From Wikipedia, the free encyclopedia
ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.
ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ | |
---|---|
ප්‍රවර්ගය | සන්ධීය ජනරජය |
පිහිටීම | භාරත ජනරජය |
ගණන | ප්‍රාන්ත 29 මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ 7 |
ජනගහනය | ප්‍රාන්ත: 607,688 සිකිම් – 199,581,477 උත්තර් ප්‍රදේශ් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ: 64,429 ලක්ෂද්වීප් – 11,007,835 ජාතික අගනගර භූමිප්‍රදේශය |
වර්ගප්රමාණ | ප්‍රාන්ත: 1,429 square miles (3,700 km2) ගෝආ – 342,269 square miles (886,470 km2) රාජස්ථාන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ:12 square miles (31 km2) ලක්ෂද්වීප් – 3,117 square miles (8,070 km2) අන්දමන් හා නිකොබාර් දූපත් |
ආණ්ඩුව | ප්‍රාන්ත රජය, මධ්‍යම රජය (මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ) |
උපකොටස් | දිස්ත්‍රික්ක, කොට්ඨාස |
ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල සමූහාණ්ඩුව හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය රමනයියා නඩුව හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග සමවිස්තෘත හා සමාන්තික බව ය." (ඇලකුරු මූලාකෘතියෙනි)[1]
ඉතිහාසය මුළුල්ලෙහිම ඉන්දියානු උප මහාද්වීපය පාලනය කෙරී ඇත්තේ තමාගේ පාලන ප්‍රදේශයේ පරිපාලන කොට්ඨාසවල ස්වකීය ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් විවිධාකාර වූ ජනවර්ගයන් විසින් ය.[2][3][4][5][6][7][8][9][10][11] බ්‍රිටිෂ් රාජ් අවධියේ දී, මුල් පරිපාලන ව්‍යුහය ම බොහෝ දුරට පැවති අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යයින් විසින් ඍජුව ම පාලනය කළ පළාත් (ජනපද) වලට හා ඩි ෆැක්ටො පරමාධිපත්‍යය (අධීශ්වරත්වය) දැරූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති ව කුමරෙකු හෝ රජෙකු විසින් නාමමාත්රික ව පාලනය කළ රාජකීය රාජ්‍යයන් වලට බෙදන ලදී. [තහවුරු කර නොමැත]
පෙර පැවති ප්‍රාන්ත තුළින් නව ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ කිහිපයක් 1956 වර්ෂයේ පටන් නිර්මාණය විය. 1960 මැයි මස 1 වැනි දා බොම්බේ ප්‍රාන්තය බොම්බේ ප්රතිසංවිධාන පණතින් ගුජරාට් හා මහාරාෂ්ට්‍ර යන භාෂාමය ප්‍රාන්ත වලට බෙදන ලදී.[12] 1963 දෙසැම්බර් මස 1 වැනි දා නාගලන්ඩ් තැනිණි.[13] 1966 පන්ජාබ් ප්රතිසංවිධාන පණත මගින් පන්ජාබය භාෂාමය සීමාවලට බෙදන ලද්දේ, නොවැම්බර් 1 වැනි දා හර්යානා නම් නව හින්දි කථාකරන ප්‍රාන්තයක් ද,[14] පන්ජාබයේ උතුරු දිස්ත්‍රික්ක පවරන ලද හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ද, පන්ජාබයේ හා හර්යානාහි පොදු අගනගරය ලෙස නම් කළ චන්දිගාර්හ් ප්‍රදේශය මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශයක් ලෙස ද ස්ථාපිත කරමිනි.[15]
