පේන්ටර් ඔෆ් ද වින්ඩ්
From Wikipedia, the free encyclopedia
පේන්ටර් ඔෆ් ද වින්ඩ් (කොරියානු: 바람의 화원; හන්ජා: 바람의畫員; ප්‍රරෝ: බරම්-උයි හ්වාවොන්) යනු 2008දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය මූන් ගියුන්-යොං සහ පාක් ෂින්-යැං විසින් සිදු කරයි. මෙය ලී ජුං-මියුං විසින් රචිත ජනප්‍රිය ඓතිහාසික ප්‍රබන්ධ නවකථාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ජොසොන් චිත්‍ර ශිල්පියකු වූ ෂින් යුන්-බොක් නැමැත්තා සමහර විට කාන්තාවක් විය හැකි යැයි යන තර්කය මත පිහිටා[1][2][3] රචිත එය සිය පියාගේ මිනීමරුන් සොයායාමට පිරිමියකු මෙන් වෙස්වලා ගත් යුන්-බොක් නැමැති තරුණ සිතුවම් ශිල්පිණිය වටා ගෙතුණකි. ඇයට කිම් හොං-දෝ නැමැති විශිෂ්ට චිත්‍ර ශිල්පියා මුණගැසෙන අතර, ඔහු ඇයව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු වීමට මෙහෙයවයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා ලෙස ඔවුන් දෙදෙනා අතර ප්‍රබල මිතුදමක් ගොඩනැගේ.[4][5][6]
![]() පේන්ටර් ඔෆ් ද වින්ඩ් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | The Painter of Wind Garden of the Wind |
---|---|
ප්‍රභේදය | ප්‍රේම කථා, නාට්‍ය, කාලාන්තර |
මත පදනම්ව | ලී ජුං-මියුංගේ පේන්ටර් ඔෆ් ද වින්ඩ් |
රචනය කලේ | ලී ඉයුන්-යොං |
අධ්‍යක්ෂණය කලේ | ජං තේ-යූ ජින් හ්යුක් |
රඟපෑම | මූන් ගියුන්-යොං පාක් ෂින්-යැං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
විධායකනිෂ්පාදක(යෝ) | ලී යොං-ජූන් |
ස්ථානය(න්) | කොරියාව |
සිනෙමාරූපණය | බේ හොං-සූ |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 24 සැප්තැම්බර් 2008 (2008-09-24) – 4 දෙසැම්බර් 2008 (2008-12-04) |
පූර්වගමනය වනුයේ | Working Mom |
අනුගමනය වනුයේ | Star's Lover |
වෙබ් අඩවිය |
කොරියානු නම | |
හංගුල් | 바람의 화원 |
---|---|
හන්ජා | 바람의畫員 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Baram-ui Hwa-won |
මැකූන්–රයිෂවර් | Paramŭi Hwawon |
මෙම නාට්‍යය 2010 ෂැංහයි රූපවාහිනී උළෙලේ දී[7] ආසියානු රූපවාහිනී කතාමාලාවක් සඳහා වන විශේෂ සම්මානය ඇතුළු සම්මාන ගණනාවක්ම දිනා ඇත. 2008 SBS නාට්‍ය සම්මාන උළෙලේ දී නිළි මූන් ගියුන්-යොං ප්‍රධාන ත්‍යාගය මෙන්ම, 2009 බෙක්සං කලා සම්මාන උළෙලේ දී හොඳම රූපවාහිනී නිළිය සහ 2008 ග්‍රිමේ සම්මානය ද මෙහි රඟපෑම වෙනුවෙන් දිනාගත්තා ය.