2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය
From Wikipedia, the free encyclopedia
2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වූයේ නවසීලන්තය සහ එංගලන්තය අතර 2009 වසරේ මාර්තු 22 වන දින ඕස්ට්‍රේලියාවේ උතුරු සිඩ්නි ඕවල් ක්‍රීඩාංගනයේදී ය. 2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ නැතහොත් නව වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසානය සනිටුහන් වූයේ මෙම තරගයෙනි. මෙම තරගය එංගලන්තය කඩුලු හතරකින් ජයගත්තේ, ඔවුන්ගේ තුන්වන ලෝක කුසලනයත්, විදේශයකදී ලබාගත් පළමු ලෝක කුසලානයත් ලෙසයි. මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන අවසන් මහා තරගයක එකිනෙකා මුණගැසුනු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර මුණගැසුනු අවස්ථාවේදී ද එංගලන්තය ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ 1993 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය.
කාසිය වාසිය ජයගත් නවසීලන්ත කණ්ඩායමේ නායිකා හයිඩී ටිෆාන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කලාය. ඇයගේ කණ්ඩායම පන්දු වාර 47.2 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 166ක් පමණි. 9 වන ස්ථානයේ ක්‍රීඩා කරන සියළු-ඉරියව් ක්‍රීඩිකා ලුසී ඩෝලන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 48 ක් රැස්කලාය. එංගලන්ත ක්‍රීඩිකා නිකී ෂොව් ඇගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම දක්ෂතාව ලෙස ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තාය. පිලිතුරු ඉනිම ආරම්හ කල එංගලන්ත ක්‍ර්‍රීඩිකාවන් පළමු කඩුලු සම්බන්ධතාවය ලෙස ලකුණු 74ක් රැස් කලහ.[1] පසුව තවත් කඩුලු බිඳ වැටුනද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ලඟා වූයේ තවත් පන්දු 23ක්ද ඉතිරිව තිබියදිය. එම ජයග්‍රහණය සනිටුහන් වුයේ එංගලන්තය වසර 16කට පසු ලැබූ පළමු ලෝක කුසලාන ජයග්‍රහණය ලෙසයි. තරගයේ වීරයා ලෙස එංගලන්ත කණ්ඩායමේ ෂොව් නම් කරන ලදි. ඇය කණ්ඩායමට ඇතුලත් වූයේ තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අබාධයකට ලක් වු ජෙනී ගන් ක්‍රීඩිකාවට ආදේශකයක් ලෙසිනි.