ජාතික වස්තුව (දකුණු කොරියාව)
From Wikipedia, the free encyclopedia
ජාතික වස්තුවක් (국보; 國寶 : ගුග්බෝ) යනුවෙන් හැඳුන්වනු ලබන්නේ සිය රට සඳහා විශේෂිත කලාත්මක, සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමක් සහිත යැයි දකුණු කොරියානු රජය විසින් හඳුනාගෙන ඇති ස්පර්ශ වස්තුවක්, කලාකෘතියක්, අඩවියක්, හෝ ගොඩනැගිල්ලකි.[1] මෙම නාමය, සංස්කෘතික උරුම කමිටුවේ විචාරණයකින් පසුව පනවන ලද සංස්කෘතික උරුම ආරක්ෂණ පනත යටතේ සංස්කෘතික උරුම පාලන මණ්ඩලයේ පරිපාලකයා (CHA) විසින් නියම කරන ලද රාජ්‍යය වෙනුවෙන් නම් කරන ලද උරුම ප්‍රභේද කාණ්ඩ අටෙන් එකක් ද වේ.[2]
ජාතික වස්තුව | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 국보 |
හන්ජා | 國寶 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gukbo |
මැකූන්–රයිෂවර් | Kukpo |
බොහෝ ජාතික වස්තූන් ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ප්‍රදර්ශන අංග ද වේ. මෙයට උදාහරණ වශයෙන් ජොංමියෝ රාජකීය පාරම්පරික ආශ්‍රමය, බුල්ගුක්සා විහාරය, සොක්ගුරාම් ගුහාව, සහ හේඉන්සාහි ත්‍රිපිටක කොරියානා ග්‍රන්ථය වැනි වස්තූන් දැක්විය හැක. 2017 ජනවාරි වන විට, මෙම ලැයිස්තුවේ එකිනෙකට වෙනස් සංලේඛ 320ක් ඇතුළත් විය. ඉන් ඇතැම් ඒවා උප-සංලේඛ ගණනාවකින් ද සමන්විත විය. මෙම වස්තූන් අංකනය කොට ඇත්තේ ඒවා නම් කළ අනුපිළිවෙලට මිස ඒවායේ තනි තනි වටිනාකම සලකා නොවන බව සලකන්න.
ජාතික වස්තූන් නම් කොට ඇත්තේ දකුණු කොරියාවේ උරුම සංරක්ෂණ ක්‍රමය යටතේ ය.