From Wikipedia, the free encyclopedia
ක්වීන් සොන්දොක් (කොරියානු: 선덕여왕; ප්‍රරෝ: සොන්දොක් යොවං) යනු 2009 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික නාට්‍යයකි. එය විකාශනය කරන ලද්දේ මුන්හ්වා විකාශන සංස්ථාව (MBC) විසින් සිය 48 වන සංවත්සරය සැමරීමට සමගාමීව ය. මෙහි චරිත නිරූපණය ලී යො-වොන්, ගෝ හ්යුන්-ජුං, උම් තේ-වූං, පාක් යේ-ජින්, කිම් නම්-ගිල් සහ යූ ස්යුං-හෝ විසින් සිදු කරන ලදී. මෙම නාට්‍යය මගින් සිල්ලාහි සොන්දොක් රැජිනගේ ජීවිතකථාව නිරූපණය වේ.[1] එය දකුණු කොරියාවේ MBC නාළිකාව මගින් එරට 2009 මැයි 25 දින සිට දෙසැම්බර් 22 දක්වා සදුදා සහ අගහරුවාදා දිනවල එරට වේලාවෙන් 21:55ට කථාංග 62ක් පුරාවට විකාශනය කරන ලදී.[2] ප්‍රේක්ෂක ඇගයීම් අතින් ගත් විට මෙම නාට්‍යය එය විකාශය වූ කාලය තුළ එරට රූපවාහිනී වාර්තාවල මුල් තැන හිමි කරගත්තේ 44.7ක ප්‍රතිශතයක් හිමිකරගනිමිනි. [3] එය 2009 MBC නාට්‍ය සම්මාන උළලේදී මහත් ඇගයුමට පාත්‍ර විය. එහිදී රංගන ශිල්පිනී ගෝ හ්යුන්-ජුං හොදම රංගනයට හිමි ත්‍යාගය දිනාගත් අතර විශ්ව සම්භාවනාවට පාත්‍ර වූවා ය. [4]
මෙලෙසද හැඳින්වේ | The Great Queen Seondeok (සොන්දොක් මහා රැජිනිය) |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය නාට්‍ය ප්‍රේම වෘත්තාන්ත ක්‍රියාදාම |
රචනය කලේ | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් |
අධ්‍යක්ෂණය කලේ | කිම් ගියුන්-හොං පාක් හොං-ග්‍යුන් |
රඟපෑම | ලී යො-වොන් ගෝ හ්යුන්-ජුං උම් තේ-වූං පාක් යේ-ජින් කිම් නම්-ගිල් යූ ස්යුං-හෝ |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 62 |
විධායකනිෂ්පාදක(යෝ) | ලී චං-සූ |
කැමරා සැලැස්ම | බහු කැමරා |
ධාවන කාලය | සදදා සහ අගහරුවාදා 21:55ට (KST) |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | 25 මැයි 2009 දෙසැම්බර් 2009 | – 22
පූර්වගමනය වනුයේ | Queen of Housewives |
අනුගමනය වනුයේ | Pasta |
වෙබ් අඩවිය |
දියොක්මාන් කුමරිය උපත ලැබූයේ චුංමියුන් කුමරියගේ නිවුන් සොහොයුරිය ලෙස සිල්ලා රාජකීය පවුලට දාව ය. නමුත් අනාගතවාක්‍යයක් හේතුවෙන් ඇයව ළදරුවියේදීම පවුලෙන් වෙන්කරනු ලබයි. තක්ලමකාන් කාන්තාරයේ සිය ළමාවිය කටුක ලෙස ගෙවූ දියොක්මාන් සිල්ලා දේශයට පැමිණෙයි. එහිදී පිරිමියකු ලෙස වෙස්ගන්නා ඇය නංදෝ සෙබලකු ලෙස පුහුණු වෙයි. එහිදී ඇය සිල්ලා දේශයේ පාලනය සියතට ගැනීමට කුමන්ත්‍රණයන්හි නිරත වූ කෲර මිෂිල් බිසව නම් මුල්පෙළේ තනතුරක් හෙබ වූ රාජකීය උපබිසවකට විරුද්ධව කටයුතු කළ දියොක්-මාන්ගේ නිවුන් සොයුරිය හා අවංක