ග්යොංබොක්ගුං
දකුණු කොරියාවේ සෝල් හි පිහිටි ජොසොන් රාජවංශයේ මහා රාජ මාලිගය / From Wikipedia, the free encyclopedia
ග්යොංබොක්ගුං (හංගුල්: 경복궁; හන්ජා: 景福宮), හෙවත් ග්යොංබොක්ගුං මාලිගය හෙවත් ග්යොංබොක් මාලිගය, යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් රාජවංශයේ ප්‍රධාන රාජ මාලිගයයි. 1395 දී නිර්මාණය වූ මෙය පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ උතුරු සෝල් හි ය. ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ පංච මහා මාලිගා අතුරින් විශාලතම මාලිගය වන ග්යොංබොක්ගුං ජොසොන් රාජවංශයේ රජවරුන්ගේ, රාජකීය නිවැසියන්ගේ, මෙන්ම කොරියානු රජයේ ද මූලස්ථානය විය.
Quick Facts ග්යොංබොක් මාලිගය, සාමාන්‍ය තොරතුරු ...
ග්යොංබොක් මාලිගය | |
---|---|
경복궁 | |
සාමාන්‍ය තොරතුරු | |
ප්‍රභේදය | රාජ මාලිගය (පැරණි) |
ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
නගරය | ජොංනෝ දිස්ත්‍රික්කය, සෝල් |
රට | දකුණු කොරියාව |
ඛණ්ඩාංක | 37°34′43″N 126°58′38″E |
වර්තමාන නිවැසියන් | කොරියාවේ ජාතික මාලිග කෞතුකාගාරය කොරියාවේ ජාතික ජන කෞතුකාගාරය |
විවෘතවූයේ | 1395 |
කොරියානු නම | |
හංගුල් | 경복궁 |
හන්ජා | 景福宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongbokgung |
මැකූන්–රයිෂවර් | Kyŏngbokkung |
Close