![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/2022_Russian_invasion_of_Ukraine.svg/langsi-640px-2022_Russian_invasion_of_Ukraine.svg.png&w=640&q=50)
2022 රුසියානු යුක්රේන ආක්‍රමණය
From Wikipedia, the free encyclopedia
2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව එහි නිරිතදිග අසල්වැසියා වූ යුක්රේනය වෙත මහා-පරිමාණයේ ආක්‍රමණයක් දියත් කරන ලදී. 2014 ආරම්භ වූ රුසියානු-යුක්රේන යුද්ධයේ උච්ඡතම අවස්ථාව මෙය වෙයි. දෙවැනි ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විශාලතම සරණාගත අර්බුදය ඇති කළ[10][11] මෙම ආක්‍රමණය නිසා යුක්රේන ජාතිකයින් ලක්ෂ 43 කට රට හැරදා යාමට සිදු වූ අතර,[12] ජනගහනයෙන් හතරෙන් එකක් පමණ අවතැන් විය.[13][14]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
2022 රුසියානු යුක්රේන ආක්‍රමණය | |||||||
---|---|---|---|---|---|---|---|
රුසියානු යුක්රේන යුද්ධයෙහි හි කොටසකි | |||||||
![]() 21 ජූලි 2024 වනවිට හමුදාමය තත්වය යුක්රේනය විසින් පාලනය වන ප්‍රදේශ රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ (වඩාත් සවිස්තරාත්මක සිතියමක් සඳහා මෙම පිටුව බලන්න.) | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
සහාය දක්වන්නේ:
| |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
| |||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
| |||||||
අපාතිකයන් සහ හානි | |||||||
ආපතිකයන් සහ හානි ගැන තොරතුරු වාර්තා අනුව වෙනස් වේ. වැඩි විස්තර සඳහා ආපතිකයන් සහ මානුෂීය බලපෑම බලන්න. |
2014 යුක්රේන විප්ලවයට අනතුරුව රුසියාව යුක්රේනයට අයත්ව තිබූ ක්රිමියානු අර්ධද්වීපය අත්පත් කරගන්නා ලද අතර, රුසියාව විසින් අනුබල ලත් බෙදුම්වාදී කණ්ඩායම් යුක්රේනයෙහි ඩොන්බාස් ප්‍රදේශයෙන් කොටසක් අත්පත් කර ගන්නා ලදී. මෙය ඩොන්බාස් යුද්ධයට හේතු විය.[15][16] 2021 මුල් භාගයේ සිටම රුසියාව තම හමුදාව යුක්රේන දේශසීමාව ආසන්නයේ රැස් කරන ලදි. ආක්‍රමණයට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ, 1997 න් පසු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඒ නිසා යුක්රේනය නේටෝ සංවිධානයට එකතු වීම තහනම් විය යුතු බවත් ය. මෙම චෝදනාව නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කොට ඇත.[17] මීට අමතරව යුක්රේනය නව-නාසිවාදීන් විසින් පාලනය කෙරෙන බවටත්, ඔවුන් යුක්රේනයෙහි සුලු ජනවර්ගයක් වන රුසියානු ජාතිකයින් හට වෙනස්කම් සිදු කරන බවටත්[18] පුටින් අසත්‍ය[19] චෝදනා එල්ල කළේය.
ආක්‍රමණයට දින කිහිපයකට පෙර රුසියාව විසින් ඩොන්බාස් හී බෙදුම්වාදීන් පිහිටුවා ගත් ස්වයං-ප්‍රකාශිත රාජ්‍යයන් දෙකක් (ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය) ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගනු ලැබීය.[20] 2021 පෙබරවාරි 21 වැනිදා රුසියානු සන්නද්ධ හමුදා නැගෙනහිර යුක්රේනයට ඇතුලු විය. පෙබරවාරි 22 වැනිදා රුසියානු සෙනට් සභාව විසින් ජනපති ව්ලැදිමිර් පුටින් හට රුසියාවෙන් පිටත දී හමුදා බලය භාවිතා කිරීමට ඒකමතිකව අනුමැතිය ලබා දෙන ලදි.
