From Wikipedia, the free encyclopedia
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.[1] දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී 'හොඳම නිලිය සම්මානය' ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය.[2] 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.[3]
Member of the ශ්‍රී ලංකා Parliament ජාතික ලැයිස්තුව සඳහා | |
---|---|
තනතුරුධාරී | |
තනතුර දරමින් 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | වන්නි ආරච්චිගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා අප්‍රේල් 30, 1947 කැළණිය, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | උපාලි සේනානායක (වි. 1965; දික්. 1980) ලකී ඩයස් (වි. 1986) |
රැකියාව | රංගන ශිල්පිනී |
Awards | සරසවිය හොඳම නිළිය (1980), (1982), (1983) සහ සරසවිය ජනප්‍රිය නිළිය (1980-1983) |
වෙබ් අඩවිය | Official website |
ගිල්බට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය, කැළණිය පෑලියගොඩ දී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන්, නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කලාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැළණියේ වෙදමුල්ල ට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වූවාය, ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී යි.[4]
1986 ජුනි 12 වන දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය.
2010 අප්‍රියෙල් හීදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තුව යටතේ ඇයට, පාර්ලිමේන්තු සාමාජිකත්වය ලබා දෙන ලදී .
ෆොනසේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි. 1963 දී, "නොරත රත" වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී, රග පෑඅකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14 කට සිය ප්‍රධාන රංගනය එක්කලාය.
ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම ඇයඅබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපට වලද රැගුවාය. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය , අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ලමයෙක් සහ බඹරු ඇවිත් යන ඒවා හඳුනා ගත හැක . ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්රපටද අධ්‍යක්ෂණය කෙරිණි.[5] 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය.
පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය. මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය.[6]
මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ ආකාස කුසුම් හැඳින්විය හැක. රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සමග තවත් ඔපවත් විය.
ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පලමු ශ්‍රී ලාංකික නිලිය වූවේ මාලනියයි. ඒ 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගැනීමත් සමගයි. 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය.
2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (Deauvill) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමිණි.[7][8]
සරසවිය සම්මාන හැරුනු කොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවාය.
ඇය රග පෑ "කෙම්මුර" ටෙලිනාට්‍යය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලදී ඇයට "හොඳම නිලිය සම්මානය" හිමි විය.
මාලිනියේ නමින් 2003 අප්‍රියෙල් 30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව හී පැවැති මාලිනි ෆොන්සේකා අභිනන්දන උළෙලට එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද සහභාගී වෙමින් දශක 4 ක් තිස්සේ ශ්‍රී ලංකීය සිනමාව ට ඇය දැක්වූ සේවාව අගය කලාය.[9]
2008 ජනවාරියේදී U.S.A. ලොස් ඇන්ජලිස් හි වසන ශ්‍රී ලාංකිකයින් විසින් මාලනියට උපහාර පල කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී .[10]
වසර | චිත්‍රපටය | අධ්‍යක්ෂණය | චරිතය | කරුණු |
---|---|---|---|---|
2008 | ආකාස කුසුම් | ප්‍රසන්න විතානගේ | සන්ධ්‍යා රාණි | ජයග්‍රාහිකාව, රිදී මයුර සම්මානය - 39 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල |
අබා | ජැක්සන් ඇන්තනී | භද්දකච්චායනා | ජයග්‍රාහිකාව, සරසවිය හොඳම සහය නිලිය සම්මානය | |
මචන් | උබර්තෝ පැසොලීනී | මනෝජ්ගේ මව | ||
2007 | උප්පලවන්නා | සුනිල් ආරියරත්න | ප්‍රධාන භික්ෂුණිය | |
2006 | අම්මාවරුනේ | ලෙස්ටර් ජේම්ස් පීරිස් | සුමනාවතී | |
දේදුනු වැස්ස | බුද්ධික ජයරත්න | |||
2004 | මුතු ඇටයේ මෝඩයෝ | ගිවන්ත අර්ථසාද් | ||
ප්රතිරාවය | ජයන්ත දාස් පෙරේරා | |||
උඩු සුළග | H D ප්‍රේමරත්න | මැණිකේ | ||
වෑකන්ද වලව්ව | ලෙස්ටර් ජේම්ස් පීරිස් | සුජාතා රාජසූරිය | ||
2002 | පුංචි සුරංගනාවී | සෝමරත්න දිසානායක | සිංහල ගුරුතුමිය | |
2000 | සරෝජා | සෝමරත්න දිසානායක | ||
1998 | අන්තිම රැය | ගාමිණී ෆොන්සේකා | ||
1996 | අපායේ තත්පර අසූහාරදාහක් | දිනේෂ් ප්‍රියසාද් | ||
1977 | පයිලට් ප්‍රේම්නාත් | A C තිරුලෝගාචන්දාර් | දෙමළ චිත්‍රපටයකි | |
1994 | මුතු ඇටයේ මෝඩයෝ | සෝමපාල ලීලානන්ද | ||
සඳ මඩල | මාලනි ෆොන්සේකා | |||
1992 | සත්‍යා | රංජිත් සිරිවර්ධන | සත්‍යා | |
රූමතියයි නීතියයි | M අරුක්ගොඩ | |||
උමයංන්ගනා | ආනන්ද ෆොන්සේකා | |||
Ahimi Dadaman | ඩැනී ඩබ් පතිරණ | |||
සුවදෙන සුවඳක් | මිල්ටන් ජයවර්ධන | |||
1991 | ස්ත්‍රී | මාලනී ෆොන්සේකා | ||
මදුසමය | කේ ඒ විජේරත්න | සරෝජනී | ||
රජ කෙල්ලෝ | ෂර්ලි පී විජේරත්න | කාන්තා පොලිස් නිළදාරිනිය | ||
හිතට දුකක් නැති නිසා | දිනේෂ් ප්‍රියසාද් | ගුරුවරිය | ||
පාරාදීසේ | දිනේෂ් ප්‍රියසාද් | |||
1990 | හොඳ හොඳ සෙල්ලම් | දිනේෂ් ප්‍රියසාද් | ||
වීරෝදාර | ෂර්ලි පී විජේරත්න | |||
1989 | ශක්තිය ඔබයි අම්මා | රංග විජේන්ද්‍ර සහ ඇන්ටන් කිංස්ලි | ||
1988 | සිරි මැදුර | පරාක්‍රම නිරිඇල්ල | නිර්මලා | |
වරදට දඩුවම් | දිනේෂ් ප්‍රියසාද් | |||
නැව ගිලුනත් බෑන් චූන් | හේමසිරි සෙල්ලප්පෙරැම | |||
සම්මාන | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ස්වර්ණා කහවිට බිනරමලී |
සරසවිය හොඳම නිලිය සම්මානය හිගන කොල්ලා 1980 |
අනුප්‍රාප්තික වසන්ති චතුරානි ගඟ අද්දර |
පූර්වප්‍රාප්තිකයා වසන්ති චතුරානි ගඟ අද්දර |
සරසවිය හොඳම නිලිය සම්මානය ආරාධනා 1982 |
අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා |
ජනප්‍රියම නිලිය සම්මානය 1980 |
අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා |
ජනප්‍රියම නිලිය සම්මානය 1981 |
අනුප්‍රාප්තික |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.