1971 ජනවාරි මස 25 වන දින හිමාචල් ප්‍රදේශ් වලට ද [16] 1972 ජනවාරි මස 21 වන දින මනිපූර්, මෙඝාලයා හා ත්‍රීපුර යන ප්‍රදේශ වලට ද [17] ප්‍රාන්ත තත්ත්වය ප්රදානය කරන ලදී. 1975 අප්‍රියෙල් මස 26 වන දින සික්කිම් රාජධානිය ප්‍රාන්තයක් ලෙස ඉන්දියානු සමූහාණ්ඩුවට එක් විය.[තහවුරු කර නොමැත] 1987 දී, පෙබරවාරි 20 වන දින අරුනාචල් ප්‍රදේශ් හා මිසෝරාම් ප්‍රදේශ ප්‍රාන්ත බවට පත්විය, ඒ අනුව මැයි 30 වන දින ගෝව ද ප්‍රාන්තයක් බවට පත්විය, ඒ අතර ගෝව ප්‍රාන්තය තුළ උතුරේ පිහිටි දමන් හා දීව් ප්‍රදේශ වෙන් වෙන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ බවට පත්විය.[18]
2000 වසරේ දී නව ප්‍රාන්ත තුනක් නිර්මාණය විණි; චටිස්ගාර්හ් (2000 නොවැම්බර් 1) නැගෙනහිර මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් නිර්මාණය විය,[19] උත්තරණ්චල් (2000 නොවැම්බර් 9), 2007 දී උත්තරාඛාන්ඩ් ලෙස යළි නම් කළ අතර,[20] වයඹදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශ වලින් නිර්මාණය විය,[21] ජාර්ඛාන්ඩ් (2000 නොවැම්බර් 15) බිහාරයේ දකුණු දිස්ත්‍රික්ක වලින් නීර්මාණය විය.[22]
2014 වසරේ දී, තෙලන්ගනා නම් නව ප්‍රාන්තයක් ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශ වලින් නිර්මාණය කරන ලදී. හයිද්‍රාබාද් නගරය අවුරුදු 10 ක් නොඉක්මවන කාලයකට එම ප්‍රාන්ත දෙකටම පොදු අගනගරය බවට පත් විය.
ඉන්දියාවේ යෝජිත ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ ලැයිස්තුව බලන්න
සිතියම | නම | ISO 3166-2 කේතය[23][24] | නිර්මිත දිනය | ජනගහනය | භූමි ප්‍රමාණය (km2) |
නිල භාෂාව(න්)[25] |
පාලන අගනගරය |
විශාලම නගරය (අගනුවර නොවේ නම්) |
ජනගහන ඝනත්වය (km2 ට) |
සාක්ෂරතාවය (%) | නාගරික ජනගහන ප්‍රතිශතය |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ආන්ද්‍ර ප්‍රදේශ් | AP | 1953 ඔක් 1 (ආන්ද්‍ර ප්‍රාන්තය ලෙස) |
49,506,799 | 160,205 | තෙළුගු | හයිද්රාබාද්සටහන 1 | විසාඛපට්නම් | 308 | 67.41%[26] | 29.6 |
2 | අරුනාචල් ප්‍රදේශ් | AR | 1987 පෙබ 20 | 1,382,611 | 83,743 | ඉංග්‍රීසි | ඊටනාගර් | 17 | 66.95 | 20.8 | |
3 | ඇසෑමය | AS | 1912 අප්‍රි 1 (ඇසෑම් පළාත ලෙස) |
31,169,272 | 78,550 | ඈසෑම, බෙංගාලි, බෝඩො | දිස්පුවර් | ගුවහාටි | 397 | 73.18 | 12.9 |
