හොයිසල අධිරාජ්‍යය
10වන සහ 14වන සියවස් අතර කාලයේ ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමිය පාලනය කළ කන්නඩිග අධිරාජ්‍යය / From Wikipedia, the free encyclopedia
හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි. හොයිසලයන්ගේ අගනගරය මුල්කාලීනව බේලූර් හි පිහිටා තිබූ අතර, පසුව එය හළේබීඩු වෙත ගෙනයන ලදී.
Quick Facts හොයිසල අධිරාජ්‍යය, තත්ත්වය ...
හොයිසල අධිරාජ්‍යය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1187–1343 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (1187 තෙක් බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය යටතේ) | ||||||||
අගනුවර | හළේබීඩු බේලූර් | ||||||||
පොදු භාෂා(ව) | කන්නඩ, සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම, ජෛන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• 1026–1047 | නෘප කාම II | ||||||||
• 1292–1343 | වීර බල්ලල III | ||||||||
ඉතිහාසය | |||||||||
• ආදිතම හොයිසල වාර්තා | 950 | ||||||||
• Established | 1187 | ||||||||
• අහෝසි කළේ | 1343 | ||||||||
|
Close
Quick Facts
හොයිසල රජවරු (1026–1343) | |
නෘප කාම II | (1026–1047) |
විනයාදිත්‍ය | (1047–1098) |
එරෙයංග | (1098–1102) |
වීර බල්ලල I | (1102–1108) |
විෂ්ණුවර්ධන | (1108–1152) |
නරසිංහ I | (1152–1173) |
වීර බල්ලල II | (1173–1220) |
වීර නරසිංහ II | (1220–1235) |
වීර සෝමේශ්වර | (1235–1263) |
නරසිංහ III | (1263–1292) |
වීර බල්ලල III | (1292–1343) |
හරිහර රාය (විජයනගර අධිරාජ්‍යය) |
(1342–1355) |
Close
හොයිසල පාලකයෝ බටහිර ඝාට්ස් හි මලේනාඩු නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය සහ කල්‍යාණි කලචුරීන් අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ තමිල් නාඩුවේ කාවේරි ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ ඩෙකාන් සානුවේ බටහිර ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.