සෙන්පතියකු වූ කිම් යූෂින් හා එක්වෙයි. කාලයත් සමග මිෂිල් ඇගේ සැබෑ අනන්‍යතාව දැනගන්නා අතර නිවුන් කුමරියන් දෙදෙනා රාජධානියෙන් පිටුවහල් කිරීමට කුමන්ත්‍රණය කරයි. එහිදී වුංමියුන් කුමරිය ඝාතනයට ලක් වේ. නමුත් දියොක්මාන් හා යූෂින් එක්ව බිදාම් නම් දාමරිකයකුගේ සහාය ලබාගෙන ඇගේ තනතුර ප්‍රතිෂ්ඨාපනය සිදුකරන අතර කිම් අල්චොන් ඇතුළු බහුතරයක් හ්වාරංවරුන්ගේ පක්ෂපාතීත්වය ඇගේ පසට ලබාගැනීමට සමත්වෙයි. ක්‍රමයෙන් දියොක්මාන් මිෂිල්ගේ දෙවන කුමන්ත්‍රණයද පරදා ඇයට එරෙහිව ජයලැබීමට සමත්වෙයි. ඉන්පසු දියොක්මාන් කුමරිය සිල්ලා දේශයේ ප්‍රථම රැජින ලෙස සොන්දොක් රැජින යන නාමයෙන් රාජ්‍යත්වයට පත් වේ. නමුත් තවදුරත් ගලායන කථාව මගින් බිදාම් සහ යූෂින්රැජිනගේ සිතදිනාගැනීමට සිදුකරන උත්සාහය හා කොරියාවේ තුන් රාජධානිවල ඉරණම පිළිබදව ද නිරූපණය වේ.
කථාංගය | මුල් විකාශන දිනය (කොරියාවේ) | TNMS තක්සේරු වාර්තාව[17] | AGB තක්සේරු වාර්තාව[18] | ||
---|---|---|---|---|---|
දීපව්‍යාප්ත | සෝල් (පුරවර ප්‍රදේශය) | දීපව්‍යාප්ත | සෝල් (පුරවර ප්‍රදේශය) | ||
1 | 2009 මැයි 25 | 16.0% | 17.1% | 15.3% | 16.8% |
2 | 2009 මැයි 26 | 16.6% | 17.8% | 15.5% | 17.2% |
3 | 2009 ජූනි 1 | 21.3% | 23.3% | 18.2% | 20.3% |
4 | 2009 ජූනි 2 | 22.3% | 23.8% | 20.3% | 21.7% |
5 | 2009 ජූනි 8 | 21.6% | 23.7% | 20.6% | 23.8% |
6 | 2009 ජූනි 9 | 25.2% | 27.1% | 23.3% | 25.2% |
7 | 2009 ජූනි 15 | 27.9% | 30.0% | 25.8% | 27.3% |
8 | 2009 ජූනි 16 | 29.7% | 32.0% | 26.9% | 29.1% |
9 | 2009 ජූනි 22 | 28.1% | 30.0% | 25.8% | 27.6% |
10 | 2009 ජූනි 23 | 27.9% | 29.4% | 25.5% | 26.8% |
11 | 2009 ජූනි 29 | 29.4% | 30.8% | 27.8% | 29.4% |
12 | 2009 ජූනි 30 | 29.2% | 30.5% | 29.1% | 30.7% |
13 | 2009 ජූලි 6 | 29.9% | 31.6% | 29.0% | 30.9% |
14 | 2009 ජූලි 7 | 31.0% | 31.9% | 30.0% | 31.8% |
15 | 2009 ජූලි 13 | 31.6% | 32.8% | 30.9% | 33.5% |
16 | 2009 ජූලි 14 | 31.7% | 33.5% | 31.0% | 34.0% |
17 | 2009 ජූලි 20 | 30.7% | 32.0% | 30.4% | 32.8% |
18 | 2009 ජූලි 21 | 32.8% | 34.4% | 30.5% | 32.6% |
19 | 2009 ජූලි 27 | 32.7% | 34.1% | 32.0% | 34.0% |
20 | 2009 ජූලි 28 | 34.9% | 36.0% | 34.6% | 36.3% |
21 | 2009 අගෝස්තු 3 | 31.9% | 33.2% | 29.7% | 31.2% |
22 | 2009 අගෝස්තු 4 | 35.4% | 36.4% | 33.2% | 35.5% |
23 | 2009 අගෝස්තු 10 | 37.5% | 39.6% | 35.6% | 38.0% |