4 | බිහාරය | BR | 1936 අප්‍රි 1 | 103,804,637 | 99,200 | හින්දි, උර්දු | පැට්නා | 1,102 | 63.82 | 10.5 | |
5 | චටිස්ගාර්හ් | CT | 2000 නොවැ 1 | 25,540,196 | 135,194 | චටිස්ගාර්හි, හින්දි | නයරායිපූර් | රායිපූර් | 189 | 71.04 | 20.1 |
6 | ගෝව | GA | 1987 මැයි 30 | 1,457,723 | 3,702 | කොංකානි | පන්ජාබි | 394 | 87.40 | 62.2 | |
7 | ගුජරාටය | GJ | 1960 මැයි 1 | 60,383,628 | 196,024 | ගුජරාති | ගාන්ධිනගර් | අහමදාබාද් | 308 | 79.31 | 37.4 |
8 | හර්යානා | HR | 1966 නොවැ 1 | 25,353,081 | 44,212 | හින්දි, පන්ජාබි | චන්දිගාර්හ් (පොදු, මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශය) |
ෆරිදාබාද් | 573 | 76.64 | 28.9 |
9 | හිමාචල් ප්‍රදේශ් | HP | 1971 ජන 25 | 6,856,509 | 55,673 | හින්දි | ශිම්ලා | 123 | 83.78 | 9.8 | |
10 | ජම්මු හා කාශ්මීරය | JK | 1947 ඔක් 26 | 12,548,926 | 222,236 | දොග්රි, කාශ්මීරි, ලඩඛි, උර්දු[27] | ස්‍රීනගර් (වසන්තය) ජම්මු (සිසිරය) |
124 | 68.74 | 24.8 | |
11 | ජාර්ඛාන්ඩ් | JH | 2000 නොවැ 15 | 32,966,238 | 74,677 | හින්දි | රාන්චි | ජාම්ශෙඩ්පෝර් | 414 | 67.63 | 22.2 |
12 | කර්ණාටක | KA | 1956 නොවැ 1 | 61,130,704 | 191,791 | කන්නඩ | බැංගලෝර් | 319 | 75.60 | 34.0 | |
13 | කේරළය | KL | 1956 නොවැ 1 | 33,387,677 | 38,863 | මාලයාලම් | තිරුවනන්තපුරම් | 859 | 93.91 | 26.0 | |
14 | මධ්‍ය ප්‍රදේශ් | MP | 1947 අගෝ 15 | 72,597,565 | 308,252 | හින්දි | භෝපාල් | ඉන්දෝර් | 236 | 70.63 | 26.5 |
15 | මහාරාෂ්ට්රා | MH | 1960 මැයි 1 | 112,372,972 | 307,713 | මාරති | මුම්බායි | 365 | 82.91 | 42.4 | |
16 | මනිපූර් | MN | 1972 ජන 21 | 2,721,756 | 22,347 | මනිපුරි | ඉම්පාහ්ල් | 122 | 79.85 | 25.1 | |
17 | මෙඝාලයා | ML | 1972 ජන 21 | 2,964,007 | 22,720 | ඉංග්‍රීසි, ගාරෝ, හින්දි, කාසි, ප්නාර් | ශිලෝන් | 132 | 75.48 | 19.6 | |
18 | මිසෝරාම් | MZ | 1987 පෙබ 20 | 1,091,014 | 21,081 | මිසෝ | අයිසෝල් | 52 | 91.58 | 49.6 | |
19 | නාගලන්තය | NL | 1963 දෙසැ 1 | 1,980,602 | 16,579 | ඉංග්‍රීසි | කෝහීම | දිමාපුර් | 119 | 80.11 | 17.2 |
20 | ඔඩිෂා | OR | 1912 අප්‍රි 1 (ඔරිස්සා පළාත ලෙස) |
41,947,358 | 155,820 | ඔඩියා | භුවනේෂ්වර් | 269 | 73.45 | 15.0 | |
21 | පන්ජාබය | PB | 1947 අගෝ 15 (නැගෙනහිර පන්ජාබය ලෙස) |
27,704,236 | 50,362 | පන්ජාබ | චන්දිගාර්හ් (පොදු, මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශය) |
