From Wikipedia, the free encyclopedia
නිධානය යනු ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1972 වර්ෂයේදී තිරගත වූ සිංහල චිත්රපටිකි. එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ බිහිවූ සිනමා කෘති අතරින් ප්‍රබල ස්ථානයක් ගත් චිත්‍රපටියකි.
නිධානය | |
---|---|
අධ්‍යක්ෂණය | ලෙස්ටර් ජෙම්ස් පීරිස් |
රචනය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
නිශ්පාදනය | සිලෝන් තියටර්ස් (ඊ. ඇන්තනි පිල්ලේ) |
සිනෙමාරූපණය | එම්.එස්.ආනන්දන් |
සංස්කරණය | ලෙස්ටර් ජේම්ස් පීරිස් / එඩ්වින් ලීටින්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය එම්. පී. රූපසේන |
සංගීතය | ප්‍රේමසිරි කේමදාස |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
‘නිධානය’චිත්‍රපටයට අවුරුදු 40 ක් පිරෙද්දී සිංහල සිනමාවට අවුරුදු 65 සපිරෙද්දී මෙම චිත්‍රපටයේ නෙගටිව් පටය පුළුස්සා දමා තිබීම අතිශය ඛේදජනක කාරණාවකි. මාක්ස්වාදී විචාරකයකු වූ පියල් සෝමරත්න එය ව්‍යාජ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දුන්නේය. (සමසමාජය 1972 මාර්තු 24). එහෙත් උත්ප්රාසයට තුඩුදෙන කාරණාව වන්නේ පියල් පසු කලෙක ‘නිධානය’ 50 වසරක හොඳම චිත්‍රපටය ලෙස තේරිමය. එපමණක් ද නොවේ. ‘නිධානය’ නැවත කියවීමක්’ නමින් ලිපියක් ලියූ පියල් ඒ අවස්ථාවේ කියා සිටියේ මෙය ලෙස්ටර්ගේ උත්කෘෂ්ටතම සිනමා කෘතිය බවය.
කෙසේ වෙතත් විදේශීය සිනමා විචාරකයෝ ‘නිධානයේ’ අගය එකවර වටහා ගත් බවක් පෙනී යයි. ප්‍රංශයේ POSITIF නම් වූ වාමවාදී සඟරාවට ‘නිධානය’ විචාරය කළ මිචෙල් සිමෙන්ට් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකය බව කියා ඇත.
මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ නිධානය බව අවිවාදිත කරුණකි. එහි විශිෂ්ටත්වයට ළඟාවීමට මෙතෙක් කිසිදු චිත්‍රපටයක් නිර්මාණය වී නොමැති වග ද පොදු මතයකි. එහෙත් එවන් අමිල වූ අගයකින් යුතු නිධානයෙහි කිසිදු පිටපතක් නොමැති වීම එම චිත්‍රපටය නැරැඹූ නොරැඹූ කොයි කාගෙත් කණගාටුවට හේතු විය. පුළුස්සා විනාශ වූ නිධානය යළි දැක ගැනීමේ භාග්‍යක් නැති වූ අතරෙහි, නැති වූ නිධානය නැවත සොයා ගැනීණ.
රවින්ද්‍ර රන්දෙණියගේ සභාපතිත්වයෙන් යුතු ෆිල්ම් ටීම් ආයතනයට සබඳකම් ඇති ඉන්දියාවේ "ඩුන්ගාර් ෆූර්" නම් වූ නිෂ්පාදන ආයතනයක් තිබේ. එහි සභාපති සිවෙන්ද්‍ර සිං මහතා ඉකුත් දිනෙක ද ෆිල්ම් ටීම් හි මැදිහත්වීම මත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ව මුණ ගැසිණ. එම දෙපාර්ශවයේ සාකච්ඡාව අවසන් වූයේ නිධානය යළි සොයාදීමේ පොරොන්දුව පිටය. ඔහු එය පිළිබඳ හොලිවුඩ් හී "වර්ල්ඩ් ෆිල්ම් ෆවුන්ඩේෂන්" ආයතනයට දැන්වීය.
ලාබ නොතකා ලොව විශිෂ්ටම සිනමා කෘතීන් සංරක්ෂණය කරන මෙහි ප්‍රධානියා ලෙස හොලිවුඩයේ සම්භාවනීය චිත්‍රපට අධ්යක්ෂ "මාර්ටින් ස්කොර්සේසෙ" කටයුතු කරයි. ඔවුන්ගේ අධීක්ෂණයෙන් යුත් නිලධාරි මඬුල්ලක් මෙරටට පැමිණ එහි විශිෂ්ටත්වය ගැන දැනුවත් වී නිධානය සෙවීමට පටන් ගත්තේය. දැඩි පරිශ්‍රමයකින් පසු උත්සාහය සාර්ථක වූයේ ඉන්දියාවේ පූණා හි සංරක්ෂණාගාරයක එහි අනු නෙගටිව් පටයක් සොයා ගැනීමෙනි. එතුළ මුළු නිධානයම අඩුවක් නොවී තිබිණ. මේ වන විට එය මෙරටට ගෙන ඒමේ සාකච්ඡාවක නියැලෙමින් සිටින බව රවීන්ද්‍ර රන්දෙණිය පවසා සිටියි. චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අනු දැනුම යටතේ කෙටි කාලයක් අතරතුර නිධානය මෙරටදී ආයෙත් දැක ගැනීමට හැකි වන බව ඔහු පැවසීය.[1]
ඒ නම් 100 අතරට ‘නිධානය’ ද ඇතුළත් වූයේය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.