පෙබරවාරි 24 වැනිදා නැගෙනහිර යුරෝපානු වේලාවෙන් (UTC+2) 05:00 ට පමණ (මොස්කව් වේලාවෙන් 06:00)[21] රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයෙහි "විශේෂ හමුදා මෙහෙයුමක්" පිළිබඳව නිවේදනය කරන ලදී. එහි අරමුණ ලෙස ඔහු ප්‍රකාශ කලේ "යුක්රේනය මිලීටරීකරණයෙන් සහ නාසිවාදීන්ගෙන් මුදාගැනීම" යි.[22][23] මිනිත්තු කිහිපයකට පසු යුක්රේනයෙහි අගනුවර වන කීව් ඇතුලුව රට පුරා ස්ථාන ගණනාවකට මිසයිල ප්‍රහාර එල්ල වුනි.[24][25] යුක්රේන දේශ සීමා ආරක්ෂක සේවාව වාර්තා කළේ යුක්රේනයේ රුසියානු සහ බෙලාරූස් දේශසීමා මුරපළවල් ප්‍රහාරයට ලක් වූ බවයි. පැය දෙකකට පසුව, රුසියානු පාබල හමුදාව විවිධ දිශාවලින් යුක්රේනයට ඇතුලු විය. මෙයට ප්‍රතිචාර ලෙස යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සේනා බලමුලු ගන්වා, යුද්ධ නීතිය පැනවූ අතර, රුසියාව සමග රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා අත් හැරීය.[26][27] රුසියාව තුල යුද්ධයට එරෙහිව සිදු කළ විරෝධතා වල ප්‍රතිඵලය වූයේ සමූහ අත්-අඩංගුවට ගැනීම් ය.
රුසියානු හමුදාව රුසියාවේ, බෙලාරූසයේ සහ යුක්රේනයේ අත්පත් කරගත් ප්‍රදේශ (ක්රිමීයාව සහ ඩොන්බාස්) වල සිට යුක්රේනය තුලට ආක්‍රමණ සිදු කළහ. ප්‍රධාන වශයෙන් කීව් නගරය, ඊසාන යුක්රේනය, නැගෙනහිර යුක්රේනය, සහ දකුණු යුක්රේනය ආක්‍රමණය කෙරුනි. මීට අමතරව බටහිර යුක්රේනයටද රුසියානු ගුවන් යානා සහ මිසයිල ප්‍රහාර එල්ල විය. රුසියානු හමුදාවන් මේ වනවිට චර්නිහිව්, කාර්කිව් (හාර්කිව්), කර්සොන් (හර්සොන්), කීව්, මරියපෝල් සහ සුමි යන නගර වෙත ළඟා වී හෝ, ඒවා වටලා හෝ ඇත. යුක්රේන හමුදා වල දැඩි ප්රතිවිරෝධය රුසියානු හමුදාවේ ප්‍රගතිය අඩු කිරීමට සමත් විය. ආක්‍රමණයට සති තුනකට පසුව, රුසියානු හමුදාවන්ට දකුණු යුක්රේනයෙහි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුනි. 2022 මාර්තු මස අග දී, රුසියානු හමුදාවෝ විනාශයට පත් වූ ජනාවාස සහ සිවිල් වැසියන්ට එරෙහි සාහසික ක්‍රියා පිළිබඳ සාක්ෂි ඉතිරි කර, කීව් නගරයෙන් ඉවත් වී ඩොන්බාස් වෙත නැවත අවධානය යොමු කළහ.
ආක්‍රමණය ජාත්‍යන්තර වශයෙන් හෙළාදකිනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම ආක්‍රමණය හෙළා දකිමින් යෝජනාවක් ඉදිරිපත් කොට රුසියාවට යුක්රේනයෙන් ඉවත් වන ලෙස බල කරන ලදී. ජාත්‍යන්තර අධිකරණය රුසියාවට හමුදා මෙහෙයුම් කිරීම නවත්වන ලෙස නියෝග කරන ලද අතර, යුරෝපීය කවුන්සිලයෙන් රුසියාව ඉවත් කරන ලදී. බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලද අතර, එමගින් රුසියාවේ සහ ලෝකයේ ආර්ථිකයට බලපෑම් ඇති විය. මීට අමතරව, යුක්රේනයට මානුෂීය සහ හමුදාමය ආධාර ලබා දෙන ලදී. ලෝකය පුරා විරෝධතා ඇතිවූ අතර, රුසියාව තුල ඇතිවූ විරෝධතා වලට රුසියානු රජයේ ප්‍රතිචාරය වූයේ සමූහ-අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය වාරණය කිරීම් ය. "යුද්ධය" සහ "ආක්‍රමණය" යන වචන භාවිතා කිරීම තහනම් කිරීම ද මෙයට අයත් විය. පෞද්ගලික ආයතන ගණනාවක්ම තම නිෂ්පාදන රුසියාවෙන් සහ බෙලාරූසයෙන් ඉවත් කරගන්නා ලදී. රුසියානු රාජ්‍ය-අනුග්ර්රහ ලත් මාධ්‍ය ආයතනවලට විකාශනය තහනම් කරන ලද අතර, ඒවා අන්තර්ජාලයෙන් ද ඉවත් කෙරුනි. රුසියාවට එරෙහි යුධ අපරාද චෝදන පිළිබඳව ජාත්‍යන්තර අධිකරණය විමර්ශනයක් ආරම්භ කරන ලදී.