![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/28/Ptolemy_VIII.jpg/640px-Ptolemy_VIII.jpg&w=640&q=50)
අටවන ටොලමි ෆිස්කන්
From Wikipedia, the free encyclopedia
ටොලමි VIII යුවෙර්ගිටීස් II ට්‍රයිෆන්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Εὐεργέτης Τρύφων, Ptolemaĩos Euergétēs Tryphon "ටොලමි නම් පරිත්‍යාගශීලියා, සුඛෝපභෝගියා"; ක්‍රි.පූ. 184 – ක්‍රි.පූ. 116 ජූනි 28), නැතහොත් ෆිස්කන් (Φύσκων "මහත") නම් පටබැඳි නාමයෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ විසූ රජකෙනෙකි. ඔහු ටොලමි V එපිෆේනීස් සහ ක්ලියෝපැට්රා I සයිරා රැජිනගේ ලාබාල පුත්‍රයායි. මොහුගේ රාජ්‍ය සමය තුළ සිය වැඩිමහල් සොහොයුරා වූ ටොලමි VI ෆිලොමේටර් සහ සොහොයුරිය වූ ක්ලියෝපැට්රා II අතර ප්‍රබල දේශපාලනික සහ යුධමය ගැටුමක් ඇති විය.
Quick Facts ටොලමි VIII ෆිස්කන්, රාජ්‍ය සමය ...
ටොලමි VIII ෆිස්කන් | |
---|---|
ටොලමි VIII යුවෙර්ගිටීස් II | |
![]() අටවන ටොලමිගේ කාසියක් | |
ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 169–164 පමණ ටොලමි VI සහ ක්ලියෝපැට්රා II සමඟ ක්‍රි.පූ. 144–132/1 පමණ ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III සමඟ ක්‍රි.පූ. 126–116 පමණ ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III සමඟ (ටොලමයික) |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VI සහ ක්ලියෝපැට්රා II |
අනුප්‍රාප්තිකයා | ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |
වල්ලභ | ක්ලියෝපැට්රා II ක්ලියෝපැට්රා III |
දරුවන් | ක්ලියෝපැට්රා II මඟින්: ටොලමි මෙම්ෆයිටිස් ක්ලියෝපැට්රා III මඟින්: ටොලමි IX ලැතිරොස් ටොලමි X ඇලෙක්සැන්ඩර් I ක්ලියෝපැට්රා IV ට්‍රයිෆේනා ක්ලියෝපැට්රා සෙලීනි I අයිරිනි මඟින් (?): ටොලමි ඒපියන් |
පියා | ටොලමි V එපිෆේනීස් |
මව | ක්ලියෝපැට්රා I සයිරා |
උපත | ක්‍රි.පූ. 184 පමණ[1] |
මරණය | ක්‍රි.පූ. 116 ජූනි 28 (වයස 68 පමණ)[1][2] |
Close