24 | 2009 අගෝස්තු 11 | 39.5% | 41.7% | 38.0% | 40.5% |
25 | 2009 අගෝස්තු 17 | 39.0% | 40.4% | 37.6% | 39.1% |
26 | 2009 අගෝස්තු 18 | 42.0% | 44.3% | 39.7% | 41.7% |
27 | 2009 අගෝස්තු 24 | 40.3% | 41.7% | 38.4% | 41.1% |
28 | 2009 අගෝස්තු 25 | 42.0% | 43.6% | 41.0% | 43.1% |
29 | 2009 අගෝස්තු 31 | 42.2% | 44.7% | 40.0% | 41.5% |
30 | 2009 සැප්තැම්බර් 1 | 42.1% | 44.4% | 41.7% | 44.0% |
31 | 2009 සැප්තැම්බර් 7 | 43.5% | 45.4% | 39.7% | 42.3% |
32 | 2009 සැප්තැම්බර් 8 | 40.6% | 42.9% | 38.4% | 39.8% |
33 | 2009 සැප්තැමබ්ර් 14 | 40.6% | 42.1% | 39.9% | 41.7% |
34 | 2009 සැප්තැම්බර් 15 | 42.3% | 43.9% | 40.0% | 43.2% |
35 | 2009 සැප්තැම්බර් 21 | 41.6% | 44.6% | 40.8% | 44.4% |
36 | 2009 සැප්තැම්බර් 22 | 39.6% | 41.1% | 38.9% | 42.3% |
37 | 2009 සැප්තැම්බර් 28 | 39.1% | 40.3% | 36.9% | 39.9% |
38 | 2009 සැප්තැම්බර් 29 | 39.5% | 40.4% | 38.2% | 40.6% |
39 | 2009 ඔක්තෝබර් 5 | 39.3% | 40.6% | 39.2% | 41.3% |
40 | 2009 ඔක්තෝබර් 6 | 39.6% | 40.6% | 39.7% | 43.4% |
41 | 2009 ඔක්තෝබර් 12 | 38.1% | 39.9% | 38.1% | 40.3% |
42 | 2009 ඔක්තෝබර් 13 | 38.0% | 38.8% | 37.9% | 40.2% |
43 | 2009 ඔක්තෝබර් 19 | 38.3% | 38.8% | 37.2% | 39.3% |
44 | 2009 ඔක්තෝබර් 20 | 37.6% | 38.7% | 37.8% | 40.4% |
45 | 2009 ඔක්තෝබර් 26 | 39.3% | 41.5% | 38.3% | 40.9% |
46 | 2009 ඔක්තෝබර් 27 | 40.8% | 43.0% | 39.4% | 42.3% |
47 | 2009 නොවැම්බර් 2 | 41.7% | 43.7% | 39.6% | 42.1% |
48 | 2009 නොවැම්බර් 3 | 42.4% | 44.1% | 40.2% | 42.6% |
49 | 2009 නොවැම්බර් 9 | 44.9% | 46.7% | 43.6% | 45.8% |
50 | 2009 නොවැම්බර් 10 | 44.4% | 46.1% | 43.3% | 45.7% |
51 | 2009 නොවැම්බර් 16 | 42.3% | 44.4% | 39.0% | 42.2% |
52 | 2009 නොවැම්බර් 17 | 37.7% | 39.1% | 38.1% | 41.1% |
53 | 2009 නොවැම්බර් 23 | 35.0% | 36.1% | 34.8% | 37.4% |
54 | 2009 නොවැම්බර් 24 | 36.5% | 38.3% | 34.1% | 36.8% |
55 | 2009 නොවැම්බර් 30 | 35.3% | 36.0% | 35.3% | 37.8% |
56 | 2009 දෙසැම්බර් 1 | 36.9% | 38.0% | 34.5% | 37.4% |
57 | 2009 දෙසැම්බර් 7 | 38.0% | 39.1% | 34.0% | 36.2% |
58 | 2009 දෙසැම්බර් 8 | 36.2% | 37.9% | 34.4% | 35.7% |
59 | 2009 දෙසැම්බර් 14 | 35.8% | 36.4% | 32.3% | 33.9% |
60 | 2009 දෙසැම්බර් 15 | 35.8% | 37.4% | 32.8% | 34.5% |
61 | 2009 දෙසැම්බර් 21 | 35.1% | 37.1% | 32.3% | 34.5% |
