සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා (කොරියානු: 서산 용현리 마애여래삼존상) පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ චුංචොංනම්-දෝ පළාතේ සෝසන්හි, උන්මන්-මියොන්හි, ගයාසන් ප්‍රදේශයේ ය.[1] මධ්‍යයේ කැටයම් කොට ඇති බුද්ධ රූපය සෙන්ටිමීටර 208ක උසින් යුක්ත ය. බුද්ධ ප්‍රතිමාවේ දකුණු පසින් සිටගත් බෝධිසත්ත්ව රුවකුත්, වම් පසින් බන්ගාසායුසං රූපයක් ද වේ. "බෙක්ජේ සිනහව" ලෙස හැඳින්වෙන කලා ලක්ෂණය මෙම කැටයම්වල ද දැකගත හැකි අතර, ස්වාභාවික පාෂාණය තුළට හාරා ප්‍රතිමාව නෙළීම සිදුවූ බෞද්ධ ප්‍රතිමාවලට මෙය මනා උදාහරණයක් ලෙස ද දැක්විය හැක. 1962 දෙසැම්බර් 20 දින මෙම කැටයම් දකුණු කොරියාවේ 84වන ජාතික වස්තුව ලෙස නම්කරන ලදී.[2][3]

Quick Facts කොරියානු නම, හංගුල් ...
සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
Thumb
කොරියානු නම
හංගුල්서산 용현리 마애여래삼존상
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයSeosan Yonghyeolli Maaeyeorae Samjonsang
මැකූන්–‍රයිෂවර්Sŏsan Yonghyŏlli Maaeyŏrae Samjonsang
Close

ලක්ෂණ

සිටගත් බුද්ධ ප්‍රතිමාවේ මුහුණ ස්ථූල ස්වභාවයක් ගනියි. එහි නෙත් "ඇප්‍රිකොට් කූපයක්" වැනි ය. කෙටි, විශාල නාසයක් සහිත අතර සිනහවෙන් යුත් මුඛයක් දැකගත හැක. මෙමගින් බෙක්ජේ රාජධානියේ ප්‍රතිමාවලට අනන්‍ය වූ දයාබරිත පෙනුමැති ස්වභාවය නිරූපණය කෙරේ. සිවුර ඝනකම් ය. සිවුරේ රැළි U-හැඩයෙන් යුතුව නැවත නැවත එල්ලා වැටේ. ශීර්ෂයෙහි පසුපස වෘත්තාකාර හැඩැති ප්‍රභා මණ්ඩලයෙහි මධ්‍යයේ නෙළුම් පෙති මෝස්තරයක් දැකගත හැකි අතර, ප්‍රභා මන්ඩලයෙහි දාරයේ ගිනි සිළු ආකාර රටාවන් දැකගත හැක.

කැටයමෙහි වම්පස කිරුළක් පැළඳ සිටින සිටගත් බෝධිසත්ත්ව රුවක් වේ. මධ්‍යයේ ප්‍රධාන බුද්ධ රූපයේ සේම මෙම බෝධිසත්ත්ව රුවෙහි ද මුහුණ මාංසලමය ස්වභාවයක් ගනියි. බෝධිසත්ත්ව රුවෙහි මුහුණු ද සිනහසෙන් අයුරින් නිර්මාණය කොට ඇත. එහි දේහයේ උඩුකය මාලයකින් සහ යට කය වළලුකර තෙක් දිවෙන දිගු වස්ත්‍රයකින් සරසා ඇත.

කැටයමෙහි දකුණු පස සිනහසෙන මුහුණකින් යුක්ත හිඳ ගත් බෝධිසත්ත්ව රූපයක් වේ. මෙම බෝධිසත්ත්ව ප්‍රතිමාවේ ද මුහුණු වටකුරු අතර, මාංසලමය ස්වභාවයක් ගනියි. බෝධිසත්ත්ව රුවෙහි දෑත්වලට දැඩි හානි පැමිණ වී ඇති නමුත්, ශේෂව ඇති කොටස් මගින් කැටයම් ශිල්පියා දැක්වූ නිපුණත්වය මැනවින් නිරූපණය කරයි. මෙම බෝධිසත්ත්ව රුව සිය වමතින් සිය දකුණු වළලුකර අල්ලාගෙන සිටින අතර, ඔහුගේ නිකට දකුණු අත මත තබාගෙන සිටියි.

මෙම කැටයමේ නිරූපිත ප්‍රධාන බුද්ධ රූපය සහ මෛත්‍රෙය බෝධිසත්ත්ව රුව මගින් "පද්ම සූත්‍රය" දේශනා කළ අවස්ථාවක් නිරූපණය වේ යැයි සැලකේ. මෙම කැටයම් ක්‍රි.ව. 6වන සියවසේ පසු භාගයේ හෝ මුල්කාලීන 7වන සියවස අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එයට හේතුව එම යුගයට ලාක්ෂණික වන දැඩි, ගෞරවාන්විත දේහ ලක්ෂණත්, රවුම් සහ පැහැදිළි කැටයම් මෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දක්නට ලැබීමයි. එසේම ලාලිත්‍යවත් විසිතුරු බෝධිසත්ත්ව රුවත්, රූපවල ඇති සජීවී භාවයත් මෙහි දී කැපී පෙනේ.

සංස්කෘතික වැදගත්කම

මෙම ප්‍රදේශය ටෙයාන් අර්ධද්වීපය වෙත වූ මාර්ගය ඔස්සේ වැටී තිබිණි. ටෙයාන් අර්ධද්වීපය චීනය සිට බෙක්ජේ සහ බුයෝ රාජධානි වෙත වූ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ද විය. මේ නිසා මෙම කලා කෘති මගින් චීනය සහ බෙක්ජේ රාජ්‍යය අතර වූ ක්‍රියාකාරී සංස්කෘතික හුවමාරුව පෙන්නුම් කරයි.

දත්ත පත්‍රිකාව

More information සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා ...
සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
වර්ගීකරණයජාතික වස්තුව 84 (දකුණු කොරියාව)
සංස්කෘතික උරුම ප්‍රභේදයගලින්-නෙළූ බුද්ධ ප්‍රතිමා (අචල උරුමය)
ලිපිනය2-1, යොංහ්යොන්-රි, උන්සන්-ම්යොන්, සෝසන්, චුංචොංනම්-දෝ
යුගයපසුකාලීන බෙක්ජේ යුගය
Close

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.