 අගෝස්තු 10 | 23.2% | 25.2% |
43 | 2010 අගෝස්තු 16 | 23.3% | 25.0% |
44 | 2010 අගෝස්තු 17 | 24.8% | 26.6% |
45 | 2010 අගෝස්තු 23 | 24.7% | 26.5% |
46 | 2010 අගොස්තු 24 | 26.8% | 29.3% |
47 | 2010 අගෝස්තු 30 | 30.7% | 33.0% |
48 | 2010 අගෝස්තු 31 | 30.3% | 32.5% |
49 | 2010 සැප්තැම්බර් 6 | 29.5% | 31.8% |
50 | 2010 සැප්තැම්බර් 7 | 28.6% | 30.7% |
51 | 2010 සැප්තැම්බර් 13 | 26.4% | 28.8% |
52 | 2010 සැප්තැම්බර් 14 | 27.0% | 29.8% |
53 | 2010 සැප්තැම්බර් 20 | 23.0% | 25.5% |
54 | 2010 සැප්තැම්බර් 21 | 20.2 % | 21.1% |
55 | 2010 සැප්තැම්බර් 27 | 25.7% | 28.3% |
56 | 2010 සැප්තැම්බර් 28 | 23.6% | 25.7% |
57 | 2010 ඔක්තෝබර් 4 | 20.9% | 23.2% |
58 | 2010 ඔක්තෝබර් 5 | 20.3% | 22.2% |
59 | 2010 ඔක්තෝබර් 11 | 24.9% | 27.9% |
60 | 2010 ඔක්තෝබර් 12 | 22.3% | 24.2% |
සාමාන්‍යය | 24.5% | 26.5% |
මෙහි පිටපත සකසන ලද්දේ කිම් යි-යොං විසිනි. මෙය කළමනාකරණය කරන ලද්දේ ලීඩර්ස් කන්ටෙන්ට්ස් කම්පනි සමාගම විසිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය කොරියානු ටෙලිසිත්තමක් වූ “දේ ජං-ගුම්” නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලී බ්යුං-හූන් විසිනි.[9]
මෙහි රූගත කිරීම් සිදු වූයේ ග්යොංගි පළාතේ චෝයින්-ගුහි, යොංගින්-සි හි පිහිටි MBC ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. මූන් එම්බ්‍රසිං ද සන්, ජුමොං සහ ක්වීන් සොන්දොක් වැනි නාට්‍ය රූගත වූයේ ද මෙහිදී ය.[10]
රට | මාධ්‍ය ජාල(ය) | ආරම්භක විකාශය | තේමාව |
---|---|---|---|
තායිලන්තය | චැනල් 3 | 2011 නොවැම්බර් | ทงอี จอมนางคู่บัลลังก์ (Dong Yi Cxm Nāng Khū̀ Bạllạngk̒) |
බුරුමය | 5SERIES TV | 2012 පෙබරවාරි | နန္းတြင္ပံုျပင္ (මාලිගයේ පුවතක්) |
තුර්කිය | TRT 1 | 2012 පෙබරවාරි | Sarayın İncisi |
මොංගෝලියාව | ටීවී5 | 2012 නොවැම්බර් | Дун-И (දුන්-ඊ) |
ශ්‍රී ලංකාව | ජාතික රූපවාහිනිය | 2013 පෙබරවාරි | අභීත දියණිය |
ඉරානය | චැනල් 3 | 2012 | دونگی (දුංඉ) |
පිලිපීනය | ජීඑම්ඒ නෙට්වර්ක් | 2011 නොවැම්බර් | දොං-යි |
සිංගප්පූරුව | Oh!K | 2014 ඔක්තෝබර් | දොංයි: ජුවල් ඉන් ද ක්‍රවුන් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.