බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය
From Wikipedia, the free encyclopedia
බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය 1996 මැයි 30 දින 287වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. [1][2] වර්තමානයේ මෙම කෞතුක වස්තුව බුයෝ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙය සොයාගන්නා ලද්දේ, 1993දී චුංචොංනම්-දෝහි බුයෝ ප්‍රාන්තයේ න්යුංසන්-රි ප්‍රදේශයේ පුරාතන විහාර භූමියක සිදුකළ කැනීම්වලිනි. කැනීම් කටයුතුවල දී හමුවූ පුරාවස්තු 450 අතුරින් විශාලතම සොයාගැනීම වූයේ ද මෙම සුවඳ දාහකයයි.
Quick Facts කොරියානු නම, හංගුල් ...
බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 부여 능산리 출토 백제 금동 대향로 |
හන්ජා | 扶餘陵山里出土百濟金銅大香爐 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Buyeo Neungsan-ri chulto Baekje geumdong daehyangno |
මැකූන්–රයිෂවර් | Puyŏ Nŭngsanni ch'ult'o Paekche kŭmdong taehyangno |
Close
බෙක්ජේහි රන් ආලේපිත-ලෝකඩ සුවඳ දාහකය බෙක්ජේ ජනයාගේ කලා කෞශල්‍යයේ මහිමය නිරූපණය කරන අතර, එය කොරියානු කලාවේ අග්‍ර කෘතියක් ලෙස ද සැලකේ.
සුවඳ දාහකය සෙන්ටිමීටර 64ක උසින් යුක්ත ය. එහි දේහයේ විෂ්කම්භය සෙන්ටිමීටර 19ක් වන අතර බර කිලෝග්‍රෑම් 11.8කි. මෙය 6වන සියවසේ දී පමණ නිර්මාණය වන්නට ඇත.