![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c8/Linux-x86-under-qemu.png/640px-Linux-x86-under-qemu.png&w=640&q=50)
ලිනක්ස් ක'නලය
From Wikipedia, the free encyclopedia
"ලිනක්ස් කර්නලය" යනු ලිනක්ස් පවුලේ Unix-like (යුනික්ස් හා සමාන) මෙහෙයුම් පද්ධති කර්නලයකි. එසේම එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග සඳහා ප්රමුඛ උදාහරණයකි.
![]() | |
![]() Linux kernel 2.6.25.17 booting | |
විකාශකයා | Linus Torvalds and thousands of collaborators |
---|---|
OS පවුල | Unix-like |
Initial release | 1991 |
Repository | ![]() |
ලබා ගත හැක්කේ | English |
Kernel type | Monolithic |
License | GNU General Public License version 2 (only)[1][2] plus various non-freely licensed binary blobs[3] |
Official website | www.kernel.org |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Linux_kernel_ubiquity.svg/640px-Linux_kernel_ubiquity.svg.png)
එය ජීඑන්යූ ජෙනරල් පබ්ලික් ලයිසෙන්ස්(GNU General Public License) දෙවන සංස්කරණය (සමහර ස්ථීරාංග අනුරූප(Firmware images) විවිධාකාර බලපත්‍ර භාවිත කරයි) යටතේ නිකුත් කර තිබෙන අතර ලොව වටා දහස් ගණනකගේ දායකත්වය ලැබ ඇත. ඒසේම ලිනක්ස් කර්නලය ලිනක්ස් කර්නල විද්‍යුත් තැපැල් ලැයිස්තුව(Linux kernel mailing list) හරහා එදිනෙදා සංවර්ධනයට බඳුන්වේ.
ලිනක්ස් කර්නලයෙහි නිර්මාර්තෘ පින්ලන්ත ජාතික ලිනස් ටොර්වල්ඩ්ස්(Linus Torvalds) වන අතර ඒ 1991 දී ඔහුට ඇතිවූ අදහසක් අනුවය. ඔහුගේ කර්නලය සීඝ්රයෙන් අනිකුත් නිදහස් මෘදුකාංග ව්‍යාපෘති කේතකරුවන් සහ පරිශිලකයින් ආකර්ශනය කරගන්නා ලදි. මෙසේ ලොවපුරා දහස් ගණනකගේ දායකත්වය ලැබූ ලිනක්ස් කර්නලය පදනම් කර ගනිමින් අද වන විට බොහෝ ලිනක්ස් බෙදා හැරීම් නිකුත්වී ඇත.