භෞමික ග්‍රහලෝක
ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝකයකි / From Wikipedia, the free encyclopedia
භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන (ටෙරා සහ ටෙලියුස්) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.
භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ භෞතික කලාපයන් හි පැවැතිය හැකි හයිඩ්රජන්, හීලියම්, සහ ජලය යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින වායුමය ග්රහලෝකයන් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.