62 | 2009 දෙසැම්බර් 22 | 37.7% | 39.7% | 35.7% | 38.5% |
Special | 2009 දෙසැමබ්ර් 28 | 12.5% | 12.3% | 13.4% | 14.7% |
සාමාන්‍යය | 35.1% | 36.6% | 33.6% | 35.8% |
මෙම නාට්‍යය රූගත කර ඇත්තේ එම්බීසී ඩ්‍රාමියා ටෙලි සිනමා උද්‍යානය, චෝයින්-ගු, යොංගින්, ග්යොංගි පළාතේ හි ය. දොං යි, මූන් එම්බ්‍රසිං ද සන් සහ ජුමොං වැනි කොරියානු ඓතිහාසික නාට්‍යද රූගත කර ඇත්තේ එම ප්‍රදේශයේම ය. [19]
නාට්‍යයේ කථාපුවත සදහා ඓතිහාසික සිදුවීම් නිරූපණය කිරීමේදී සුවිශේෂී කලා අවසරයක් ලබාගෙන ඇත. මෙහි සැලකිය යුතු කරුණක් වන්නේ ජින්ප්යොං රජුගේ රාජ්‍ය කාලය දශක දෙකක කාලයක් අක්වා කෙටි කොට තිබීමයි. එසේම මෙහි සොංදොක් රැජින උපත ලබන්නේ රජුගේසිංහාසනාරූඪත්වයෙන් වසරක් තුළයි. (ඇගේ සැබෑ උපන්දිනය නොදනී) එසේම මෙහි පෙර සිටි ජින්හ්යුං රජුගේ රාජ්‍ය කාලයද ඒ හා සමාන කාලයක් දීර්ඝව දක්වා ඇති අතර ඔහු මරණයට පත්වන විට බොහෝ වියපත්ව දක්වා ඇත. මේ නිසා ජින්හියුං රජ සමයේ සහ රැජින රාජකීය කුමරියකව සිටි සමයේ මීෂිල් සහ තව.ත් ප්රමුඛ චරිත වඩාත් ඉස්මතු වී පෙනේ. [20][21] එසේම මෙහි කුමරිය කිම් යූෂින් සහ බිදාම් සමවයසේ සිටින බව දක්වා ඇතත් එය ඓතිහාසිකව සනාථ නොවූවකි. එසේම මෙහි කථාපුවතේ ඇති තවත් වෙනසක් නම් ඇගේ මරණය සිදු වූ දිනයයි. සොංදොක් රැජිනගේ මරණයෙන් දින දහයකට පසු ජින්දොක් රැජින විසින් බිදාම්ට පනවන ලද දඩුවම සහ කිම් අල්චොන්ගේ පත් කිරීම මෙහි නිරූපණය කොට නැත. එසේම මෙම නාට්‍යය තුළ ජින්දොක් රැජින පිළිබදව ද සදහන් නොවී තිබීම පුදුමයකි. එසේම තවත් වැදගත් කරුණක් නම් සැබවින්ම සොන්දොක් රැජින කිසිදින සිල්ලා රාජ්‍යය හැරගොස් නොමැති වීමයි. (ඇයගේ ළමා කාලය මාලිගයේ ගත කළ බවට කථාන්තර ඇත) එසේම ඇය ලතින් බස දැන සිටියේ ද නැත.
2009 දෙසැම්බර් 31වන දින සංස්කෘතික කටයුතු පිළිබදව වූ ග්‍රේට් වර්ක්ස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයකු සහ අප්‍රකට නාට්‍ය පිටපත් රචිකාවක වූ කිම් ජි-යොං විසින් MBC සමාගමට සහ පිටපත් රචක කිම් යොං-හ්යුන් සහ පාක් සං-යොන්ට එරෙහිව රචනා චෞරත්වය (plagiarism) යටතේ නඩු පවරන ලද්දේ ඔවුන් විසින් Seondeok, Queen of Mugunghwa නම් සංවිධානය නොකළ සංගීත ප්‍රසංගය වෙනුවෙන් 2005දී නිර්මාණය කළ තිරපිටපත සොරකම් කළ බව පවසමිනි. නමුත් කිම් ප්‍රකාශ කළේ ඇගේ පිටපත සහ තම පිටපත කථාව ගොඩනැගීම සහ චරිත අතර පවතින ආරවුල් සමාන ලෙස නිරූපණය කර ඇති බවයි. එහි දී ප්‍රධාන කාන්ත චරිත ද්විත්වය වන සොංදොක් සහ මිෂිල් අතර අර්බුදය, දියොක්මාන් සහ සෙන්පති කිම් යූෂින් අතර