පරිශීලක:Ishani/වැලිපිල්ල
From Wikipedia, the free encyclopedia
මුන්නේශ්වරම් කෝවිල (දෙමළ: முன்னேசுவரம் கோயில்) ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.
මුන්නේශ්වරම් කෝවිල | |
---|---|
![]() ශිව දේවාලය | |
ඛණ්ඩාංක: | 7°34′50.80″N 79°49′00.02″E |
නම | |
සංඥා නාමය: | මුන්නේශ්වරම් කෝවිල |
පිහිටීම | |
රට: | ශ්‍රී ලංකාව |
ප්‍රාන්තය: | වයඹ |
දිස්ත්‍රික්කය: | පුත්තලම |
පිහිටීම: | මුන්නේශ්වරම්, හලාවත අසල |
.ගෘහනිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය | |
ප්‍රාථමික දේවතාවා: | ශිව (සිව) |
ගෘහනිර්මාණ ශිල්ප ශෛලීයයන්: | ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය |
ඉතිහාසය | |
පිහිටවූ දින: | ආදිතම දිනය 1000 ක්‍රි.පූ. (අනුමාන) |
ගොඩනැගූ දිනය: (වර්තමාන ව්‍යුහය) | 1753 |
නිර්මාතෘ: | මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ |
පුදබිම් සංකීර්ණයේ ප්‍රධාන කෝවිල, හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩි ම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අයියනායක දෙවියන් හා කාලි මෑණියන් වෙනුවෙන් කැප කළ තවත් දේවාල තුනක් ද බෞද්ධ විහාරයක් ද පුදබිම් සංකීර්ණයට අයත් වේ. බෞද්ධ හා කතෝලික ජනතාවගේ ද පූජාවට පාත්‍ර වන මුන්නේශ්වරම් කෝවිලට 19 වැනි සියවසේ අග හාගය වන විට පැමිණි බැතිමතුන් අතරින් වැඩි පිරිසක් සිංහල බෞද්ධයින් විය. බෞද්ධ විහාරය සහ අයියනායක දේවාලය හැරුණු විට අනෙකුත් දේවාලවල පරිපාලනය හින්දුවරුන් විසින් කරගෙන යනු ලැබේ.
හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, හලාවත නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇත.
මෙම ප්‍රදේශය කෝට්ටේ රාජධානියට අයත්ව පැවති සමයේ දී කෝවිල අවට වූ ගම විශාල සංඛ්‍යාවක් ගම්වර වශයෙන් ශිව කෝවිලට ලබා දී ඇත. පෘතුගීසි ආක්රමණවලින් මෙම කෝවිල දෙවරක් ම විනාශ කෙරුණු අතර එක වරක දී ඒ මත කතෝලික දේවස්ථානයක් ද ඉදි කරන ලදී. නමුත් එම අවස්ථා දෙකෙහි දී ම බැතිමතුන් විසින් නැවත මුන්නේශ්වරම් කෝවිල ගොඩනංවන ලදී. 18 වැනි සියවසේ අග භාගයේ සිදු වූ ආගමික හා ජන ව්‍යාප්තියේ වෙනස්වීම් හේතුවෙන්, කෝවිල අවට පවතින බොහෝ ගම් සහ නගර, කෝවිල් පරිපාලනයට සහ නඩත්තුවට ඍජු දායකත්වයක් නො දැක්වුව ද මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සඳහා මරදන්කුලම හා උඩප්පුව යන ගම් ප්‍රධාන දායකත්වය සපයයි.
නව රාත්‍රී සහ ශිව රාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව, මුන්නේශ්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල, සති 4 ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා හින්දු බැතිමතුන් මෙන් ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමිකයින් ද ආගම් භේදයකින් තොර ව සහභාගී වෙයි.