ද්වාරය:ජලය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2022 අගෝස්තු)
|
හැඳින්වීම
වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි.[1]
සාමාන්‍ය වහරේදී, වතුර යන්නෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය හෝ අවස්ථාව පමණක් වුවද, මෙම ද්‍රව්‍යය සඳහා ඝන අවස්ථාව වන, අයිස්, සහ වායුමය අවස්ථාව වන, ජල වාෂ්ප හෝ හුමාලය ද පවතියි. ජලය, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 71% ක් වසා පැතිර පවතියි. [2] පෘථිවිය මත, එය බොහෝ ලෙසින් සාගර සහ අනෙකුත් විසල් ජල තලයන්හිද, ජලයෙන් 1.6% පොළොව අභ්‍යන්තරයෙහි ජලධරයන්හි සහ 0.001% වාතයෙහි වාෂ්ප, වලාකුළු (ඝන හා ද්‍රව ජල අංශු වාතයෙහි අවලම්බනය වීමෙන් තැනෙයි), සහ වර්ෂාපතනය ලෙස පවතියි. [3] සාගරයන් භූතල ජලයෙන් 97% ක් දරන අතර, ග්ලැසියරයන් හා ධ්‍රැවීය අයිස් වැස්මන් 2.4% ක්ද, අනෙකුත් ගොඩබිම භූතල ජල ධාරකයන් වන ගංගාවන්, විල් හා පොකුණු තවත් 0.6% දරති. පෘථිවියෙහි ජලයෙන් ඉතා කුඩා කොටසක්, ජීවවිද්‍යාත්මක දේහයන් සහ නිමැවුනු භාණ්ඩ තුල රඳවා තැබෙයි.
තෝරාගත් ලිපි
- Image 1
වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි. (තව දුරටත්...) - Image 2
ට්‍රිටියම් ඔක්සයිඩ් (ඉංග්‍රීසි: Tritiated water, Tritium oxide, super-heavy water) හෝ 3H2O හෝ T2O ලෙසින් මුලින් හැඳින්වුනු, Super-බැර ජලය යනු, සාමාන්‍ය ජලයේ බොහෝ හයිඩ්රජන් ප්‍රමාණයක අඩංගු වන පොදුවේ පවතින හයිඩ්රජන්-1 සමස්ථානිකය වෙනුවට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, ට්‍රිටියම් නම් හයිඩ්රජන් සමස්ථානිකය අඩංගු වන, ජලය ආකාරයකි. (තව දුරටත්...) - Image 3
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ සිදුරු තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ. (තව දුරටත්...) - Image 4
ජල විද්‍යාව (Hydrology) යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, පාරිසරික විද්‍යාව, භෞතික භූගෝලීය විද්‍යාව හෝ සිවිල් සහ පාරිසරික ඉංජිනේරුකරණය යන ක්ෂේත්රයන් වල වැඩකරනු ලබයි. (තව දුරටත්...) - Image 5
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ජලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- "සීඅයිඒ- ස වර්ල්ඩ් ෆැක්ට් බුක්". මධ්‍යම ඔත්තු සංවිධානය. සම්ප්‍රවේශය 2008-12-20.
- වෝටර් වේපර් ඉන් ද ක්ලයිමෙට් සිස්ටම් සංරක්ෂණය කළ පිටපත 2007-03-20 at the Wayback Machine, විශේෂ වාර්තාව, [AGU], දෙසැම්බර්1995 (linked 4/2007). වයිටල් වෝටර් සංරක්ෂණය කළ පිටපත 2008-02-20 at the Wayback Machine UNEP.