ඇතිවන ප්‍රේමය සහ ළමා දියොක්මාන් කාන්තාරයක සැරිසරන ආකාරය MBC නාට්‍යයේ අන්තර්ගත බවත්, ඒවා ඉතිහාසය මත පදනම් නොවූ ඒවා බවත් තමන් විසින් ඒවා ප්‍රබන්ධ කළ බවත් ඇය පවසයි.. කිම් තවදුරටත් පැවසූයේ තමන් ප්‍රසංගය සදහා මූල්‍යාධාර ලබාගැනීමට Korea Creative Content Agency ආයතනය සමග තම පිටපත් කිහිපයක් හුවමාරු කළ බවත්, එහි දී ඇගේ කථාවේ අනතර්ගතය පිටතට යන්නට ඇති බවත් ය. [22] එසේම නාට්‍යයේ විකාශය නැවැත්වීමට තමන් ලබාගෙන තිබූ නිරොධාඥාව ඉවත් කර ගැනීමට කිම් වොන් මිලියන200ක වන්දියක්ද ඉල්ලා සිටියා ය. නිරොධාඥාව ඉවත් වීමෙන් අනතුරුව ක්වීන් සොන්දොක් නාට්‍යය 2009 මැයි මස සිට දෙසැම්බර් මස දක්වා විකාශය විය. නමුත් එහි ප්‍රකාශන හිමිකම් අයිතිය උල්ලංඝනය පිළිබද ගැටලුව දිගටම පැවතිණි.
MBC මාධ්‍ය ජාලය සහ නාට්‍යයේ තිර රචකයන් පවසා සිටියේ තමන් කිම්ගේ පිටපත පිළිබද නොදැන සිටි බවයි.[23] 2008 මැයි මසMBC සමාගම විසින් එහි ප්‍රකාශන අයිතිය ලබාගෙන තිබිණි. කිම් විසින් විශේෂඥ සහාය ඉල්ලා සිටි පසු සෝල් දකුණු දිස්ත්‍රික් අධිකරණය විසින් සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ නීති සහ තාක්ෂණ මධ්‍යස්ථානය වෙත මේ පිළිබද විමර්ශනය කරන මෙන් පවසා සිටියේ ය. “පිටපත් මරණ පරීක්ෂාව” ("script autopsy,") නම් ක්‍රියාවලියකින් පසු මධ්‍යස්ථානය විසින් පිටපත් දෙකෙහි සමාන අන්තර්ගතයන් පරීක්ෂා කරයි. එහිදී විශ්වවිද්‍යාල ඉතිහාසඥයන් විසින් චරිත සහ කථාතේමාවන් අතර ඇති ඓතිහාසික තොරතුරු සහ ඒවා සාහිත්‍යමය නිර්මාණවලදී වෙනස් කර ඇති අකාරය පිළිබද අධ්‍යයනය කරනු ලබයි ඉන් පසු මධ්‍යස්ථානය විසින් ප්‍රකාශන අයිතිය පිළිබද ඇගයීමක් සිදුකළ පසු අධිකරණය සිය අවසන් තීරණය දැනුම්දෙනු ලබයි. [24] 2011පෙබරවාරි මසදී සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ නෛතික හා තාක්ෂණික මධ්‍යස්ථානය මගින් මෙය රචනා චෞරත්වයක් බව තහවුරු කරන ලදී. [25]
2012 දෙසැම්බර් මස පැමිණිලිකාර පාර්ශ්වයේ කිම් ජි-යොංට පක්ෂපාතීව මහාධිකරණ තීන්දුව ලැබුණු අතර ක්වීන් සොන්දොක් යනු රචනා චෞරත්වයක් නිසා MBC ආයතනයට වොන් මිලියන 200 (ඇමරිකන් ඩොලර් 186,000)ක දඩයක් නියම කරන ලදී. එහිදී ප්‍රකාශ වූයේ චරිත සහ කරුණුවල යම් වෙනසක් තිබුණද "සමස්ත කථාවම එකම බවයි" එසේම "ආයතනය විසින් සිය නාට්‍යය නිර්මාණයට සිය පිටපත සහ සංගීත ප්‍රසංගයේ පිටපත යොදාගෙන ඇතිබව"යි.[26] මීටඅමතරව කේබල් රූපවාහිනී සහ අන්තර්ජාලය මෙහි නැවත විකාශය කිරීම්, DVD සහ පොත් නිර්මාණය කිරීම ද තහනම් කෙරිණි.[27]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.