2015 ක්‍රිකට් ලෝක කුසලානය
ක්‍රිකට් ලෝක කුසලානයේ 11 වැන්න / From Wikipedia, the free encyclopedia
2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්විය. කණ්ඩායම් 14 ක් විසින් ක්‍රීඩාංගන 14 ක දී තරඟ 49 ක් සඳහා මුහුණ දෙන අතර එම තරඟ වලින් 26 ක් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, හොබාර්ට්, මෙල්බර්න්, පර්ත් හා සිඩ්නි යන නගරවල ද 23 ක් නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච්, ඩුනෙඩින්, හැමිල්ටන්, නේපියර්, නෙල්සන් හා වෙලිංටන් යන නගරවල ද පැවැත්විය.[1] තරඟාවලියේ අවසාන තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාව කඩුළු 7 ක ජයක් වාර්තා කළේය.
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2015 | |
---|---|
කාලය | පෙබරවාරි 14 – මාර්තු 29 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රොබින් වටය හා පිළිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
ශූරයන් | ඕස්ට්‍රේලියාව (5 වන වරට) |
සහභාගීත්වය | 14 |
තරඟ | 49 |
තරඟාවලියේ වීරයා | මිචෙල් ස්ටාක් |
වැඩිම ලකුණු | මාටින් ගප්ටිල් (547) |
වැඩිම කඩුලු | මිචෙල් ස්ටාක් (22) ට්‍රෙන්ට් බෝල්ට් (22) |
නිල වෙබ් අඩවිය | ක්‍රිකට් ලෝක කුසලානය |
← 2011 2019 → |
2011 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය සඳහා ලන්සු තබන අවස්ථාවේදීම, 2015 ලෝක කුසලාන සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට හිමිකර දෙන ලද අතර 2019 ලෝක කුසලාන සත්කාරකත්වය එංගලන්තයට හිමිවිය. 2011 ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවූයේ ඡන්ද 10 ට 3ක් ලෙස හිමිකරගත් ටෙස්ට් වරම් ලාභී ආසියානු රටවල් 4ක් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, සහ බංග්ලාදේශයයි. (ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේදී ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා පාකිස්තානයට සම-සත්කාරත්ව අයිතිය අහිමි විය). මීළඟ ලෝක කුසලාන සත්කාරකත්වය ට්‍රාන්ස් ටැස්මන් ලංසුව මගින් ඔස්ට්‍ර්ලියාවට හා නවසීලන්තයට හිමිකර දීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තදින්ම අවධාරණය කළේය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේදී මෙම තරඟාවලිය පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. පළමු වරට 1992 ක්‍රිකට් ලෝක කුසලානය එම දෙරටෙහි පවත්වන ලදී.
ඉන්දියානු උප මහද්වීපයේ පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාව, අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කල ඉන්දියාවට හිමි විය.