ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/Solar_System_size_to_scale_mul.svg/640px-Solar_System_size_to_scale_mul.svg.png)
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
- Image 1අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි . 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා වන ඒරීස් සමග එක්ව, යුද්ධය සඳහා නික්මගිය, ෆෝබෝස් (සන්ත්රාසය/භීතිය) සහ ඩෙයිමෝස් (භීෂණය/ත්‍රාසය) අනුව යමිනි. රෝමන්වරුන් විසින් අඟහරු හැඳින්වුනු ලැබුයේ ඒරීස් යනුවෙනි. (තව දුරටත්...)
- Image 2
ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා මෙන්ම සෞරග්‍රහ මණ්ඩයලයේ දෙවැනියට විශාලම ස්වභාවික චන්ද්‍රිකාව ය. එය සෞරග්‍රහ මණ්ඩලයෙහි සැලකිය යුතු ඝන වායුගෝලයක් සහිත එකම චන්ද්‍රයා ලෙස සැළකේ. එමෙන්ම පෘථිවියට අමතරව මතුපිට ද්‍රවයන් පවතින බවට පැහැදිළි සාක්ෂි ඇති එකම ග්‍රහ වස්තුව එය වේ.
සෙනසුරුට අයත් උපග්රහයන්ගෙන් ගුරුත්වාකර්ෂනය හේතුවෙන් ගෝලාකාර හැඩයක් ගත් චන්ද්‍රයන් 7ක් ඇති අතර, ටයිටන් එයින් එකකි. එය පෘථිවියෙහි චන්ද්‍රයාට වඩා 50% ක් විශාල වන අතර (විෂ්කම්භයෙන්) එහි ස්කන්ධය සඳෙහි ස්කන්ධයට වඩා 80% කින් වැඩි ය. බ්‍රහස්පති ගේ ගැනිමීඩ් චන්ද්‍රයාගෙන් පසුව සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම චන්ද්‍රයා වන ටයිටන් බුධ ග්‍රහයාටත් වඩා විශාල ය. ටයිටන් නිරන්තරයෙන් ම ග්රහලොවක්-වැනි උපග්‍රහයෙකු ලෙස හැඳින්වෙයි. (තව දුරටත්...) - Image 3
ෆෝබෝස් (පද්ධතිමය නම් කිරීම : Mars I) යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. (අනිත් චන්ද්‍රයා වනුයේ ඩෙයිමොස්ය - Deimos) එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් (Ares) දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් (භීතිය යන අරුත) නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km(5823mi) ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් කිසිම ග්‍රහලොවක චන්ද්‍රයා මෙතරම් මව් ග්‍රහලොවට සමීපව පිහිටා නැත.ගොනුව:Fobos.JPG (තව දුරටත්...) - Image 4
- Image 5
බුධ, සිකුරු, පෘථිවිය, සහ අඟහරු, හා සෙරෙස් වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවායේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.
භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන (ටෙරා සහ ටෙලියුස්) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක. (තව දුරටත්...) - Image 6
- Image 7
🝼
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)