![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Avogadro_Amedeo.jpg/640px-Avogadro_Amedeo.jpg&w=640&q=50)
ඇවගාඩ්රෝ නියතය
දුව්යයක මෞල සංඛ්‍යාව හා සම්බන්ධ මූලික භෞතික නියතයක් / From Wikipedia, the free encyclopedia
රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ දී ඇවගාඩ්රෝ නියතය හෝ ඇවගාඩ්රෝ අංකය (සංකේත: L, NA ) යනු ද්‍රව්‍යයක මෞලයක් තුල අඩංගු සංඝටක අංශු (සාමාන්‍යයෙන් පරමාණු හෝ අණු) සංඛ්‍යාවයි. එයට මෞලයෙහි (mol ) ප්‍රතිලෝම මාන ඇති අතර එහි අගය 6.02214129(27)×1023 mol-1 (6.02214129(27)×1023 මෞලයට) වේ. [1][2][3]SI ඒකක වලදී මෞලයට (mol-1 ) ඒකක වලින් ප්‍රකාශ කිරීමේදී එම අගය හරියටම 6.02214X×1023 ලෙස සලකනු ලැබේ (මෙහි “ X “ යන්න ඉහත සදහන් අගයේ අවසාන සංඛ්යාංකයකට හෝ කීපයකට සමාන වේ , නව SI අර්ථදැක්වීම් බලන්න).
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Avogadro_Amedeo.jpg/640px-Avogadro_Amedeo.jpg)
උපත | 9 අගෝස්තු 1776 Turin, Italy (ටියුරින්, ඉතාලී) |
විපත | 9 ජූලි 1856 (වයස 79) Turin, Italy (ටියුරින්, ඉතාලී) |
ජාතිකත්වය | Italian (ඉතාලියානු) |
ක්ෂේත්රය | Physics (භෞතික විද්‍යාව) |
ආයතන | University of Turin (ටියුරින් විශ්වවිද්‍යාලය) |
හදුන්වනු ලබන්නේ | Avogadro's law (ඇවගාඩ්රෝ නියමය) Avogadro constant (ඇවගාඩ්රෝ නියතය) |
ඉහත අර්ථ දක්වන ලද රසායනික අගය සම්බන්ධිත ඇවගාඩ්රෝ සංඛ්‍යාව, ඇවගාඩ්රෝගේ කල්පිතයට අදාල ඓතිහාසික කරුණක් වන බැවින් අන්තර්ජාතික ඒකක පද්ධතිය (International System of Units) විසින් එය නැවත රසායනික සංකල්ප මත අර්ථදැක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. ඇවගාඩ්රෝ සංඛ්‍යාව යනු හයිඩ්රජන් පරමාණු ග්‍රෑම් එකක අන්තර්ගත හයිඩ්ර්ජන් පරමාණු සංඛ්‍යාව ලෙස පෙරීන් විසින් අර්ථදක්වන ලදී. පසුව එය කාබන්-12 සමස්ථානිකයෙහි ග්‍රෑම් 12 ක අඩංගු පරමාණු සංඛ්‍යාව ලෙස නැවත අර්ථදක්වන ලදී.[4] එබැවින් ඇවගාඩ්රෝ අංකය යනු මාන රහිත අගයක් සහ දෙන ලද පාද ඒකකයට සංඛ්‍යාත්මක වටිනාකමක් පමණක් ඇති නියතයකි.
NA[5] හි අගයන් විවිධ ඒකකයන්ගෙන් |
---|
6.02214129(27)×1023 mol−1 |
2.73159734(12)×1026 (lb-mol)−1 |
1.707248434(77)×1025 (oz-mol)−1 |