![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/2010_Sri_Lankan_Presidential_Election%252C_overall_results.png/640px-2010_Sri_Lankan_Presidential_Election%252C_overall_results.png&w=640&q=50)
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010
From Wikipedia, the free encyclopedia
2010 වසරෙහි ශ්රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්රී ලංකාවේ හයවන ජනාධිපතිවරණය විය. වසර 2011 දී සිදුවීමට නියමිතව තිබූ ඔහුගේ ධූර කාලය නිමාවීමට පෙර, නවමු ජන වරමක් උරගා බැලීමට, ධූරන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කිරීමෙන් පසුව, 2009 නොවැම්බර් 23 දිනදී මෙම මැතිවරණය ප්රකාශයට පත් කෙරිණි. [1] 2009 දෙසැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගන්නා ලද අතර, මැතිවරණය පැවැත්වුණේ 2010 ජනවාරි 26 දිනදීය. [2]
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්රකාශ කල ප්රමාණය | 74.50% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() ජනාධිපතිවරණ ප්රතිඵල සිතියම. නිල් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ විසින් දිනූ දිස්ත්රික්ක වන අතර, කොළ පෙන්නුම් කරන්නේ ෆොන්සේකා දිනූ දිස්ත්රික්ක වෙති. | |||||||||||||||||||
|
2005 නොවැම්බර් මාසයේදී, වසර-6 ක ධූර කාලයකට ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටි රාජපක්ෂ, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්ෂකයා විය. ශ්රී ලාංකික යුද්ධ හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වූ ජනරාල් සරත් ෆොන්සේකා, මැතිවරණයෙහිදී ඔහුගේ ප්රධාන ප්රතිවාදියා විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු, ප්රධාන විපක්ෂ පක්ෂ ගණනාවක් විසින්, ෆොන්සේකා වෙත සහය පලකොට තිබුණි.
භාවිතා කෙරුණු සමස්ත ඡන්ද ප්රමාණයෙන් 57% වැඩි ප්රමාණයක් ලැබූ ජනාධිපති රාජපක්ෂ, මැතිවරණ ජයග්රහණය ලැබ යළි-පත්කරනු ලැබීය.[3][4] ෆොන්සේකා වෙත ඡන්ද 40% ට වඩා වැඩි ප්රමාණයක් ලැබුණු අතර, ශ්රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ඔහු විසින් ජයග්රහණය කෙරිණි. ඉතිරි අපේඛ්ෂකයන් විසි දෙනාම එකතුව ලබා ගත්තේ ජනප්රිය ඡන්දයෙන් 0.5% ට අඩු ප්රමාණයක් පමණි.