![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ab/Cleopatra-III-at-Kom-Ombo.jpg/640px-Cleopatra-III-at-Kom-Ombo.jpg&w=640&q=50)
ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා
From Wikipedia, the free encyclopedia
ක්ලියෝපැට්රා නැමැති වෙනත් කාන්තාවන් සඳහා, ක්ලියෝපැට්රා (වක්රෝක්තිහරණය) බලන්න
ක්ලියෝපැට්රා III (ග්රීක:Κλεοπάτρα; ක්රි.පූ. 161 - 101) යනු ක්රි.පූ. 142 – 101 දක්වා ඊජිප්තුව පාලනය කළ ඊජිප්තු රැජිනකි.
Quick Facts උපත, මරණය ...
ක්ලියෝපැට්රා III | |
---|---|
ඊජිප්තුවේ රැජින | |
![]() | |
උපත | ක්රි.පූ. 160 – 155 පමණ |
මරණය | ක්රි.පූ. 101 |
වල්ලභයා | ඊජිප්තුවේ VIIIවන ටොලමි (මාමණ්ඩිය සහ සුළු-පියා) |
දරුවන් | ටොලමි IX ටොලමි X ක්ලියෝපැට්රා IV ක්ලියෝපැට්රා සෙලීන් I ට්රිෆේනා |
රාජවංශය | ටොලමියානු |
පියා | ඊජිප්තුවේ VIවන ටොලමි |
මව | ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා |
Close
IIIවන ක්ලියෝපැට්රා, ඇගේ සැමියා වූ VIIIවන ටොලමි හෝ ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා යුවර්ජිටිස් ලෙස ද හඳුන්වයි. ඇය සිය වැඩිමහල් පුත්රයා වූ IXවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා ෆිලොමීටර් සොටෙයිරා ලෙස හඳුන්වා ඇත. ස්ට්රාබෝ අනුව, ඇයව ඇතැම් අවස්ථාවල ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා කොකේ ලෙස ද හඳුන්වා ඇත.[1]