ලුධියානා | 550 | 76.68 | 33.9 |
22 | රාජස්ථාන් | RJ | 1950 ජන 26 | 68,621,012 | 342,269 | රාජස්ථාන, හින්දි | ජායිපූර් | 201 | 67.06 | 23.4 | |
23 | සික්කිම් | SK | 1975 මැයි 16 | 607,688 | 7,096 | නේපාල, භූතියා, ගුරුන්ග්, ලෙප්චා, ලිම්බු, මංගර්, නෙවාරි, ෂෙර්පා, සුන්වාර්, ටාමාන්ග් | ගංතොක් | 86 | 82.20 | 11.1 | |
24 | තමිල් නාඩු | TN | 1950 ජන 26 (මදුරාසිය ලෙස) |
72,138,958 | 130,058 | දෙමළ | චෙන්නායි | 480 | 80.33 | 44.0 | |
25 | තෙලන්ගනා | TG | 2014 ජූනි 2 | 35,193,978[28] | 114,840[28] | තෙළුගු, උර්දු | හයිද්රාබාද්සටහන 1 | 307 [29] | 66.50% [29] | N/A | |
26 | ත්‍රීපුර | TR | 1972 ජන 21 | 3,671,032 | 10,492 | බෙංගාලි, ත්රීපුරි | අගර්තලා | 350 | 87.75 | 17.1 | |
27 | උත්තර් ප්‍රදේශ් | UP | 1902 මාර් 22 (එක්සත් පළාත් ලෙස) |
199,581,477 | 243,286 | හින්දි, උර්දු[30] | ලක්නොව් | කන්පූර් | 828 | 69.72 | 20.8 |
28 | උත්තරාඛාන්ඩ් | UT | 2000 නොවැ 9 (උත්තරාණ්චල් ලෙස) | 10,116,752 | 53,483 | හින්දි, සංස්කෘත | දෙරදූන් (තාවකාලික) | 189 | 79.63 | 25.7 | |
29 | බටහිර බෙංගාලය | WB | 1947 අගෝ 15 | 91,347,736 | 88,752 | බෙංගාලි, ඉංග්‍රීසි | කොල්කටා | 1,029 | 77.08 | 28.0 | |
සිතියම | නම | ISO 3166-2 කේතය[23][24] | ජනගහනය | නිල භාෂාව[25] |
අගනගරය | ජනගහන ඝනත්වය (km2 ට) |
සාක්ෂරතාවය (%) | නාගරික ජනගහන ප්‍රතිශතය |
---|---|---|---|---|---|---|---|---|
A | අන්දමන් හා නිකොබාර් දූපත් | AN | 379,944 | ඉංග්‍රීසි, දෙමළ, හින්දි | පෝට් බ්ලෙයාර් | 46 | 86.27 | 32.6 |
B | චන්දිගාර්හ් | CH | 1,054,686 | ඉංග්‍රීසි, හින්දි, පන්ජාබි | චන්දිගාර්හ් | 9,252 | 86.43 | 89.8 |
C | දාද්රා හා නගර් හවේලි | DN | 342,853 | ඉංග්‍රීසි, ගුජරාති, හින්දි, මාරති | සිල්වස්සා | 698 | 77.65 | 22.9 |
D | දමන් සහ දිව් | DD | 242,911 | ඉංග්‍රීසි, ගුජරාති, හින්දි, මාරති | දමන් | 2,169 | 87.07 | 36.2 |
E | ලක්ෂද්වීප් | LD | 64,429 | ඉංග්‍රීසි, මලයාලම් | කවරත්ති | 2,013 | 92.28 | 44.5 |
F | දිල්ලි ජාතික අගනගර පාලන ප්‍රදේශය | DL | 11,007,835 | හින්දි, ඉංග්‍රීසි, පන්ජාබි, උර්දු | නව දිල්ලිය | 11,297 | 86.34 | 93.2 |
G | පුන්ඩිචෙරි | PY | 1,244,464 | දෙමළ, මලයාලම්, ඉංග්‍රීසි, තෙළුගු[35][lower-alpha 1] | පුන්ඩිචෙරි | 2,598 | 86.55 | 66.6 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.