From Wikipedia, the free encyclopedia
2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය හත්වන අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලියයි.[1] එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්විණි. සෑම කණ්ඩායමක්ම 2021 ඔක්තෝබර් 10 ට පෙර ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගන්නා ලදී.[2][3]
ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ මූලික සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[4] කෙසේ වෙතත්, සංචිතය නම් කිරීමෙන් පසු රෂීඩ් ඛාන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූයේ,[5] තේරීම් කමිටුව කණ්ඩායමට ඔහුගේ කැමැත්ත ලබාගෙන නැති බව පවසමිනි.[6] ඉන්පසුව ඇෆ්ගනිස්ථානයේ නායකයා ලෙස මොහොමඩ් නබි නම් කරන ලදී.[7] 2021 ඔක්තෝබර් 10 වන දින ඇෆ්ගනිස්ථානය තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ අවසන් සංචිතය නම් කරන ලදී.[8] 2021 ඔක්තෝබර් 31 වන දින, "අස්ගර් ඇෆ්ගන්" ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය.[9] තරගාවලියේ ඉතිරි තරග සඳහා ඔහු වෙනුවට ෂරෆුදීන් අෂ්රෆ් නම් කර ඇත.[10]
ෂරෆුදීන් අෂ්රෆ්, දව්ලට් සද්රන්, සමිඋල්ලා ෂින්වාරි සහ ෆසාල්හක් ෆාරුකි අතිරේඛ සංචිත ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[11]
ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 18 දින ප්‍රකාශයට පත් කළේය.[12]
ඩෑන් ක්‍රිස්ටියන්, නේතන් එලිස් සහ ඩැනියෙල් සෑම්ස් ආබාධ ආවරණ ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[13]
බංගලාදේශය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[14] රුබෙල් හොසේන් සහ අමිනුල් ඉස්ලාම් අතිරේඛ සංචාරක සංචිත ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[15] කෙසේ වෙතත්, 2021 ඔක්තෝබර් 10 වන දින අමිනුල් ඉස්ලාම් සංචිතයෙන් ඉවත් වී නැවත නිවසට පැමිණියේය.[16] 2021 ඔක්තෝම්බර් 26 වෙනිදා, මොහොමඩ් සයිෆුදීන් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට රුබෙල් හොසේන් නම් කරන ලදී.[17] ශකීබ් අල් හසන් බංගලිදේශයේ අවසන් සුපිරි 12 තරග දෙකේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත් විය.[18]
එංගලන්තය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[19] 2021 ඔක්තෝම්බර් 5 වන දින, කොන්දේ ආබාධයක් හේතුවෙන් සෑම් කරන් එංගලන්ත සංචිතයෙන් ඉවත් කරන ලදී.[20] ඔහුගේ සහෝදරයා, ටොම්, ඔහු වෙනුවට නම් කරන ලද අතර, රීස් ටොප්ලි අතිරේඛ සංචාරක සංචිතයට එකතු කරන ලදී.[21] ලියම් ඩෝසන් සහ ජේම්ස් වින්ස් ද අතිරේඛ සංචාරක සංචිතයට නම් කරන ලදී.[22] 2021 නොවැම්බර් 3 වන දින, කලවා ආබාධයක් හේතුවෙන් ටයිමල් මිල්ස් තරඟාවලියේ ඉතිරි තරඟ වලින් ඉවත් කරන ලදී, ඔහු වෙනුවට රීස් ටොප්ලි නම් කරන ලදී.[23] දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයේ සුපිරි 12 තරගයේදී ජේසන් රෝයි ආබාධයකට ලක් වූ අතර, ඔහුව තරඟාවලියේ ඉතිරි තරඟ වලින් ඉවත් කළේය.[24] ඔහු වෙනුවට ජේම්ස් වින්ස් නම් කර ඇත.[25]
පුහුණුකරු: ක්‍රිස් සිල්වර්වුඩ්
ඉන්දියාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 8 වන දින ප්‍රකාශයට පත් කළේය.[26] 2021 ඔක්තෝම්බර් 13 වන දින, ෂර්දුල් තාකූර්, අක්සාර් පටෙල් වෙනුවට ඉන්දීය සංචිතයට ඇතුළත් වූ අතර, අක්සාර් කණ්ඩායමේ පොරොත්තු ක්‍රීඩක සංචිත ලැයිස්තුවට එක් කළේය.[27]
දීපක් චාහර්, ශ්‍රේයාස් අයියර් සහ අක්සාර් පටෙල් පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[28]
අයර්ලන්තය 2021 සැප්තැම්බර් 9 වන දින ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතයක් ප්‍රකාශයට පත් කළේය.[29] එය ඔක්තෝබර් මස මුලදී ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයකට අඩු වනු ඇත.[30] 2021 ඔක්තෝබර් 8 වන දින, අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ප්‍රකාශයට පත් කරන ලද අතර, ෂේන් ගෙට්කේට්, ග්රැහැම් කෙනඩි සහ බැරී මැකාති පොරොත්තු සංචිතය ලෙස නම් කරන ලදී.[31]
නැමීබියාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 10 දින ප්‍රකාශයට පත් කළේය.[32]
පොරොත්තු ක්‍රීඩකයා ලෙස මොරිෂස් න්ගුපිට නම් කෙරිණි.[33]
නෙදර්ලන්තය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 10 දින ප්‍රකාශයට පත් කළේය.[34]
පොරොත්තු ක්‍රීඩකයන් ලෙස ටෝබියාස් විසී සහ ෂේන් ස්නේටර් නම් කර ඇත.[35]
නවසීලන්තය ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 10 දින ප්‍රකාශයට පත් කළේය.[36] ඇඩම් මිල්න් ආබාධ ආවරණ ක්‍රීඩකයා ලෙස නම් කරන ලද අතර,[37] පසුව නවසීලන්ත සංචිතයට ආබාධයකට ලක්වූ ලොකී ෆර්ගසන් වෙනුවට පත් කරන ලදී.[38] එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේදී අතක ආබාධයක් හේතුවෙන් ඩෙවෝන් කොන්වේ නවසීලන්ත අවසන් මහා තරගයට ඇතුළත් නොවීය.[39]
ඕමානය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 8 දින ප්‍රකාශයට පත් කළේය.[40]
පුහුණුකරු: දුලිප් මෙන්ඩිස්
පාකිස්තානය ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 6 වන දින ප්‍රකාශයට පත් කළේය.[41] 2021 ඔක්තෝබර් 8 වන දින, පාකිස්තානය ඔවුන්ගේ සංචිතය යාවත්කාලීන කරන ලද අතර, අසාම් ඛාන් සහ මොහොමඩ් හස්නයින් වෙනුවට සර්ෆරාස් අහමඩ් සහ හයිඩර් අලි ඇතුළත් විය.[42] කුෂ්දිල් ෂා වෙනුවට ෆකාර් සමාන් ද පොරොත්තු ලැයිස්තුවෙන් සම්පූර්ණ කණ්ඩායමට ගෙන යන ලදී.[43] පසුදින, කොන්දේ ආබාධයක් හේතුවෙන් සොහයිබ් මක්සූඩ් පාකිස්තාන සංචිතයෙන් ඉවත් විය.[44] ඔහු වෙනුවට ෂොයිබ් මලික් නම් කර ඇත.[45]
උස්මාන් කදීර්, ෂානාවාස් දහානි සහ කුෂ්දිල් ෂා පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[46]
පැපුවා නිව්ගිනියාව ඔවුන්ගේ සංචිතය 2021 අගෝස්තු 24 දින ප්‍රකාශයට පත් කළේය.[47]
ස්කොට්ලන්තය 2021 සැප්තැම්බර් 9 වන දින ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතයක් ප්‍රකාශයට පත් කළේය.[48] එය 2021 ඔක්තෝබර් 10 වන දින ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයකට හා පොරොත්තු ක්‍රීඩකයන් දෙකක් දක්වා වෙනස් කරන ලදී.[49] මයිකල් ජෝන්ස් සහ ක්‍රිස් සෝල් පොරොත්තු සංචිත ලෙස නම් කරන ලදී.[50] ජොෂ් ඩේවි ඔවුන්ගේ අවසන් තරග තුන සඳහා ස්කොට්ලන්ත සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ ඉකිලි ආබාධයක් හේතුවෙනි.[51] ඔහු වෙනුවට ජෝන්ස් නම් කර ඇත.[52]
දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සංචිතය 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කළේය.[53]
පොරොත්තු ක්‍රීඩකයින් ලෙස ජෝර්ජ් ලින්ඩේ, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ සහ ලිසාඩ් විලියම්ස් නම් කර ඇත.[54]
ශ්‍රී ලංකා සංචිතය 2021 සැප්තැම්බර් 12 දින ප්‍රකාශයට පත් කරන ලදී.[55] 2021 ඔක්තෝම්බර් 1 වන දින ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් ඔවුන්ගේ සංචිතයට එක් කළේය.[56] ශ්‍රී ලංකාව තරඟාවලිය සඳහා ඔවුන්ගේ අවසන් සංචිතය 2021 ඔක්තෝබර් 10 දින ප්‍රකාශයට පත් කරන ලදී.[57]
පොරොත්තු ක්‍රීඩකයන් ලෙස අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ පුලින තරංග නම් කර ඇත.[58] ළහිරු මධුශංක ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ අස්ථි කැඩීමක් හේතුවෙනි.[59] ඔහු වෙනුවට මිනෝද් භානුක නම් කර තිබේ.[60] 2021 ඔක්තෝබර් 16 වන දින, ශිරාන් ප්‍රනාන්දු ද පොරොත්තු ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇත.[61]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2021 සැප්තැම්බර් 9 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.[62] 2021 ඔක්තෝබර් 20 දින, ෆේබියන් ඇලන් වළලුකර ආබාධයකින් ඉවත් වූ පසු, ෆේබියන් ඇලන් වෙනුවට අකේල් හොසේන් පත් විය.[63] 2021 ඔක්තෝම්බර් 27 වන දින, ආබාධයක් හේතුවෙන් ඕබෙඩ් මැකෝයි ඉවත් කිරීමෙන් පසු, ඕබෙඩ් මැකෝයි වෙනුවට ජේසන් හෝල්ඩර් පත් කරන ලදී.[64]
ජේසන් හෝල්ඩර්, අකේල් හොසේන්, ෂෙල්ඩන් කොට්‍රෙල් හා ඩැරන් බ්රාවෝ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කරන ලදී.[65]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.